1 & 2. මචන් ඒ වීඩියෝ එක ආයේ උබ හොඳට බලපන්, එතන ඒ කාන්තාව තුලින් නියෝජනය වන්නේ රටේ සමස්තයනම් අපි තාම ඉන්නේ එකිනෙකා වෙනුවෙන් කාකොටා ගන්නා, සුලුදේටත් මිනී මරාගන්නා, කොටින්ම බුදුදහමක් නොගෑවුනු වන් තැනක.. එතන් පැහැදිලිවම නියෝජනය උනේ ඇගේ මානසික හා සන්ස්කෘතික හැදියවන් වැනී සමාජීය කරුනු.. එකියකගෙන් රටක් මනින්න බෑ වගේම දෙන්නෙක්ගෙන් පොලිසියම මනින්න බෑ කියන එකයි මගේ මතය..
1.ඇය එතැන ඉල්ලා සිටියේ රටවැසි අයිතිය නොවේද?
ආයුධ හෝ බෝම්බ හොයන්නට කියා කැලෑවට ගෙනගියවුන් ,
ගංගාවල් මැදට ගෙනගියවුන් මරා දැමුවෙත් මේ දීන පොලීසියම බවත්,
හම්බන්තොට එරාජ් ප්‍රනාන්දුගේ සෙල්ලම් පිස්තෝලය තවමත් හොයාගන්නට මේ දීන පොලීසියට බැරි වුනු බවත් ඇය දන්නා බව ඔබට අමතක වුණාද?
2.ඇය එතැන ඒ ආකාරයෙන් කතා කළේ නින්දෙන් අවදි වී නොව මේ සියලු පොලිස් බලහත්කාරකම්වලට එරෙහිව කුරුවල් වූ සාධාරනය වෙනුවෙන් වූ හිතුවිල්ලක් පෙරටුව,
.එසේම මේ රටේ සියලු ගෞරවනීය රටවැසියන් වෙනුවෙන් බව ඔබ විශ්වාස කරන්නේ නැද්ද?
එසේ නම්,
ඔබ නිහඬව ඉන්නේ ඇයි?
මෙම සිදුවීමේදී පොලීසිය සාධාරණීකරණය වනවා යනු තවදුරටත් මේ සමාජය නිර්වින්දනය වීමක් හැර වෙන කුමක්ද?
3.දැන් පොලීසියේ උත්සාහය ඇය මානසික රෝගී තැනැත්තියක් බව ඔප්පු කිරීමයි.
එයින් මේ දීන පොලීසිය බලාපොරොත්තු වන්නේ,
සිහිකල්පනාව ඇතිවුන් මෙවැනි දේ නොකරන බව සමාජය ඉදිරියේ ඔප්පු කර තම පොලිස් කලිසම බේරාගන්නටයි.
ඔබ සිහිකල්පනාව ඇති අයෙක්ද ? මානසික රෝගියෙක්ද ?
නීතිය අනුව ඇය වැරදි තමයි.
එත් ඇය කළේ ඒ පැවති පක්ෂපාතී නීතියට අභියෝග කිරීමයි.
එය සමස්ත ක්‍රියාවලියකට අභියෝග කිරීමක්.
නීතිය කියන්නේ හුදකලා සිදුවීමකට උත්තරයක් නොවෙයි.
4මෙය තේරුම් ගන්නට පුළුල් දේශපාලනික මනසක් අවශ්‍යයි.
*ඒනිසා මේ සිදුවීමත් මේ සොයුරිය සහ ඒ පොලිස්කාරයන් අතර ප්‍රශ්නයක් නොවෙයි.*
3. එය පොලීසියට ඔප්පු කල හැක්කක් නොවේ මා මිතුර, වෛද්‍ය විද්‍යාව මගින් එය ඔප්පු වුවහොත් එය එසේමය.. මාගෙ පෞද්ගලික මතය මෙය මානසික රෝගී තත්වයක් හෝ සන්නි රෝගයක් නොව හුදු මාන්නය හා අහන්කාරය වැනි කාරනාය..
ඉරි ඇඳි විෂේශන පදය ඔබ භාවිතා කරනුයේ අදා පාර්ශවයෙන් ඔබට සිදුවූ බලවත් අසාදාරනයක් නිසා බවත් එවැනි නිගරු කිරීමක් කිරීමට ඔබට කිසිසේත්ම අයිතියක් නොමැති බ්වත් අනෙක් කාරනා හා ** වාක්‍යන් මගින් ඔබගේ හුදු දේශපාලනමය ආකල්පයන් නියෝජනය වන බවත් එම මඩ ගොහොරේ කරනම් ගැසීම හා කොහෙවත් යන නරි නාඩගමකට කේවල් කිරීම අප දෙදෙනාගෙම කාලය කා ද්මීමක් බව පසක් කරමින් මා නිහඬ වෙමි..






