බුද්ධං සරණං ගච්ඡාමි
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ඔබෙ රාගී මන කැළඹේදෝ - ද්වේශේ මෝහේ නෑවේදෝ
ඔබෙ රාගී මන කැළඹේදෝ - පිවිතුරු හදවත පෑරේදෝ
එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි...
මෛත්‍රී කරුණා දූෂිත වී - ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී
හිංසා පීඩා දේවිදෝ - මිනිසා තිරිසන් වේවිදෝ
ඝෝර විසැති නයි පොළොගුන් වන් - මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්
එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි...
දුක් බරිනි මිරිකී යාදෝ - සත්‍ය ලෝකේ වැනසී යාදෝ
නිර්මල පිවිතුරු චරිතෙ ඔබේ - පවිටෙන් බොරුවෙන් කෙලෙසා දෝ
අගති අයුක්ති මාරුතයේ - ප්‍රාණෙ ඔබේ දෙදරා යාදෝ
එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි...
නිර්දය භාවය ලෝ රජ වී - දයා ගුණේ වී අන්තර්ධාන
මෝහෙන් මත් වීලා මිනිසා - ආගම හා ධර්මේ කෙළෙසා
සත්‍ය බලේ බිඳ වළලාදෝ - ශ්‍රද්ධා භක්තිය දෙදරාදෝ
එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි...
පේ‍්‍රමය ලෝකේ යාද නැසී - වෛර ගිනි ඇවිලේ ද දැඩි
මාතා ස්නේහේ පා එද්දී - තම පුතු අසිපත පාවිදෝ
ධරණිතල කම්පා වේදෝ - ගනෝදර ගුගුරා යාදෝ
එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි...
ලෝක පියා සින්දේ ලොව ජනගේ
ව්‍යාකූල සිත් හී අන්ධකාරේ
විසිරී සෞම්‍ය කිරණ ලෝනාගේ - ඒකාලෝකේ විය ලෝකේ
අමා ශාන්තියේ සෙවණැල්ලේ - ජන මන නැහැවූ පේ‍්‍රම ජලේ
මර සටනින් අපරාජිත වූ - සුර නර පුද ලැබ පූජිත ඒ
ලෝක සිවංකර මා හිමිගේ- ධර්මේ දස දෙස පැතිරේවා
හැම දන තුඩ තුඩ රැව්දේවා - බුද්ධං සරණං ගච්ඡාමි...
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : අනිල් බිස්වාස්
ගායනය : මොහිදීන් බෙග්, ලතා වල්පොල ඇතුළු පිරිස
චිත්‍රපටය : අංගුලිමාල