ඊශ්‍රායල-ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල 420 කට වඩා එල්ල කර ඇත. නමුත් අයන් ඩෝම් වැනි ඊශ්‍රායලයේ දියුණු ගුවන් ආරක්ෂක පද්ධතිය හේතුවෙන්, නාගරික ඉලක්ක වෙත ළඟා වී ඇත්තේ මිසයිල 20 ක් පමණ ප්‍රමාණයකි.

ඉරානයේ මිසයිල සංචිතය වේගයෙන් අඩුවෙමින් පවතී:

ඉරානයේ කොජිර් මිසයිල නිෂ්පාදන සංකීර්ණය වැනි ප්‍රධාන යටිතල පහසුකම් ඇතුළුව, 1,000කට වැඩි මිසයිල සහ දියත් කිරීමේ ස්ථාන (Missile aunchers) 200 කට වඩා ප්‍රමාණයක් ඊශ්‍රායලය විසින් විනාශ කර ඇත.

ඉරානයේ දෛනික මිසයිල දියත් කිරීම් තියුනු ලෙස පහත වැටී ඇත. දිනකට මිසයිල දියත් කිරීම් 200කට වඩා සිදු කළ ඉරානයට දැන් දිනකට දියත් කිරීම් සිදුකිරීමට හැකිව ඇත්තේ 20–30 පමණ සුළු ප්‍රමාණයකි.

ඉරානය සතුව තිබූ මිසයිල තොගය 3,000 සිට 1,580 දක්වා පහත වැටී ඇත. මෙම ප්‍රවණතාවය දිගටම පැවතුනහොත්, එම ප්‍රමාණය දින කිහිපයකින් 500 ට වඩා අඩු විය හැකිය.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පසුබැසීමට සිදුව ඇති ඉරානය දැන් ප්‍රධාන වශයෙන් ඉස්ෆහාන් වැනි තම භූමි ප්‍රදේශවල සිට පහරදීම් සිදුකරයි.

ඊශ්‍රායලයේ ගුවන් මෙහෙයුම් හමුවේ, ඉරානයට දරුණු මට්ටමේ ප්‍රහාර දියත් කිරීමේ හැකියාව මේ වන විට දැඩි ලෙස සීමා වී ඇත.
Source: Telegraph