TNL රූපවාහිනයට අදාල විකාශන සංක්යාත හිරු TV වෙත ලබාදි තිබේ
අපේ සංඛ්‍යාත වෙනත් සමාගමකට නීති විරෝධීව දීලා
![]()
තම ආයතනයට වෙන්කර ඇති සංඛ්‍යාත වෙනත් සමාගමකට නීති විරෝධී ලෙස ලබාදී ඇතැයි චෝදනා කරමින් ටෙල්ෂාන් නෙට්වර්ක්ස් පුද්ගලික සමාගමේ සභාපති ශාන් වික්‍රමසිංහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලලිත් වීරතුංග හා අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට වෙත ලිපි දෙකක් යවා තිබේ.ශාන් වික්‍රමසිංහ විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලලිත් වීරතුංග වෙත යැවූ ලිපියේ දැක්වෙන්නේ කොමිසම තම හිතවතුන්ට නව ආරම්භයක් ගෙන ප්‍රතිසංවිධානයවීමට ඉඩ ලබාදීම හේතුවෙන් රූපවාහිනි නාලිකා කිහිපයකටම මෙම ගැටලුව බලපා ඇති බවය.
වසර 20ක් පුරා තම ආයතනය භාවිත කළ යූඑච්එෆ් චැනල් 26 ඔස්සේ විකාශන කටයුතු කටයුතුවලට මේ වනවිට බාධා මතුව ඇතැයි පැමිණිලි ලැබෙන බව ශාන් වික්‍රමසිංහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිටට යැවූ ලිපියේ දැක්වේ.ශාන් වික්‍රමසිංහ පවසන්නේ ඒ පිළිබඳව කළ සොයාබැලීමේදි ඒබීසී නෙට්වර්ක් ආයතනයට යූඑච්එෆ් චැනල් 26 ඔස්සේ විකාශන කටයුතු සදහා මාතලේ රත්තොට ගම්මඩුව කිලෝවොට් 10ක විකාශන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඉඩදී ඇතැයි හෙලිවූ බවය.මෙම නීති විරෝධී විකාශන කටයුතු නතර කර මාධ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨත්වය අනුව සංඛ්‍යාත වෙන් කිරීමේ ක්‍රමය පිලිපදින ලෙස ටෙල්ෂාන් නෙට්වර්ක් සමාගමේ සභාපති ශාන් වික්‍රමසිංහ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටී.
එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යැවූ ලිපියේ ශාන් වික්‍රමසිංහ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ රෙසවේෂන් යන වචනයට අර්ථ දැක්වීම ගෙනහැර දක්වා තිබේ. උපුටා ගැනීම...පසෙකින් තබනා යන අරුත ඇති කීපින් අ සයිඩ් නැතිනම් වෙන්කරනවා යන අරුත ඇති බුකින් එසේත් නැතිනම් යමක් වෙන් කිරිමේ ගිවිසුමක කොටසක් යන අරුත ඇති පාට් ඔෆ් ඇන් ඇග්‍රිමන්ට් ටු කීප් සම්තින්ග් රිසර්චඩ්....උපුටා ගැනීම අවසන්
මේ අතර මෙම අත්තනෝමතික සංඛ්‍යාත වෙන් කිරීම්වල බලපෑමට ලක්වූ තවත් මාධ්‍ය ආයතන කිහිපයක් ළඟදීම එම ගැටලුව විදුලි සංදේශ නියාමන කොමිසමට යොමුකිරීමට බලාපොරොත්තුවන බව ද වාර්තා වේ.මෙය ජාත්‍යන්තර විදුලි සදේශ සංගමයේ සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම කළ නීතිවිරෝධි ක්‍රියාවක් බව ටෙල්ෂාන් නෙට්වර්ක්ස් සමාගමේ සභාපති ශාන් වික්‍රමසිංහ පවසයි.තමන්ගේ මුදල් අයකරන අතරවාරයේ එකම සංඛ්‍යාතය ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් හා වොයිස් ඔෆ් ඒෂියා ආයතනවලට ද ලබාදීම පිළිබඳව මවිතය පලකරන බව ඔහු විදුලි සංදේශ නියාමන කොමිසමේ අධයක්ෂ ජෙනරාල්වරයාට යැවූ ලිපියේ දැක්වේ.එහි දැක්වෙන්නේ වසර කිහිපයකට පෙර මෙම ආයතනවලට විකාශන කටයුතු සදහා යූඑච්එෆ් චැනල් 40 ආසන්නයේ සංඛ්‍යාත ලබාදී තිබුණ ද භාවිතයට නොගැනීම හේතුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසම ඒවා අවලංගු කළ බවය.
පසුව ඒබීසී නෙට්වර්ක්ස් ආයතනය සිය මුල් සංඛ්‍යාත ඉල්ලා අධිකරණය හමුවට ද ගිය බව ශාන් වික්‍රමසිංහ පෙන්වා දෙයි.ඔහු විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ස ජනරාල්වරයාට යැවූ ලිපියේ දැක්වෙන්නේ එම ආයතනයට මුලින් දුන් සංඛ්‍යාත යළිත් වෙන් නොකර තම නාලිකාව අදාළ ප්‍රදේශයේ භාවිත කරන සංඛ්‍යාත ලබාදීම අභිරහසක් බවය.
Last edited:




