Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    9k=

    482515_10203149042551164_148960878_n.jpg


    අපේ කාලයේ ආශ්චර්‍යවත් ජීවන සම්ප්‍රදාය ගැන, දුක්විදලා අපි විදින සැපවත් කියන පැය 8 ජීවන තරගෙ ගැන, ෆේස්බුකියෙ තිබ්බ ෆොටෝ එකකට කෙනෙක් ලියපු එකක්... ගොඩක් ලස්සනට ලියල තිබ්බා... හරි හෝ වැරදි ලියපු ටික ලස්සනයි...විවාදාත්මකයි...කාලීනයි.... මෙන්න කතාව....

    .. අපි බ්‍රෑන්ඩඩ්ය..!! උදේට රත්මලාන ස්ටේෂමෙන් .., සමාවෙන්න රත්මලාන ස්ටේෂන් එකෙන් වැඩට එන්න ට්‍රේන් එකට නගින බ්‍රයන් බ්‍රෑන්ඩඩ් පොරක්ය..!!

    සමුද්‍ර දේවී දුම්රියට බ්‍රයන් නගින්නේ නැත්තේ ඒ වෙලාවට එන්න බැරි නිසාවත්, ඒකෙ සෙනග වැඩි නිසාවත් නොවේ. එය ඉන්දියන් බඩුවක් නිසාය..

    ඊට පසුව එන චයිනීස් ට්‍රේන් එකටත් වඩා, ඊටත් පසුව එන කොරියන් හයිඋන්දායි හෝ ජර්මන්.., නැතනම් කැනේඩියන් ට්‍රේන් එකක පරක්කු වී හෝ වැඩට යෑම බ්‍රෑන්ඩඩ් බව බ්‍රයන් දන්නේ අත්දැකීමෙන්ය..!!

    ස්ටේෂන් එකෙන් බැහැල, අත්දිග ෂර්ට් එක ඇඳපු ආඩම්බරෙන්, රතු පාට ටයිල්-ගඩොල් අල්ලපු පොෂ් පේව්මන්ට් එකේ, හෙඩ් සෙට් එකෙන් සින්දු අහගෙනම ඇවිදින බ්‍රයන් බ්‍රෑන්ඩඩ්ය..!!

    පාරෙ තියෙන ශොප්ස් වල වීදුරු බිත්ති වලින් තමන්ගේ හැඩ බල බලා යන අතරෙ එකපාරට දකින පී ඇන්ඩ් එස් වගේ පේස්ට්‍රි ශොප් එකකින් බ්‍රෙක්ෆස්ට් ගන්න බ්‍රයන් බ්‍රෑන්ඩඩ්ය..!!

    කාල එන්න ලෑස්ති වෙලා, කැන් අයි හෑව් අ ටිෂූ ප්ලීස් කියල කියන බ්‍රයන්ව, ඒ ශොප් එකේ වැඩ කරන උන්ට බ්‍රෑන්ඩඩ්ය..!!

    කොටින්ම එල් වී තරම්ම බ්‍රෑන්ඩඩ්ය..!! (එල් වී කියපු එක තේරුනේ නැත්නම්.., ම්ම්ම්.., ලංකාවෙ ඡන්දෙ ඉල්ලන නිළියො තරම්ම බ්‍රෑන්ඩඩ්ය..!! සුද්දියො රේප් කරල නඩු නැතිව ඉන්නා අපේ උන් බ්‍රෑන්ඩඩ්ය (මුළු ලොවම ප්‍රචලිතය )..!!

    ඕල්ඩ් රිසර්ව් උගුරු දෙකක් දා ගත්තම ඉංග්‍රීසි මතක් වෙන අපේ උන් බ්‍රෑන්ඩඩ්ය..!!

    මෙලෝ රහක් නැති සින්දු කියල, සල්ලි දීල හිට් කරල, තමන් පොරක් යැයි තමන්ම කියා ගන්නා ගමන්, අහවල් කෙල්ලට මගේ ඡන්දෙ දේනවා යැයි කියන අපේ උන් බ්‍රෑන්ඩඩ්ය..!!

    කුඩු බ්‍රැන්ඩඩ් නැතත් කුඩු ගේන අපේ උන් බ්‍රැන්ඩඩ්ය..!! අපි බ්‍රෑන්ඩඩ්ය..!!