BreakingNews - ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Ranilui Sagala i thamai Cricket walata hodatama koreee... Anthimata minissunge ekama vinodetath ariya 😍😍😍
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වසර 2015 දි ඉන්දියාවෙත් ක්‍රිකට් වලට දූෂණ වළල්ලක් ආවා.

    ඒ 2013 IPL එකේ සිදුවූ තරඟ පාවා දීම් සමූහයක් සමගයි. ඒ වෙනකොට ඉන්දියානු ක්‍රිකට් බෝඩ් එකත් පාලනය උනේ ලංකාවේ වගේ සෙට් එකකින්. කාලයක් තනතුරු අල්ලගෙන ඉන්න, ඒවායෙන්ම වයසට ගිහින් පල් වෙච්චි පිරිසක්. ඒ තිබුන පරිපාලන හා ඡන්ද ක්‍රමය එක්ක මේ ආයතනයට ප්‍රගතියක් අත් කර ගන්න අමාරු උනා.

    මේක කෙලින්ම ගිහින් නතර උනේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලඟ. මේ 2013 IPL වංචා දූෂණ හොයන්න කියලා ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය බාර දුන්නේ විනිසුරු මුකුල් මුද්ගල් ගේ නමින් පත් උන කමිටුවකට. මේ කමිටුවෙන් ඉදිරිපත් කල වාර්තාවේ වංචා දූෂණ වලට දඬුවම් දුන්නා වගේම එහෙම දේවල් ආයේ නොවෙන්න ඉන්දියාවේ ක්‍රිකට් පරිපාලනය වෙනස් කළ යුතු ආකාරය ගැන සොයා බලන්න අලුත් කමිටුවක් පත් කරන්න කිව්වා.

    ඒ රෙකමන්ඩේශන් එක බාර ගත්ත ශ්‍රේෂ්ඨාධිකරණය වහාම විනිසුරු ආර් එම් ලෝධා යටතේ තවත් කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවට මාස 6 ක කාලයක් ලැබෙනවා. ඒ කාලය තුල ක්‍රිකට් බෝඩ් එක පාලනය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දාපු අතුරු කමිටුවක්. එතන අපූරු පූද්වාදර්ශයක් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙනවා.

    ලෝධා කමිටුවේ රෙකමදාරුව අනුව යමින් ඉන්දියානු ක්‍රිකට් පරිපාලනය තුල වෙනස් කම් රාශියක් ඇති කරනවා. එහිදි
    👉ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරනවා.
    👉ඡන්ද ක්‍රමය වෙනස් කරනවා.
    👉සභාපතිට තනතුරු දැරිය හැකි කාලය උපරිම වසර 2 ක් කරනවා.
    👉විශ්‍රාම යන වයසක් නිර්ණය කරනවා. එය 70 යි.
    👉උපරිම නිල කාලය දෙවරකට සීමා කරනවා.
    👉සූදූ ක්‍රීඩා වලට සම්බන්ධ අය, වංචා දූෂණ ඉතිහාසයක් තියෙන අය, කිසිදු අයුරකින් නිලතල හෙබවීම නොහැකි කරනවා.
    👉IPL එක ක්‍රිකට් බෝඩ් එකෙන් ස්වාධීන පරිපාලනයකට නතු කරනවා.
    👉CEO, CFO ගේ පත්වීම් වල වෙනස් කම් කරනවා.
    👉විගණනය සඳහා රටේ විගණක පාලකගේ නියෝජිතයෙක් පත් කරනවා.

    මේ කමිටුවේ යෝජනා ශ්‍රේෂ්ඨාධිකරණය පිළි ගැනීමත් සමගම ඉන්දියාවේ ක්‍රිකට් වල දැවැන්ත වෙනස් කම් රාශියක් ඇති වෙනවා. හිටපු බොහෝ දූෂිත අයට අකුලගෙන යන්න වෙනවා. ඉන්දියානු ක්‍රිකට් අල්ලගෙන තිබුන මහා මාෆියාවෙන් ඒක ගැලවෙනවා. අලුත් මිනිස්සු ඇතුලට එනවා. ක්‍රමවේදයන් සකස් වෙනවා.

    ඒවායේ ප්‍රථිපලය අද ඔබට ඉන්දියාවේ ක්‍රිකට් දිහා බැලුවහම පේනවා.

    අපිටත් ඕනේ මේ මොඩල් එකේ සිස්ටම් චේන්ජ් එකක්. ඒක රටේ ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධ වෙච්චි, නියමිත විශ්වාසනීය වැඩපිළිවෙලක්. ඒකට ICC යේ නිල සහයත් අවශ්‍යයයි. මාස 6 ක් හෝ අවුරුද්දක් අරගෙන සැළසුම් කරලා යන ඉලක්ක ගත වැඩපිළිවෙලක්. දේශපාලන ඇගිලි ගැසීම් වලින් තොර එකක්. ඒ කාලය තුල ක්‍රිකට් නොගහ හිටියත්, මේ මූල රෝගය සුව කර ගන්න එක වටිනවා. එසේ නොවුනහොත් මේක පිළිකාවකින් මිනිහෙක් මැරෙනවා වගේ විනාශම වෙලා යනවා.

    අලුතින් හිතන්න.

    පැතුම් කර්නර් .
    #SLCricket

    #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    මොනව උනත් පැතුම් කාරය හොඳට අධයනය කරල තියෙනව මේක ගැන.මමත් කියන්නෙ මේවගේ වෙනවනන් හොඳයි ලංකාවෙත්. ඔය ක්‍රිකට් තහනම් කරපු එක වෙස්වලාගත් ආශිර්වාදයක් වෙන්නත් පුලුවන් ලංකාවෙ ක්‍රිකට් වලට.කොහොමත් ඉතින් අපේ ක්‍රිකට් තිබුන විදිහට මෙහෙම ගහල වැඩකුත් නෑනෙ. හොඳට ස්ටඩි කරල බැලුවම මේකත් දේශපාලනේ තියෙනව වගේ තවත් අති දූෂිත පාලනේක තියෙන ලක්ශන මේකෙත් තියෙනව. ඔය නිලියො පිටරට එක්ක ගිහිල්ල නටන ඒව, තමන්ට කෙලවෙනකොට මුලු රටටම ජාත්යන්තරේ ඉදිරිපිට කෙලවන ඒව එහෙම ඕවට හොඳ උදාහරණ. කොහොමත් ඔය බෑන් එක තව වැඩි කාලයක් තියෙන්නෙ නෑ, ශම්මි කාරය බලාගෙන ඉන්නෙ අපේ කොල්ලො කෙල්ලොන්ට මේක අමතක වෙනකන්. අපිට තියෙන්නෙ දිගටම මේක වෙනුවෙන් සටන් කරන්න. මොකද ක්‍රිකට් බෝඩ් තිබිල වැඩක් නෑනෙ ක්‍රිකට් පරාදවෙලා...:(:yes: :dull: