කොළඹ සිට බිබිල දක්වා ගමන් කරමින් තිබු ලංගම බස් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් ගැටීමෙන්
ඊයේ (03) අනතුරක් සිදුව තිබෙන අතර එහිදී සරසවි සිසුවෙකුගේ අතට බරපතල හානි සිදුව තිබෙනවා.
මෙම අනතුරට මුහුණ දී ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන
23 හැවිරිදි සිසුවෙක්.
අනතුර සිදුවන අවස්ථාවේ මෙම සිසුවා බස් රථයේ පිටුපස අසුනේ ගමන් කරමින් සිට ඇති අතර ඔහු බස් රථයේ කවුළුවෙන්
පිටතට සිටින සේ සිය දකුණු අත තබාගෙන ගොස් තිබෙනවා. වේගයෙන් පැමිණි ටිපර් රථයේ ගැටී මෙම සිසුවාගේ අත
ශරීරයෙන් වෙන්වී තිබෙන අතර පසුව ඔහුගේ අත අයිස් පිරවූ බෑගයක දමා සිසුවාද සමග රත්නපුර රෝහලට රැගෙන යාමෙන්
පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
එහිදී විශේෂඟ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඔහුගේ අත බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදු කලද සිරුරෙන් වෙන්වූ අතට
බරපතල හානි සිදුව තිබීම නිසා එය අසාර්ථක වී තිබෙනවා.