BREAKING:අත්අඩංගුවට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පැහැර ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පලකළ පුද්ගලයින් දෙදෙනා CID අත්අඩංගුවට. #lka #Arrest​
     
    • Like
    Reactions: Realboss™

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධාන කළ මාධ්‍ය හමුවකට සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහර ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔවුන් පැවසුවේ සුදු වෑන් වලින් ගොස් පුද්ගලයින් පැහැර ගැනිම සඳහා රියදුරෙකු ලෙස දායක වූ අතර අනෙක් පුද්ගලයා පවසා සිටියේ එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට රත්‍රං තොඟයක් ප්‍රවාහනය කිරිමට තමා දායක වූ බවයි.

    සිදු කළ පරික්ෂණවලින් අනතුරුව අදාල පුද්ගලයින් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත
    Src:-derana
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෑන් අහනවා ඈති, කියපිය කොහෙද මිනිස්සු ගිහින් දාපු වෑව තියෙන්නේ.. ඌ මොනවා කියනවා ඈත්ද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ආලාපාලු පච රණවක ඈවරයි.. දෑවරයි.. රටින් පිටවීම තහනම් කෙරේ..

    හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ ඔහුගේ රියැදුරාට ශ්‍රී ලංකාවෙන් පිටවීම තහනම් කරමින්
    අද අධිකරණ විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ඇමැතිවරයා 2016 වසරේදී ප්‍රදීප්
    නම් තරුණයා රිය අනතුරකට ලක් කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වලට අදාලවයි.

    එදින එම අනතුර සිදුවූ අවස්ථාවේ අනතුරට ලක්වූ සන්දීල්ගේ මිතුරන් කියා සිටියේ එම රථය පැදවූයේ පාඨලී
    චම්පික රණවක මහතා විසින් බවයි.

    නමුත් පරීක්ෂණ පැවැත්වෙද්දී ඇමතිවරයා වෙනුවට වෙනත් පුද්ගලයෙකු රථය පැදවූ බවට රියදුරු ලෙස ඉදිරිපත් විය.

    පුදුමාකාර ලෙස කියා ආසන්න මාර්ග වල තිබූ සීසීටීවී දර්ශන ද සියල්ල මැකී ගොස් තිබිණි.

    අනතුර සිදු වූ දින මේ සිට මේ දක්වාම චම්පික රණවක මහතා අනතුරට ලක්වූවන් සම්බන්ධයෙන් කිසිදු
    සහයෝගයත් හෝ උපකාරයක් සිදු කර නැතැයි ඔවුන්ගේ දෙමව්පියන් සඳහන් කරති.

    අනතුරට පත් සන්දීප් මේ වනවිටත් ආබාධිත තත්ත්වයෙන් සහ රෝගී තත්ත්වයෙන් පසුවෙයි.

    lankacnews
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware

    මුගේ plan දෙකක් තිබ්බා බන්
    එකක් කොමිස් ගහන එක
    අනිත් එක පොඩි වැඩක් කරලා කෝටි ගාන දාලා ලොකු කටවුට් එකක් ගහලා අපේ ලේ පුච්චලා ඉක්මනින් මරණ එක

    :lol::lol::lol: