ත්‍රීරෝද රථ හා යතුරු පැදි 5000න් නිදහස්
දුම් පරික්ෂාව සඳහා රුපියල් 5000ක මුදලක් අය කරන්නේ රෝද 4 වාහනවලට පමණක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඒ අනූව ත්‍රීරෝද රථ හා යතුරු පැදි සඳහා එම මුදල අය නොකරන බවද අමාත්‍යවරයා කියයි.
පාර්ලිමේන්තුවේදී මේවන විට පැවැත්වෙන අය වැය විවාදය අතරතුරදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
කෙසේ වුවද දුම් පරික්ෂාව සඳහා යතුරු පැදි හා ත්‍රීවිල් රථ වලට දැනට අය කරන ගාස්තුව ඉවත් කරන්නේද යන්න අමාත්‍යවරයා සඳහනක් නොකළ බව අප වාර්තාකරු පැවසීය.

Source :adaderana.lk

සටන අත්නොහරිමු. Internet charges රැක ගන්නත් ගේම අදින්න ඕන. එක එකාට කඩේ යන්නෙ නැතුව මෙහෙම කරල හරි අයිතිවාසිකම් දිනන එකට මම කොහොමත් කැමති. මොකද ඔය එක දේශපාලුවෙක්වත් රටේ මිනිස්සු කලාද මම කන්නේ කියල හිතන්නෙ නැහැ. 