breaking news හොන්ඩාත් ඉවරයි

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    breaking news හොන්ඩාත් ඉවරයි

    යෙන් මුදලේ අගය වැඩිවීම, තායිලන්තයේ ගංවතුර හා ජපානයේ සුනාමි ව්‍යසනය වැනි හේතු නිසා ජපානයේ තෙවැනියට විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන හොන්ඩා සමාගම දැඩි පසුබෑමකට ලක්ව ඇත.



    මේ පිළිබඳව වාර්තා කරමින් බී.බී.සී. ලෝක සේවය පවසන්නේ හොන්ඩා සමාගමේ ලාභය පසුගිය වසරේ තෙවන කාර්තුවේදී සියයට 41 කින් පහළ බැස තිබෙන බවයි.මේ අනුව, එම කාර්තුවේදී සමාගමේ ලාභය යෙන් බිලියන 47.6 ක්වී තිබෙන අතර එය ඊට ඉහත වසරේ අදාළ කාර්තුවේදී යෙන් බිලියන 81.1 ක්වී තිබේ.

    සමාගමේ ඉදිරි වර්ධන ඉලක්කද පහළ දමා තිබෙන බව වැඩිදුරටත් සඳහන්ය.යෙන් මුදල අධි ප්‍රමාණයවීම නිසා පිටරටවල ගැණුම් කරුවන්ට ජපාන මෝටර් රථ මිල වැඩිවීම නිසා හොන්ඩා රථවල ඉල්ලුම අඩුවී තිබෙන බවද වාර්තා වේ.