BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    සුලු ජාතිකයන්ට කොරෝනා වලට මුවා වෙලා හිරිහැර කරනව :(
    image.png


    what we need is this :) ,
    stay home ,
    need this for 2 3 weeks i guess
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සුලු ජාතිකයන්ට කොරෝනා වලට මුවා වෙලා හිරිහැර කරනව :(
    image.png

    තව ටික දවසකින් රට පුරා හර්තාල් ඒවි ඔහොම හැසිරුනොත්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,753
    6,197
    113
    🇨🇦🍁

    BREAKING NEWS - කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට සිට අප්‍රේල් 20 වැනිදා දක්වා සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    BREAKING NEWS - කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට සිට අප්‍රේල් 20 වැනිදා දක්වා සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි.

    Thank You Bro. :cool:
    imo daganna ona :)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විහිලු කරන්න එපා බන් ..ඇඩිලා ඉන්නේ ඇඩිලා ..... කව්රුහරි කමක් නෑ මේකේ අත්තක් කියනව නම් එච්චරයි එතකොට අපිට ලෑස්ති වෙන්න පුළුවන් බය වෙන්න කලබල වෙන්නේ නැතුව...:( :( :(



    සිංහලුන්ටත් කැලේ පනින්න කාලේ හරි.:dull: Naked and Afraid වීඩියෝස් ටිකක් බලලා මන්නෙකුයි ටෙන්ට් එකකුයි අරං සිංහරාජේ බැහැපල්ලා:):)



     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...



    සිංහලුන්ටත් කැලේ පනින්න කාලේ හරි.:dull: Naked and Afraid වීඩියෝස් ටිකක් බලලා මන්නෙකුයි ටෙන්ට් එකකුයි අරං සිංහරාජේ බැහැපල්ලා:):)

    සිංහරාජේ බාගයක් කපලා ආණ්ඩුවෙං :lol:

    ඒ බලාපොරොත්තුව ඉවරායි. :sorry:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    BREAKING NEWS - කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට සිට අප්‍රේල් 20 වැනිදා දක්වා සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි.


    අපි ඉස්කෝලේ යන කාලේ මෙහෙම නිවාඩු දුන්නේ නෑ, බලන්න මේවයේ කැත ඊයා..., අම්මපා ...මේවා ළමයින්ගේ අධ්‍යාපනය විනාශ කරන්න රජය කරන කුමන්ත්‍රණ- - - > ඊළඟට JVP සහෝදරවරු මෙහෙම කියාවිද?:dull: :dull: :dull:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ehema badu ganna apita salli na :(
    හාල්, දර, පැනඩෝල්, වතුර, පරිප්පු වගේ ගන්න මහ ගානක් යන්නේ නැහැ නෙ මචන්
    කාගෙන් හරි ණයක් ගන්න / බඩුවක් උකස් තියන්න බැරිම නම්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ‘ප්ලාස්ටික් බෝතල් කපා ආහාර දීමේ ක්‍රමයක් හමුදාවේ නැහැ

    කුරිරු ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ දීත් අවතැන් වූ ජනතාවට පවා හැකි උපරිමයෙන් මානුෂියව සැලකූ බවත් නිරෝධායනයට යොමුකළ පිරිසට ප්ලාස්ටික් බෝතල් කපා ආහාර පාන ලබා දෙන ක‍්‍රමවේදයක් හමුදාව තුළ නොමැති බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    නිරෝධානය සඳහා යොමු කර සිටි පුද්ගලයන්ට ප්ලාසිටික් බෝතලයක් කපා කිරි කෝපි ලබා දුන් බවට සමාජ ශාලා වෙඩ් අඩවියක පළ කර තිබු ඡායාරූපයක් සම්බන්ධයෙන් ලංකාදීපය යුද හමුදාපතිවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

    ති‍්‍රවිධ හමුදාව එදා මානුෂීය මෙහෙයුමක් සිදු කර ත‍්‍රස්තවාදයෙන් රටේ ජනතාව ආරක්ෂා කර ගත් බවත් අද දවසේ කොරෝනා වෛරසය සමඟ සිදු කරනු ලබන නිරෝධායන කටයුතු සඳහා දායකත්වය ලබා දී සිදු කරන්නේ ද එවැනිම මානුෂිය මෙහෙයුමකට බව යුද හමුදාපතිවරයා කියා සිටියේය.

    විදේශ රටවල සිටිය සිටිය නොහැකි තත්ත්වයක් මත ඉතා දීර්ඝ ගමනාන්තයකින් අනතුරුව ලංකාවට පැමිණෙන පිරිසට මුහුණ දීමට සිදුවන අපහසුතාවය හේතුවෙන් ඔවුන්ට යම් ආකාරයේ වෙනස් හැඟීමක් ඇති වෙන්නට ඇති බවත් ඔවුන් කෙසේ හැසිරුණත් යුද හමුදාව ඔවුන් රැක බලා ගැනීමට නොමඳව කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

    මේ දිනවල ලංකාවට පැමිණෙන ශ්රවමිකයින්ට වඩා මීට පෙර චීනයේ වුහාන්වල සිට පැමිණි සිසුන් වෙනස් ආකාරයෙන් හැසිරුණ බවත් චීනයේ සිට එම සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට සිදුකළ මහා දැවැන්ත කර්තවය පිළිබඳ එම පිරිසට යම් අවබෝධයක් තිබු බවද හමුදාපතිවරයා කියා සිටියේය.

    මානුෂීය මෙහෙයුම කළ ආකාරයටම මෙම මෙහෙයුමේදීත් යුද හමුදාව ක්‍රියා කරන බව පැවසු හමුදාපතිවරයා සමාජයේ විවිධ පුද්ගලයින් මෙම කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වන සඳහන් කළේය.

    යුද හමුදාව බොහෝ දෙනා තමන්ගේ ඇඳ ලබා දී බිම නිදා ගෙන ඇඳවල් 2000ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කළ බවත්, එවන් කැපවීම් කළ හමුදාවට එවැනි දේ පැවසීම සුදුසු නැතැයි ද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.


    Source: http://www.lankadeepa.lk/
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචංලා කරන්න තියන එකම දේ අත්‍යවශ්‍ය බඩු ටිකක් ගෙදර ගෙනල්ලා දාගෙන පුළුවන් තරම් ගේ ඇතුලටම වෙලා මේක පැතිරෙන අවධානම අඩුකරන්න උත්සහා ගන්න එක ආණ්ඩුවට හැම දේම කරන්න බෑ. ආණ්ඩුව 50% කරනවානම් ඉතුරු 50% අපි අපේ වගකීමක් විදිහට කරන්න ඕනේ...

    මේක පැතිරෙන්න ගත්තොත් අනිවාරියයෙන්ම කොලබ ලොක්ඩවුන් කරන එක නුවනට හුරුයි මොකද කොලබ ජන ගණත්වය වැඩී..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    කොරෝනා ආසාදිත මත්තෙගොඩ රණසිංහ මහතා ආගිය තැන්

    මේ වනවිට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබන මෙරටදී හඳුනාගත් පළමු කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයා මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන ජයන්ත රණසිංහ බවත් ඔහු සීගිරිය, පොළොන්නරුව සහ මහනුවර හෝටල් කිහිපයක පසුගිය දිනවල විදේශිකයින් සමග සංචාරය කළ බවත් ඔහුගේ ආසන්න සංචාරය නොව ඊට පෙර සංචාරයේ
    කොරෝනා යයි සැක ඉතාලි ජාතිකයෙකු සිටි බවට කරුණු හෙළිව ඇති බවත් එම ඉතාලි ජාතිකයා ඉතාලියට ගිය පසු මියගියේද යන්න කරුණු සොයමින් පවතින බවත් වාර්තාවේ.
    නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ගැන තොරතුරු කිහිපයක් පමණක් ඊයේ නිල වශයෙන් රජය අනාවරණය කළ නමුත් ඔහු සාමාජිකත්වය දරන රියදුරු සංචාරක මාර්ගෝපදේශක සංගමය සිය සාමාජිකයින්ට ඔහු සමග සබඳතා පැවැත්වූවේ නම් පරීක්ෂණ කරගන්නා ලෙසට නිකුත් කළ එස්එම්එස් පණිවිඩයක් නිසා ජයන්ත රණසිංහ මහතා ගැන තවත් තොරතුරු සමාජ මාධ්‍ය වෙත නිරාවරණය විය.
    මෙලෙස ශ්‍රී ලංකාව තුළදීම ආසාදිතයෙකු හමුවු‍ණේ චීනයේ වූහාන්හි වෛරස ව්‍යාප්තියෙන් දින 71කට පසුවයි.

    ඉතාලි බස කතාකරන මාර්ගෝපදේශකයෙක් වූ ජයන්ත මහතා
    ඉකුත් පෙබරවාරි මස 25දා සිට මාර්තු 2 වැනිදා අතර කාලය තුළ ඉතාලි ජාතිකයන් සමඟ දඹුල්ල, පේරාදෙණිය, දික්වැල්ල හා මහනුවර පළමු සංචාරයෙහි නිරතව සිට ඇති බව දැනගන්නට තිබේ.
    මොහු පොලිස් වාර්තාවක් ලබාගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි පොලිසියකට දෙවරක්ම පැමිණ
    ඇත. ඒ කටුනායක ගුවන්තොටුපළට ඔහුගේ වාහනය ඇතුළු කිරීම සඳහා අවසර පත්‍රයක් ලබාගැනීම සඳහාය.
    අවසන් වරට මගපෙන්වා ඇත්තේ ඉකුත් 03 වැනිදා සිට මෙරට සංචාරයක නිරත වූ ඉතාලි ජාතිකයින් සිව්දෙනෙකුටයි.
    3 වැනිදා සිට 8 වැනිදා දක්වා සීගිරිය, පොළොන්නරුව සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කර තිබෙන ඔවුන් එම ප්‍රදේශවල හෝටල් කිහිපයකම නවාතැන් ගෙන තිබේ.
    ඉතාලි ජාතිකයින් සිව්දෙනා කටුනායක ගුවන් තොටුපළට ඇරලවූ ජයන්ත රණසිංහ මහතා පසුව මත්තේගොඩ පිහිටි තම නිවසට ද පැමිණ ඇත.

    දෙදරු පියෙකු වන 52 හැවිරිදි ජයන්ත මහතා අසනීප තත්ත්වයෙන් රෝහල් ගතකර තිබුණේ, පසුගිය 9 වැනිදායි.
    ජයන්ත රණසිංහ මහතා සාමාජිකත්වය දරන රියදුරු සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය සංගමය සෙසු සාමාජිකයින්ට යැවූ එස්.එම්.එස්. පණිවිඩියක දැක්වෙන්නේ, ජයන්ත මහතා ඇතුළු ඉතාලි ජාතිකයින් නවාතැන් ගත් හෝටල්වල රැඳී සිටියේ නම් කඩිනමින් සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමු වන ලෙසයි.
    වයස අවුරුදු 52ක් වන ජයන්ත රණසිංහ මත්තෙගොඩ ප්‍රදේශයේ නිවසක පදිංචි කරුවෙකි. ඔහුගේ පවුලේ සාමාජිකයන් නිවසේ සිටම නිරෝධායනයට ලක් කිරීමට රජයේ බලධාරීන් දැන් පියවර ගෙන තිබේ. ඔහු සංචාරය කළ ස්ථාන මෙන්ම ඔහු සමඟ ගමන් කළ ඉතාලි ජාතිකයන් සංචාරය කළ ස්ථාන පිළිබඳවද මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදුවේ.
    කලක් ඉතාලියේ රැකියාව කළ හෙතෙම මෙරටට ආවේ ඉතාලි භාෂාව පිළිබඳ හසල දැනුමින් යුක්තව බවත් පැමිණි පසු සංචාරක මාර්ගෝපදේශකයකු (guide) ලෙස කටයුතු කරන්නට පටන්ගත් බවත් පැවසේ. සංචාරකයන් මෙරටට ගෙන්වන සමාගම් කිහිපයක් හා සම්බන්ධ වී නිදහස් සංචාරක මාර්ගෝපදේශකයෙක් (guide) ලෙස ඔහු කටයුතු කරමින් සිටියේය.
    ඉකුත් පෙබරවාරි මස 25දා සිට මාර්තු 2 වැනිදා අතර කාලය තුළ ඉතාලි ජාතිකයන් සමඟ දඹුල්ල, පේරාදෙණිය, දික්වැල්ල හා මහනුවර පළමු සංචාරයෙහි නිරතව සිට ඇති කාලය තුළදී එක් ඉතාලි ජාතිකයෙකුට අසනීප තත්වයක් පැවති බවත් එම තැනැත්තා ඉතාලියට ගියේ එම අසනීපය සහිතව බවත් කරුණු හෙළිව ඇති අතර ඔහු ඉතාලියේ වාසය කරන ප්‍රදේශයේ කොරෝනා මරණ 3 ක් වාර්තාවී ඇති බවත් කියැවිණි.මෙම පුද්ගලයා එම මරණ අතර සිටීදැයි දැන් පරීක්ෂණ සිදුවේ.
    බොහෝ දුරට ජයන්ත මහතාට රෝගය වැළඳෙන්නට ඇත්තේ ඔහුගෙන් බවට අනුමාන කෙරේ.
    ආසාදිත සංචාරක මග පෙන්වන්නා ගේ ගමන් කාලසටහන පහත දක්වන්නේ ඒ හා සම්බන්ධිතව සිට සැකසහිත රෝග ලක්ෂණ පහළවූ අයගේ දැනගැනීම පිණිසය.

    25/02 Amaya Lake, Dambulla
    26/02 – Amaya Lake, Dambulla
    27/02 – Amaya Lake, Dambulla
    28/02 – Royal Kandyan , Kandy
    29/02 – Royal Kandyan , Kandy
    3/03 – Amaya Lake, Dambulla
    4/03 – Amaya Lake, Dambulla
    5/03 – Amaya Lake, Dambulla
    6/03 – Royal Kandyan , Kandy
    7/03 – Royal Kandyan , Kandy
    02/03 from Dickwella resort


    Source

    Agiya athak na kiyela mata hithune :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙට සිට සිගිති පාතාලය හිස එසවිමේ දැඩි අවදානමක් ... :shocked:
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    සුලු ජාතිකයන්ට කොරෝනා වලට මුවා වෙලා හිරිහැර කරනව :(
    image.png

    ලොකුවට පැතිරෙන්න පටන් ගත්තොත් ට පුරාම එහෙම දිස්ත්‍රික්කයම තාවකාලික රෝහල් හදන්න වෙයි චීනය කළා වගේ එතකොට අපිට කොරෝනා එපා කියලා කෑ ගහන්න වෙන්නේ නෑ කාටවත්. හොඳම දේ තමයි පක්ෂ ජාති බේද නැතුව එකතු වෙලා කොරල් ටයිල් කරන වැඩවලට සහයෝගය දීලා මේක පැතිරෙන එක අඩු කර ගන්න එක
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මචංලා කරන්න තියන එකම දේ අත්‍යවශ්‍ය බඩු ටිකක් ගෙදර ගෙනල්ලා දාගෙන පුළුවන් තරම් ගේ ඇතුලටම වෙලා මේක පැතිරෙන අවධානම අඩුකරන්න උත්සහා ගන්න එක ආණ්ඩුවට හැම දේම කරන්න බෑ. ආණ්ඩුව 50% කරනවානම් ඉතුරු 50% අපි අපේ වගකීමක් විදිහට කරන්න ඕනේ...

    මේක පැතිරෙන්න ගත්තොත් අනිවාරියයෙන්ම කොලබ ලොක්ඩවුන් කරන එක නුවනට හුරුයි මොකද කොලබ ජන ගණත්වය වැඩී..

    උන්නේ යකෝ රටට ඔය වයිරස් බුරුතු පිටින් ගත්තේ..
     
    Status
    Not open for further replies.