Breaking News! MIG-27 crashed

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    ow bn mamath seen eka dakka.. thiyenneth 2i 3i mun ekath vattanawa..
    kohoma hari Jivithe beruna eka loku deyak..
    mokak welada kiyala hariyatama dannawada ?

    ..................................................​
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ප:ව 2:50
    කටුනායක ගුවන්තොටුපළින් ගුවන් ගතවී පුහුණුවෙමින් පවතින අවස්ථාවක බිංගිරිය, දුම්මලසූරිය, හැවන ප්‍රදේශයේ ඇති
    සණස බැංකුවක් අසලටයි අනතුරට පත් මෙම මිග්-27 ප්‍රහාරක යානය කඩා වැටී තිබෙන්නේ.

    කඩා වැටුන මෙම යානය මේ වනවිට ගිනිගනිමින් පවතින අතර ගින්න නිවා දැමීමට කටයුතු කරන බවත්,
    අනතුරට හේතුව පිළිබඳව ගුවන් හමුදාව පරීක්ෂණ පවත්වන බවත් වාර්තා වෙනවා.

    ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කපිතාන් ඇන්ඩි විජේසූරිය කියා සිටිෙය් කටුනායක සිට නාවික සැතපුම් 17 ක් දුරින්
    මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් නියමුවා ස්වයංකී‍්‍රයව ජෙට් යානයෙන් ඉවත්වී
    අනතුරකින් තොරව සිය පැරෂුයෙන් දුම්මලසූරිය වැලිපැන්නගහමුල මීපුර වත්තට බැස සිටි බවයි.

    ප:ව 2:22
    මීට සුළු මොහොතකට පෙර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග්-27 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

    කටුනායක ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ මෙම යානය අනතුරට ලක්ව ඇත්තේ දහවල් 1.35 ට පමණ බිංගිරිය දුම්මලසූරිය ප්‍රදේශයේදියි.


    පසුගිය වසරේ මාර්තු 01 වෙනිදාද කෆීර් යානා 02 ක්‌ එකට ගැටීම නිසා යානා දෙකකම අනතුරට පත් වුණා.
    ඒ ගුවන් හමුදාවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් රත්මලානේදී පැවැත්වීමට නියමිත ගුවන් යානා සංදර්ශනය සඳහා පෙරහුරුවක නිරතව සිටියදීයි

    ගොසිප්9