මමත් කතෝලික. එත් මේක වැරදි. මේක පිටුපස්සේ කව්රුහරි සන්විදනාත්මක පිරිසක් ඉන්නවා. මේක ගැන හොයලා බලන්න ඕනේ. හැමෝම එකතු වෙන්න ඕනේ මේවා නවත්තන්න මොන ආගමේ උනත්.
ඇත්ත කතාව... මාත් කතෝලික.. එහෙන් මෙහෙන් පින්තූර දැකපු පලියට ආගම අදහන මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ... හැමෝම එකතුවෙලා, අදාළ වැඩේ කරන සංවිධානාත්මක කල්ලි විනාශ කරලා දාන්න ඕන... සීනි හැලිලා කූඹි වහලා නම්.. අහල පහල ඉන්න උන්ට බනින්නැතිව හලපු එකාව අල්ලගන්න ඕන.. ඌ ලවා අතුගාවන්න ඕන...මමත් රෝමානු කතෝලික මචං.. ඒත් මේ වගේ දෙයක් අපේ ආගමේ නෑ.. මේ රට බෞද්ධ රටක්.. මම මගේ ආගමට වගේම බුද්ධ ධර්මයටත් ගොඩාක් ගෞරව කරනවා...
හැම ආගමකම සුළුතරයක් ඉන්නවා පැවිදි පාර්වය මේ වගේ පිස්සු නටන...
මේ ගැන හොයලා බලලා කටයුතු කරමු.. මම මගේ ආගම වගේම බෞද්ධ ධර්මයත් රකිනවා..
මොකද මගේ අම්මා කතෝලික, තාත්තා බෞද්ධ.. මම පන්සල් පල්ලි දෙකටම යනවා...
ඒ ගැන දන්න අය මේ ත්රෙඩ් එකෙත් ඉන්නවා..
නිකං ආගම් බේද ඇති කරගන්නේ නැතිව මේ ගැන කටයුතු කරමු...
ප.ලි. : මේකේ බයිබල් පාඨ තියෙන පින්තූර ටික අයින් කරපං මචං ප්ලීස්..



අපිත් අනුරාදපුර පොලොන්නරු ගියා එක කුරුසයක්වත් දැක්කේ නෑ ගලින් කොටපු ඒ යුග වලට අයිති.. මෙයාලා ඉතිහාසය අලුතෙන් ලියනවා.. අනේ මෙවුන්ට ඇයි බැරි තමන්ගේ ඔය වටිනා ආගම තමන්ගේ පාඩුවේ අදහගෙන ඉන්න.. බුදුදහම ඕවට ගාවගන්නේ නැතුව ලැජ්ජයි..