Thursday, 24 June 2010 11:45 lanka C news .
- ‘‘ජී.එස්. පී. ගැන තවත් කතා ඕන නෑ...’’
ඉදිරි මාස 06 ක කාලය වෙනුවෙන් ජී.එස්. පී. ප්ලස් බදු සහනය ලබා දීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාව වෙත ඉදිරිපත් කර ඇති කොන්දේසි 15 ක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඊයේ (23) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක් වෙනුවෙන් රටේ ස්වෛරීභාවය පාවා දීමට තමා කටයුතු නොකරන බවය.
යුරෝපා සංගමය ඉදිරිපත් කර ඇති කොන්දේසි අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, හදිසි නීති රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් නිදහස් කිරීම, 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම යනාදිය වෙයි. මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙම සියලූ කරුණු රටේ අභ්‍යන්තර කටයුතු වලට මිස ජාත්‍යන්තර වෙළෙඳාමට අදාළ ඒවා නොවන බවය.
මෙම කොන්දේසි ඉටු කිරීමට නම් ව්‍යවස්ථා සංශෝධන සිදු කළ යුතු බවත් එය මාස 06 ක් වැනි කාලයක දී කළ නොහැකි බවත් කියා සිටි රාජපක්ෂ මහතා අමාත්‍යවරුන්ට දැනුම් දුන්නේ ජී.එස්. පී. ප්ලස් ලබා ගැනීම සඳහා මින් ඉදිරියට කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡ පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බවය.
mehema kelin innawanam niyamai...




