මම මේ කතා කරන්නේ මගේ අත්දැකීමෙන්,
මම හා හා පුරා කියල කාර් එකක් ගන්න හොයන කාලේ(2013) නිකමට වගේ වැල්ලවත්ත පැත්තේ BMW E30 එකක් බලන්න ගියා. වාසනාවකට වගේ එකේ රවුමක් යන්නත් අවස්ථාවක් හම්බ වුනා. ඒ රවුම ගිහින් කාර් එකෙන් බහින කොට මම හිතාගත්ත E30 මිසක් වෙන මුකුත් ගන්නේ නෑ කියල. නමුත් මුදල් සූදානම් කරගන්න කොට ඒ කාර් එක විකුණලා තිබුණා. ඊට පස්සේ රට පුරා හොයල ඇඹිලිපිටියෙන් එකක් හොයාගත්ත. පිට පොඩි පොඩි අඩුපාඩු තිබුනත් එන්ජිම එහෙම කියන්න ලෙඩක් තිබුනේ නෑ. ඒක නිසා බය නැතුව ගත්ත. මේ වෙනකොට BMW ගැන කිසිඳු අත්දැකීමක් නොතිබුණි.
ගත් සැනින් මූලික වශයෙන් පොඩි පොඩි වැඩ ටිකක් කිරීමෙන් අනතුරුව එය මාගේ එදිනෙදා වාහනය බවට පත්වුණි. පසුගිය අවුරුදු තුනටම alternator එකේ පොඩි ප්‍රශ්නයක් ඇතිවී කට්ටක් කෑවෙමි. වෙලාවට අවශ්‍ය දේ අවශ්‍ය පරිදි නිසි ප්‍රමිතියට වාහනයට ලබාදෙන්නේ නම් මේව නියම වාහන. අමතර කොටස් ගැන බැලුවොත් ජපන් බඩු වලට වඩා 2000 ක 3000 ක වෙනසක් තිබුනද කල්පැවැත්ම අතින් අනික් ඒවාට වඩා දෙතුන් ගුණයක් වැඩියි. හබි මේවට නියම කොටස දන්නේ නැතුව වෙන වෙන ඒවායේ කොටස් පොඩි පොඩි modifications කරල දැම්මොත් නම් කොපොති. අර ජර්මන් වාහන ගන්න එපා කියල කියන කෙනාට වෙලා තියෙන්නේ එහෙම දෙයක් වෙන්න ඇති. කොහොම වුනත් තමන් ලද එක් අත්දැකීමකින් මුළු වාහන වර්ගයක් ගැන නිගමනයකට එළඹීම සහ ඒ ගැන උපදෙස් දීම අනුමත කල නොහැක.
තවදුරටත් මේ වාහන වල තියන සමබරතාවය ආර්ශාකාරී බව ගැන වාද විවාද මොකටද. 1989 නිෂ්පාදිත මගේ කාර් එක එලවීමෙන් ලැබෙන තෘප්තිය වෙන මොකකින්වත් ලැබේවිය කියා මට සිතන්නවත් නොහැක. නමුත් කවුරු කෙසේ කීවත් මෙවන් වාහනයක් පාවිච්චි කරන්නා තරමක කාර් පිස්සෙක් විය යුතුය.
Just posting a photo of my lovely BMW E30 for you all.