BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    Godak ewun hitan inne hisbulla campus eke tiyenawa kiyala. MR case ek dala ain kala kiyala minissu dan na. Tawama pohottuwa set eka Hureyy danawa Hisbullata kelewwa enisa gota porak kiyala

    Ekatamai ehenam shape eke Welikande ekak open kaley. Hisbullacampus wage echchara loku ekak tibba nan wena ewa on na.Ehenam Hisbulla muntai erala tiyenne dan😃


    බොරු කියන්න එපා බාන් දන්නේ නැත්නම් නොදන්න විදියට හිටපං . මේ ඔය කියන හිබුල්ලගේ කැම්පස් එක තමයි ඔය කොල්ලො ඉන්නේ

    FB-IMG-1583990537548.jpg

     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    වෛරසය දිගටම පැතිරගියොත් දින 10ක් ඇතුලත ස්විස් වල සෞඛ්‍ය සේවය මුලුමුනින්ම බිදවැටෙන බව වාර්තා වෙනවා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වෛරසය දිගටම පැතිරගියොත් දින 10ක් ඇතුලත ස්විස් වල සෞඛ්‍ය සේවය මුලුමුනින්ම බිදවැටෙන බව වාර්තා වෙනවා.

    ඕවා ලංකාවේ දාලා තෝව කුදලන් යාවි..මේ වෙලෙවේ 2/3 දීලා රට බෙරගනින් මචන් :frown:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක්
    March 18, 2020 10:01 am ada derana


    නව කෙරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

    නව කෙරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, බූස්ස නාවික හමුදා කඳවුරේ මහල් හතරකින් (04) යුත් ගොඩනැඟිල්ලක් නිරෝධායන කටයුතු සඳහා මෙසේ සූදානම් කර ඇත.

    මේ සඳහා නාවික හමුදා පුද්ගලයින් වෙත අවශ්‍ය උපදෙස් හා පුහුණුවීම් ලබා දීම කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය්‍ය මණ්ඩලයක් විසින් සිදු කර තිබේ.

    මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 136 දෙනෙකු හට නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ඇත.

    නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිණෙන පුද්ගලයින් හට අවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, වයිෆයි පහසුකම්, රූපවාහිනී, විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර ආදී සියලු පහසුකම් ලබා දීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

    නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ නාවික හමුදා සූපවේදීන් විසින් පිසින ලද පෝෂ්‍යදායි ආහාර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නන් හට ලබා දීමටද අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සැමන් සහ පරිප්පු ගන්න පෝළිම්වල (PHOTOS)

    සතොස ශාඛාවල නව මිලට සැමන් සහ පරිප්පු නිකුත් කිරීමත් සමග එම භාණ්ඩ මිල දී ගැනීමට පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බව වාර්තා වුණා.
    හැටන් ප්‍රදේශයේ සතොස ශාඛාව මගින් රුපියල් 65 ට පරිප්පු කිලෝවක් සහ රු 100 ට සැමන් ටින් එකක් ලබාදීම සිදු කරන නිසා එම ශාඛාවේ දිගු පෝළිම්ද ඇති වී තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
    කෙසේවෙතත් හැටන් ප්‍රදේශයේ පෞද්ගලික වෙළදුන් පවසන්නේ තමන් සැමන් ටින් එකක් රු 225 වැනි තොග මිලකට ලබා ගත් බවත්, පරිප්පු කිලෝවක්ද පාලන මිලට වඩා වැඩි මිලටකට ලබා ගත් බවයි.
    රජයේ පාලන මිලට සැමන් සහ පරිප්පු ලබාදුන්න හොත් තමන්ට ඒ තුළින් විශාල පාඩුවක් සිදු වන බවයි ඔවුන් පවසන්නේ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වෛරසය විවිධ රටවල ව්‍යාප්ත වූ රටාවේ පොදු ලක්ෂණයක් ගැන ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන්

    කොරෝනා වෛරසය බලපෑම් කළ රටවල දත්ත වාර්තා විශ්ලේෂණය කිරීමේදී දැක ගන්නට ලැබෙන පොදු තත්ත්වයක් වන්නේ වෛරසයට ගොදුරු වූ රෝගීන් වාර්තාවීම පළමු සතියට සාපේක්ෂව දෙවන තුන්වැනි සතිවලදී සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමයි.

    ප්‍රංශය තුළ පළමු සතියේදී කොරෝනා රෝගීන් 12ක් දෙවැනි සතියේදී 191ක් තෙවන සතියේදී 653ක් සිව්වන සතිය වනවිට 4499ක් වූ බවත් ඉරානයේද පළමු සතියේ සිට පිළිවෙලින් රෝගීන් 02, 43, 245, 4747ක් වශයෙන් වාර්තා වී තිබුණා.

    ඒ අනුව ශ්‍රී ලංකාව ද මේ වන විට සිටින්නේ පළමු සතියේයි.

    ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පෙන්වා දෙන්නේ ලංකාව තුළ පළමු කොරෝනා වෛරසයට ගොදුරු වූ රෝගීයා වාර්තා වෙන්නේ මාර්තු 11 වැනිදා බවයි.

    ඒ අනුව ඉදිරි සති පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් අවශ්‍ය පියවර නොගත හොත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වී අනෙක් රටවල මතුව ඇති තත්ත්වය ඇති වීමේ හැකියාවක් ඇති බවද පෙන්වා දුන්නා.
     
    Status
    Not open for further replies.