කෝටි 175 පොන්සි වංචාව
ලක් සක්විත්තෝ ලන්ඩනයේදී ඉන ඉහ අතගාති
විභව පොන්සේකා
ලන්ඩන් නුවර › ලාංකිකයන් ඇතුළු සිය දෙනකුට වඩා තැන්පත්කරුවනට කෙටි කාලීන තැන්පතු සඳහා සියයට 48 ක් දක්වා පොලිය දෙන බව කියමින් හය දෙනකුගේ කල්ලියක් පවුම් කෝටියක් හෙවත් රුපියල් කෝටි 175 ක් වංචා කළ අයුරු ලන්ඩනයේ සවුත්වෝක් අධිකරණයේ විනිසුරු ඇන්තනි පිට්ස් ඉදිරියේ දී සඳහන් විය.
zපොන්සිZ වංචාව නමින් හැඳින්වෙන මේ වංචාවට අසුවී ගේ දොර හා සිය ඉතිරිකිරීම් අහිමි වූ අය ද වෙති. අපරාධ මගින් උපයන කළු සල්ලි නීත්‍යනුකූල මුදල් බවට පත් කැරගැනීමේ ජාවාරමේ මහා මොළකාරයා විභව පොන්සේකා (41) නම් › ලාංකිකයෙකි. වංචා චෝදනා මාලාවකට වැරදිකරුවූ ඔහුට ගිය වසරේ අටවසරක සිරදඩුවමක් නියම විය. මේ වංචාවේ තවත් මූලිකයකු වන ඇමෙරිකා ජාතික ජෝන් නාපෝලි (51) බදාදා (26) ලන්ඩන් අධිකරණය හමුවේ පැවසුයේ වංචා කළ මුදල් ගෙවන බවයි. හිර දඩුවමෙන් බේරීමේ අවසන් උත්සාහය එය බව පැවසේ.
පොන්සේකා ඔහුගේ ලාංකික මිතුරන් ද, ඒ මිතුරන්ගේ මිතුරන් ද මේ ජාවාරමට හවුල් කර ගැනීම සඳහා කුමාර ජීවිතයක් ගත කළ බවත් බටහිර ලන්ඩනයේ හන්ස්ලෝහි ස්ප්‍රිං ග්‍රෝව් ක්‍රෙසන්ට්හි පවුම් සොළොස් ලඬයක් හෙවත් රුපියල් විසි අට කෝටියක් වටිනා මහා මන්දිරයක ජීවත්වෙමින් ලොව ඉස්තරම්ම ඇඳුම් පැළැඳුම් හා රන් අබරණ පළදිමින්, අති සුඛෝපභෝගී එතෙර නිවාඩු ගතකරමින්, එවැනිම සුඛෝපභෝගී මෝටර් රථ කුලියට ගෙන ගමන් බිමන් ගිය බවත් උසාවියේ දී කියැවි‚.
ජෝන් ජේම්ස් / ජෝන් නාපෝලි
මේ ජාවාරමට හවුල් වූ ජෝන් ප්‍රැන්සිස් නාපෝලි, ජෝන් ඒබ්‍රහම් ෙජ්මිස් හා මුස්ටාක් අහමඩ් කළු සල්ලි තැන්පත් කිරීම සඳහා එතෙර බැංකු ගිණුම් ජාලයක් සැකැසී යැයිද කියති.
ලන්ඩනයේ කිංස්බරියේ සමන්ත කෝරලගේ (38) මිඩ්ල්සෙක්ස්හි අයිකන්හැම්හි උපුල් ද සොයිසා (60) අනවසර තැන්පතු එකතු කළැයි වැරැදිකරුවෝ වූහ. ඔවුනට එරෙහි දඩුවම් සිකුරාදා (28) අද පැනැවීමට නියමිතය.
Source: Lankadeepa.lk