BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.
  • Sep 22, 2013
    215
    13
    18
    dinehs.png
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ස්විට්සර්ලන්තයේ සිට පැමිණි පුජකවරයාට කොරෝනා : දින 06 කට පෙර යාපනයේ ආගමික උත්සවයක් පවත්වලා

    යාපනය ප්‍රදේශයේ දී පැවති ආගමික උත්සවයකට සහභාගිවූ විදේශීය පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට ස්විට්සර්ලන්තයෙන් වාර්තා වනවා. එම පුජකයාගේ සහභාගිත්වයෙන් පසුගිය ඉරිදා යාපනය, අරියාලේ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගිවී ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පි.එස්.එම්. චාර්ල්ස් සඳහන් කර සිටියේ.
    මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර පසුව ඔහුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති අතර මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
    මෙම ආගමික උත්සවයට සහභාගිවූ පුද්ගලයින් කවුදැයි සොයා මේ වන විට පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාමසේවක නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය nethnews.lk වෙත සඳහන් කර සිටියේ.
    එමෙන්ම එම ආගමික උත්සවය පැවති ස්ථානයේ ඇති CCTV කැමරා උපයෝගී කර ගනිමින් අදාළ පුද්ගලයින් හඳුනා ගැනීමේ කටයුතු සිදුකරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
    එම ආගමික උත්සවය සඳහා පැමිණි පිරිස් ඇත්නම් ඔවුන්ට වහාම ස්වයං නිරෝධායනය වන ලෙසත්, යම් අයුරකින් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම රෝහල් ගත වීමට පෙර අදාළ අංශ දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ඉල්ලා සිටිනවා
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වෛරසයෙන් මියැදෙන ඉතාලි වැසියන්ගේ ශෝකාලාපය : අවසන් හුස්ම හෙළීමට පෙර සිය දරුවන්ගේ මුහුණ දකින්න අවසර ඉල්ලු හැටි වෛද්‍යවරියක් හෙළි කරයි

    කොරෝනා වෛරසයෙන් ජිවිතක්ෂයට පත්වන ඉතාලියේ රෝගීන් සිය අවසන් හුස්ම හෙලීමට පෙර තම ඥාතීන් සහ සමීපම හිතවතුන් දැක බලා ගැනීමේ නොනිමි ආශාවෙන් පෙළුනත් ඒ සඳහා තමන්ට සියලු දෙනාට උපකාර කිරීමට හැකියාවක් නොමැතිව ඇති බව එරට වෛද්‍යවරියක් වන Francesca Cortellaro ප්‍රකාශ කර සිටිනවා.
    මෙම වෛද්‍යවරිය මිලානෝ හි පිහිටි ශාන්ත කාලෝ බොරමියා රෝහලේ සේවය කරනු ලබනවා.
    මේ වන විට කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 4,032ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 47,000 ඉක්මවන බවයි එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.
    " එය මොන වගේ හැඟීමක්ද කියා විස්තර කරන්න පවා අපහසුයි. රෝගීන් තමන්ගේ අවසන් හුස්ම හෙලන්න පෙර ඔවුන්ගේ දරුවන් හා මුණුබුරන් දැක ගන්න අපෙන් අවස්ථාවන් ඉල්ලා සිටිනවා. ඔවුන් දන්නවා ඔවුන්ගේ අවසානය ලංවෙලා කියලා.
    එක් මහළු මවක් තමන් මියැදීමට පෙර සිට මිණිබිරිය සමග කතා කරන්න අවශ්‍ය බවට අපෙන් ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී අප ජංගම දුරකථනයකින් වීඩියෝ ඇමතුමක් ගෙන එම කාන්තාවට තම මිණිබිරිය හා සම්බන්ධ වෙන්න අවස්ථාව උදාකර දුන්නා.
    නමුත් එම කාන්තාව සිය මිණිබිරිය සමග කතා කරලා සුළු මොහොතකට පෙර අවසන් හුස්ම හෙළුවා. මම මේ වගේ අවස්ථා ගණනාවකට මුහුණදී තිබෙනවා" එම වෛද්‍යවරිය කියා සිටියා.
    http://nethnews.lk/article/75460
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තරුණයන්ට පණිවුඩයක්

    ලොව පුරා සිටින තරුණ ප‍්‍රජාව නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
    ඔවුන් නව කොරෝනා වෛරසයෙන් නිදහස් වන කාණ්ඩයක් නොවන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. එබැවින් ගෝලීය වශයෙන් වසංගත තත්ත්වයක් පවතින පසුබිමක් තුළ තරුණ ප‍්‍රජාව වැඩිහිටි පුද්ගලයින් සමග සමාජගතවීම හෝ ඔවුන් සමග සමීප සන්නිවේදන පැවැත්වීමෙන් වැළකිය යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
    ඒ අනුව තරුණ ප‍්‍රජාව සිදුකරන තෝරා ගැනීම තවත් පුද්ගලයෙකුගේ ජීවිතය හෝ මරණය පිළිබඳ ගන්නා තීරණයක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. මේ අතර අමෙරිකානු උප ජනාධිපති කාර්යාලයේ කාර්යය මණ්ඩල සාමාජිකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
    ඔහු ඉකුත් දින කිහිපයේදී උප ජනාධිපති මයික් පෙන්ස් සමග සමීපව රාජකාරී කටයුතු කල අයෙකු බවයි අමෙරිකානු උප ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. මේ අතර සිංගප්පූරුවෙන් අද ප‍්‍රථමවරට නව කොරෝනා මරණ වාර්තා වුණා. වෛරසය ආසාදනයවීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික පිරිමි පුද්ගලයෙකු හා 75 හැවිරිදි සිංගප්පූරු ජාතික කාන්තාවක්.
    ඔවුන් දෙදෙනාම හෘද රෝගවලින් පෙළුනු පුද්ගලයින් බවයි විදෙස් වාර්තා පැවසුවේ. සිංගප්පූරුවෙන් මේවනවිට නව කොරෝනා ආසාධිතයින් 385 දෙනෙකු වාර්තා වනවා. මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ද පළමු නව කොරෝනා මරණය වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි සවුදි ජාතිකයෙක්. ඔහු හෘදයාබාද තත්ත්වයකින් ද පෙළුනු පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
    http://nethnews.lk/article/75461
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,069
    113
    Loading...
    :( මතක් වෙනකොටත් එපා වෙනවා.

    මගෙත් නිකන් උගුරෙ මොනවද බැඳිලා වගේ ඊයෙ ඉඳලා. උණු වතුර බිව්වා. හොඳක් නැහැ. මාස්ක් එකක් නම් දැම්මා. ඊයෙ මිනිස්සු ඉන්න තැනකට ගිහින් ආවා curfew දාන්න කළින්. එහෙම බැලුවොත් මටත් වැඩේ හරි වගේ. මැරෙනව නම් මැරෙයි. හැමදාම ජීවත්වෙන්න කවුරුවත් ඇවිත් නැහැනෙ. ඔච්චර හිතන්න එපා. :)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113
    Sinhalu hoda aranchiyak lankawe antibiotic denawalu thawa lungs walata treat drug ekka ae dose wadalu corona walata
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අද කොළඹ ඉදන් ගෙදර ආවා පාරෙ 100 ට වෙනදා මේ වෙලේට 50 ටවත් එන්න බෑ. ගෙවල් ලග ශෙඩ් එකෙන් ෆුල් ටෑන්ක් ගහ ගත්තා. පාරෙ බලු බල්ලෙක් නෑ. සොම්බි ඇටෑක් එකක් ඇවිත් මිනිස්සු වඳ වෙලා වගේ ෆීලින්ග් එකක් එන්නෙ.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අද කොළඹ ඉදන් ගෙදර ආවා පාරෙ 100 ට වෙනදා මේ වෙලේට 50 ටවත් එන්න බෑ. ගෙවල් ලග ශෙඩ් එකෙන් ෆුල් ටෑන්ක් ගහ ගත්තා. පාරෙ බලු බල්ලෙක් නෑ. සොම්බි ඇටෑක් එකක් ඇවිත් මිනිස්සු වඳ වෙලා වගේ ෆීලින්ග් එකක් එන්නෙ.
    ඇයි උබ හිතන්නෙහ් කර්ෆිව් දැම්මම මිනිස්සු පාරට ඇවිල්ලා උබටහ් පෙන්නහ් ඉන්නහ් ඔනි කියලද ? :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    අද කොළඹ ඉදන් ගෙදර ආවා පාරෙ 100 ට වෙනදා මේ වෙලේට 50 ටවත් එන්න බෑ. ගෙවල් ලග ශෙඩ් එකෙන් ෆුල් ටෑන්ක් ගහ ගත්තා. පාරෙ බලු බල්ලෙක් නෑ. සොම්බි ඇටෑක් එකක් ඇවිත් මිනිස්සු වඳ වෙලා වගේ ෆීලින්ග් එකක් එන්නෙ.
    sim wikunala gatta ct100 ekeda awe :rolleyes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මගෙත් නිකන් උගුරෙ මොනවද බැඳිලා වගේ ඊයෙ ඉඳලා. උණු වතුර බිව්වා. හොඳක් නැහැ. මාස්ක් එකක් නම් දැම්මා. ඊයෙ මිනිස්සු ඉන්න තැනකට ගිහින් ආවා curfew දාන්න කළින්. එහෙම බැලුවොත් මටත් වැඩේ හරි වගේ. මැරෙනව නම් මැරෙයි. හැමදාම ජීවත්වෙන්න කවුරුවත් ඇවිත් නැහැනෙ. ඔච්චර හිතන්න එපා. :)

    ඔක නම් කොරෝන නෙවෙයි වෙන්න පලවන්...අනික කොරෝනා හැදෙන සමහර අය තමන්ට කොරෝන කියලවත් දන්නේ නෑ බං..
    මොකද ගොඩ දෙනෙකට රෝග ලක්ෂණ ටිකක් පහල වෙලා ඇගෙන්ම ඒක අයින් කරලා දානවා..
    සමහර අයට උග්ර රිදිලා ටිකක් උණ අරන් ටිකක් ඩයරියා වලට ඇවිල්ලා නිකම්ම ප්රතිශක්තිකරණ පද්ධතිය මගින් අයින් වෙලා යනවා:yes:
    මොනව වනත් වැටන්න එපා...ඔය ගතිය ඉක්මනින්ම ඇරිලා යයි..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක දැන් හිරවෙනවා. අලුත් එකකට යන්න
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි උබ හිතන්නෙහ් කර්ෆිව් දැම්මම මිනිස්සු පාරට ඇවිල්ලා උබටහ් පෙන්නහ් ඉන්නහ් ඔනි කියලද ? :lol:

    :sorry::sorry: නෑ බං ටිකක් දුර යද්දි හෙන ඩල් ගතියක් ආවා ඔක්කොම පාලුවට ගිහින් පට්ට මූසලයි
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ඕක තවම proven නෑ බං .
    Hydroxychloroquine and Azithromycin ගැන ඔය කියන්නෙ.
    ඇන්ටි බයෝටික් බීල ලෙඩේ හොද කරගත්තත්
    ආයෙත් ලෙඩේ හැදෙයි නේද .
    ඇගෙන්ම ඉමියුනිටි එකක් හැදුනේ නැති නිසා .
     
    Status
    Not open for further replies.