body permit vehicles

aruna47

Well-known member

  • බොඩියක් තබන ලද වාහනයක් ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු.

    resize_full_1383334002-796390-1.jpg


    ලංකාවට මුලින්ම බොඩි පර්මිට් වාහන ගෙන්න අවසර දුන්නේ සුනාමිය නිසා එකෙන් පසුව හමුදාවේ සහ පොලිසියේ දිරාපත් වුනු වාහන සදහා body permit ගෙන්නවන්න 2005 ඉදන් දුන්නා. හුගක් අය නොදැනුවත් කම නිසා ගන්න මේ body permit වාහන නිසා. උසාවි ගානේ CID එකේ ප්‍රශ්න කිරීම් වලට යටත් වෙනවා. එකට හේතුව වාහනය නීති විරෝධී ලෙස සවි කොට විකිණීම නිසා. body permit වාහනයක් මිලදී ගනිද්දී සැලකිය යුතු දේවල් ටිකක් කියලා දෙන්නම්.


    වාහනේ පොතෙන් පටන් ගමු

    2ztgexf.jpg


    මේ පොතේ රතු පාටින් සලකුණු කර ඇත්තේ බැලිය යුතු අත්‍යවශ්‍යම දේවල් ටිකක්.

    චැසි නම්බර් - පරණ වාහනේ බෝඩියේ චැසියම අලුත් බොඩිය තියද්දි තිබිය යුතුයි. අලුත් බෝඩියට ආපු චැසි නම්බර් එක හරි යන්නේ නැහැ ඒ කියන්නේ 1990 වාහනේ චැසි නම්බර් එක මිසක් 1995 ගෙන්නපු එකේ චැසි නම්බර් පාවිච්චි කරන්න බැහැ.

    විශේෂ සටහන් - පොත duplicate නම් මාර්කට් මිල පවතින ගානට වඩා ලක්ෂ 5-8 අතර අඩුවේ. පොත duplicate වීමට හේතුව රජයේ ආයතන වල පිළිවෙලක් නැති කම. ෆයිල් දාපු දාපු තැන් වල. හුගක් මෙව්වා ගන්නේ පොලිසියෙන් ඉතින් උන් කවද්ද පිළිවෙලකට වැඩක් කරේ.. හමුදාවෙන් ගන්න වාහන නම් හුගක් පොත original. duplicate නම් පොතේ යටින් වැටෙනවා පෙර අයිතිකරුවන් හමුදාව හෝ පොලිසිය කියලා.

    එන්ජින් අංකය - එන්ජින් අංකය බොහෝ වෙලාවට වෙනස් වෙනවා. එකට හේතුව අලුතෙන් බොඩියක් ගේද්දී. අලුත් එන්ජිමකුත් ගේමට අවසර දෙනවා. පරණ එන්ජිම අයින් කරලා අලුත් එන්ජිම තියලා. පරණ එන්ජිමේ එන්ජින් අංකය අලුත් එකේ කෙටුවට ප්‍රශනයක් නැහැ.

    වාහන පන්තිය - මෝටර් කාර් කියල තියෙනවා නම් ප්‍රශනයක් නැහැ.

    බර - අලුතෙන් බොඩිය සහ එන්ජිම තැබුවාට පසු බර පොතේ සදහන් වෙන්න ඕන. බර කිරපු එකේ සහ පොතේ දෙකම එක වෙන්න ඕන. උදාහරණයකට පොතේ බර 2000kg බර සහතිකේ 1900kg නම් RMV එකෙන් check කරගන්න.

    දිග පළල උස - මේක හුගක් වැදගත් එකට හේතුව කොට දිග කිරීම. ලංකාවේ nissan patrol වගේ ජීප් කොට දිග කරලා තියෙන්නේ 32 නම්බර් තියෙන එව්වා. එකට හේතුව පොතේ දිග පළල උස සදහන් නොකර තිබීම. අරන් තියෙනවා නම් කාගේ හරි කරේ ගහපන්. කවදා හරි ඔව්වා කැරකිලා එනවා.



    පොතේ මෙසේ සදහන් වෙනවා නම් ,

    32 ප්‍රාඩෝ bj75 චැසියට kzj77,78,79 දිග බොඩිය බොඩිය (body tag බලන්න)
    32 ප්‍රාඩෝ bj70 චැසියට kzj 77,78,79 හරියන්නේ නැහැ එකට හේතුව කොට මොඩල් නිසා

    64,65 ප්‍රාඩෝ නම් කොටේ එන්නේ LJ 70 කියලා දිග නම් එන්නේ LJ 77,78,79 කියලා

    පළාත්සභා පැජෙරෝ 32 ආපු එව්වා වල නම් හුගක් ඔය ප්‍රශ්නය අඩුයි. මොකද එව්වා වලට body permit දුන්නේ හුගක් අඩුවෙන්. එකට හේතුව මෙව්වා පොලිසියට දුවපු ප්‍රමාණය අඩුයි.

    land cruiser sahara 81 එක නම් පොතේ අනිවාර්යෙන් බලන්න 31 නම්බර් ද කියලා. ගන්න නම් එපා පුතේ. 31 නම්බර් body permit තියපුවා :no: 32 52, 60,61, 65 නම් අවුලක් නැහැ බොඩි තියලා නම්. දිග සහරා එකේ වාහනේ පොතේ සදහන් වෙනවා දිග පළල උස. කොටේ සදහන් වෙන්නේ නැහැ පොතේ

    පැජරෝ ඉන්ටෙර්කුලර් නම් 64,65 හුගක් අඩුයි බොඩි පර්මිට් ආපුවා

    nissan patrol නම් 32 නම්බර් ලංකාවේ තියෙන 95% හොර කොට දිග කරපුවා තියෙන්නේ. පොතේ දිග පළල උස සදහන් වෙන්නේ නැහැ :no:

    defender නම් කොට දිග හොයාගන්න ලේසි කොට නම් මොඩල් එක 90 දිග නම් 110,130 බොඩි පර්මිට් තිබ්බත් එකයි නැතත් එකයි. මොකද 1980 ගණන් වල ඉදලා 2014 වෙනකම් වෙනස් වෙලා තියෙන්නේ එන්ජිමයි ඇතුලයි ඉස්සරහා මුනයි විතරයි :lol:

    isuzu බිග්හෝර්න් නම් චැසිය ubs55 නම් 1996 දිග බොඩියක් තියන්න පුළුවන්. කොට ආවා නම් ubs 50 කියලා ආවේ. ජල්තර් කෙස් ගොඩක් අඩුයි.


    පෙර අයිතිකරුවන් - වැඩියෙන් තියෙන තරමට හොදයි

    බොඩි පර්මිට් සමග අවශ්‍යම කරන දෙයක්. බර සහතිකය

    2uj1qbc.png


    බොඩියක් ගෙන්වීමට අවසර පත්‍රය


    6oevsz.jpg


    මේ බර සහතිකයි බොඩි පර්මිට් එකයි වාහනේ බොඩිය ලංකාවෙන් අරන් තියපු එකක් නම් එකට බොඩිය සහ එන්ජිම විකුනපු කෙනාගේ බිල නැත්නම් වාහනේ ගන්න එපා. කොච්චර ලස්සනට තිබ්බත් පොලිසි ගානේ උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙනවා.

    දැන් අලුතෙන් E නම්බර් RMV එකෙන් දෙනවා. එව්වා උනත් හොදට හොයලා බලලා ගනින්. එහෙම ගන්න අදහසක් තියෙනවා නම් ඒ ගන්න වාහනේ පොතේ විස්තර මට එවපන්. මම බලලා කියන්නම්.




     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    අම්මො මේවා ඔක්කොම බලලා වාහනයක් ගන්න ගියාම පිස්සු හැදෙනවා.. අදමයි මේවා දන්නේ.. මෙවා නොදැන වාහන අරන් කීදෙනෙක් රැවටෙනවා ඇත්ද?:shocked::shocked:
    කලින් රෙප් දුන්නලු සහෝ:(
     

    aruna47

    Well-known member
  • නැකැත් රාල;16420308 said:
    අම්මො මේවා ඔක්කොම බලලා වාහනයක් ගන්න ගියාම පිස්සු හැදෙනවා.. අදමයි මේවා දන්නේ.. මෙවා නොදැන වාහන අරන් කීදෙනෙක් රැවටෙනවා ඇත්ද?:shocked::shocked:
    කලින් රෙප් දුන්නලු සහෝ:(


    මරසිපාල වගේ ලෝන් දාලා වාහන ගන්න උන් රවට්ටන්න ලේසි. :lol::lol::lol:

    දොස්තරලා අනික් හරක්
     
    • Like
    Reactions: tas and mano3989

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අරුණ අංකල් ගේ ග්‍රහයෝ නීච වෙලාද මන්දා ඊයේ පෙරේදා ඉඳලා මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්නේ...... You must spread some Reputation around before giving it to aruna47 again.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ටයර් සයිස් එක අනිවාර්යෙන් බලන්න ඕනෙද? දැන් තියෙන ගොඩක් LJ70, patrol, defender, bighorn.... වල එහෙම තියෙන්නේ 33" මඩ් ටයර් සෙට්නේ, එතකොට ඒක පොතේ අනිවාර්යෙන් තිබිය යුතුද? වාහනේ බෝඩියෙන් පිට පැනපු ටයර් දාන්න තහනම් කතාවකුත් තියෙනවා නේද?
     

    aruna47

    Well-known member
  • ජොනී බට්ට;16420479 said:
    ටයර් සයිස් එක අනිවාර්යෙන් බලන්න ඕනෙද? දැන් තියෙන ගොඩක් LJ70, patrol, defender, bighorn.... වල එහෙම තියෙන්නේ 33" මඩ් ටයර් සෙට්නේ, එතකොට ඒක පොතේ අනිවාර්යෙන් තිබිය යුතුද? වාහනේ බෝඩියෙන් පිට පැනපු ටයර් දාන්න තහනම් කතාවකුත් තියෙනවා නේද?

    ටයර් සයිස් එක ප්‍රශනයක් නැහැ
     

    aruna47

    Well-known member
  • අරුණ අංකල් ගේ ග්‍රහයෝ නීච වෙලාද මන්දා ඊයේ පෙරේදා ඉඳලා මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්නේ...... You must spread some Reputation around before giving it to aruna47 again.

    රිදිලා නාකි සොන්නයට :P
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    දැන් අලුතෙන් E නම්බර් RMV එකෙන් දෙනවා. එව්වා උනත් හොදට හොයලා බලලා ගනින්. එහෙම ගන්න අදහසක් තියෙනවා නම් ඒ ගන්න වාහනේ පොතේ විස්තර මට එවපන්. මම බලලා කියන්නම්.

    මචං මොනවටද මේ E නම්බර්ස් දෙන්නේ

    rep+7