Business එකක් පටන් ගන්න උදව්

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඔන්න ඕකයි කතාව. ඒ හින්ද හොඳට මාර්කට් රිසර්ච් එකක් කරලා කී මනී එක දෙන්න. වැරදුනොත් අමාරුවේ.. අනික් කාරනාව මොනයම් හෝ හේතුවක් මත මිස්නස් එක වැරදුනොත් plan B එකකුත් සැලසුම් කරන්න. නැත්තම් වැටුනොත් පස්ස බිම ඇනෙනවා මචන්.

    aniwaryenma backup plan ekak thibiya uthumai.:)

    business kiyana ewa karaddi,loke kala wathura beela inna one.​
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කඩේ තියෙන්නේ හොඳ වදින තැනකනම් කී මනී එක ණයක් වෙලා හරි දුන්නට පාඩු නැහැ. එත් කඩේ කුලිය මාසෙකට දරාගන්න පුළුවන් වෙන්න ඕන මචන්.

    මම උඹට උදාහරණයක් කියන්නම්. මගේ ලංකාවේ ෂොප් එකක් තියනව. එකට එහායින් මගේම හිතවතෙක් දැම්ම තව ෂොප් එකක්. මගේ ෂොප් එකේ කඩ කාමරේ මගේ. එත් ඌ කඩේ ගත්තේ කුලියට. මගෙනම් කිසිම අමනාපයක් තරහක් නැහැ මගේ ජාතියේම කඩයක් මගේ යාළුවා දැම්ම කියල. එත් ප්‍රශ්නේ තියෙන්නේ ඌ එකෙන් ගොඩ යන්නේ නැති එකයි. මොකද අපි කරන බිස්නස් එකේ තියන ලාභ ප්‍රමාණයේ හැටියට ඌ කඩ කුලියයි, සේවක පඩියි , ඉන්ටර්නෙට්, ටෙලිෆෝන්, ලයිට් බිලුයි ගෙවන්නැ විතරක් දවසට ලාභෙන් 1200 ක් අයින් කරන්න ඕන. ඉතින් ලාභෙන් 1200ක් අයින් කරන්නනම් අවම දවසට 15000ක් වත් බිස්නස් එකක් කරන්න ඕන. එත් එතන එහෙම බිස්නස් එකක් නැහැ කඩ තුනකට බෙදිලා යන්න තරම්. මම මගේ බිස්නස් එක පටන් ගත්තේ 2001 අවුරුද්දේ. ඒ හින්ද එතන තියන පරණම ඒ ජාතියේ ෂොප් එක මගේ. ඒ වාසියෙන් එන බිස්නස් වලින් 60% ක් එන්නේ මට. අනික් 40% තමයි අනික් කඩ දෙකට බෙදිලා යන්නේ.

    ඔන්න ඕකයි කතාව. ඒ හින්ද හොඳට මාර්කට් රිසර්ච් එකක් කරලා කී මනී එක දෙන්න. වැරදුනොත් අමාරුවේ.. අනික් කාරනාව මොනයම් හෝ හේතුවක් මත මිස්නස් එක වැරදුනොත් plan B එකකුත් සැලසුම් කරන්න. නැත්තම් වැටුනොත් පස්ස බිම ඇනෙනවා මචන්.
    අන්න ඒකනේ කතාව.. key money 150,000 අරන් මාසෙට 17,000ක් කුලියත් ඉල්ලනවා. අන්න එක නිසයි මම මේ කල්පනා කර කර ඉන්නේ.. ඒ කඩේ ගන්නවද කියල :(
    මහර කඩයක් බැලුව. මාසෙට 9,000. අවුරුද්දේ ගාන එකපාර දෙන්න ඕනේ. කඩේ තියෙන්නේ හැබැයි උඩ තට්ටුවේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ela ela... wadeta enter wela wage
    :yes:
    එකෙන්ම මචන්. මම කරන්න ඕන දේ කල්පනා කර කර ඉද්දි කෙල්ල තමයි බලෙන්ම වගේ මාව ඇදගෙන ගියේ කඩවල් බලමු කියල මචං
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳ පොට් එකක් ඉක්මනටම සෙට් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචං.. ජය වේවා..!
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අන්න ඒකනේ කතාව.. key money 150,000 අරන් මාසෙට 17,000ක් කුලියත් ඉල්ලනවා. අන්න එක නිසයි මම මේ කල්පනා කර කර ඉන්නේ.. ඒ කඩේ ගන්නවද කියල :(
    මහර කඩයක් බැලුව. මාසෙට 9,000. අවුරුද්දේ ගාන එකපාර දෙන්න ඕනේ. කඩේ තියෙන්නේ හැබැයි උඩ තට්ටුවේ

    උඩ තට්ටුවට යන්න එපා.. අපේ මිනිස්සු උඩට නගින්නේ පහල බඩු නැති උනොත්ම විතරයි.. computer පාර්ට්ස් වලට අමතරව photo copy , reload , rubber seal , type setting , 1 මිනිට් පාස්පෝර්ට් photo වගේ දේවලුත් දාගෙන එව්වයින් කඩ කුලිය හොයන්න උත්සහ කරන්න. එතකොට අනික්වා ශුද්ද ලාභ..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඩ තට්ටුවට යන්න එපා.. අපේ මිනිස්සු උඩට නගින්නේ පහල බඩු නැති උනොත්ම විතරයි.. computer පාර්ට්ස් වලට අමතරව photo copy , reload , rubber seal , type setting , 1 මිනිට් පාස්පෝර්ට් photo වගේ දේවලුත් දාගෙන එව්වයින් කඩ කුලිය හොයන්න උත්සහ කරන්න. එතකොට අනික්වා ශුද්ද ලාභ..
    අන්න ideas... ඔය වගේ දේවල් තමයි හොය හොයා හිටියේ. Photocopy, Printout, Laminating වගේ දේවල් කරන්න හිටියේ .කඩවත තියෙන ඒවායේ ගිනි ගණන්. Printout එකක් ගත්තොත් 20Rs.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අන්න ideas... ඔය වගේ දේවල් තමයි හොය හොයා හිටියේ. Photocopy, Printout, Laminating වගේ දේවල් කරන්න හිටියේ .කඩවත තියෙන ඒවායේ ගිනි ගණන්. Printout එකක් ගත්තොත් 20Rs.

    rubber seal වැඩෙත් පට්ට ලාභයි මචන්. පුලුවනිනම් පොඩි course එකක් කරගනින් දවසෙන් ඉගෙනගන්න පුළුවනි. තව වැඩ තියනවා ඉතින් කරනවානම් screen printing , copy printing , book binding වගේ දේවලුත් කරන්න පුළුවනි. මමනම් ඔය සබ්ජෙක්ට් එක සේරෝම දන්නවා. දැන් ඔක්කොම නවත්තල තියෙන්නේ මම ලංකාවේ නැති නිසා. මහන්සි වෙලා සාදාරන ගානකට කොලිටි එක හොඳට කරනවානම් රෑට කඩේ වහල ගෙදර ඇවිත් එළිවෙනකල් නිදි මරාගෙන කරන්න වැඩ එවි .
     
    නිනිදි මරාගෙන වැඩ කරන්න උනත් කමක් නැහැ මචෝ තමන්ගේම ව්‍යාපාරයක් කරද්දී. තමන් මහන්සි වෙලා හම්බකරන එකනේ.. නැතුව අනුන්ට කඹුරලා කඹුරලා ගෙදර ඇවිත් මාසේ අන්තිමට 30,000ක් 50,000ක් අරන් ඔහේ ඉන්නවා වගේ නෙවේනේ. ව්‍යාපාරය තමන්ගේනම් තමන් කරන හැටියටනේ ලාබෙත්..
    ඔයා දැන් කියපු දේවල් ඉගෙනගන්න පුළුවන් කොහෙන්ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්න ideas... ඔය වගේ දේවල් තමයි හොය හොයා හිටියේ. Photocopy, Printout, Laminating වගේ දේවල් කරන්න හිටියේ .කඩවත තියෙන ඒවායේ ගිනි ගණන්. Printout එකක් ගත්තොත් 20Rs.

    loweth sadaranawa kaloth business enawa hoyagena
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නිනිදි මරාගෙන වැඩ කරන්න උනත් කමක් නැහැ මචෝ තමන්ගේම ව්‍යාපාරයක් කරද්දී. තමන් මහන්සි වෙලා හම්බකරන එකනේ.. නැතුව අනුන්ට කඹුරලා කඹුරලා ගෙදර ඇවිත් මාසේ අන්තිමට 30,000ක් 50,000ක් අරන් ඔහේ ඉන්නවා වගේ නෙවේනේ. ව්‍යාපාරය තමන්ගේනම් තමන් කරන හැටියටනේ ලාබෙත්..
    ඔයා දැන් කියපු දේවල් ඉගෙනගන්න පුළුවන් කොහෙන්ද?

    මම screen ඉගෙනගන්න ගියේ ලලිත් මිල්රෝයි එකට. ඒ කාලේ ගැන 4000 යි. මට ඕන උනේ chemical ටික ගැන දැනගන්න විතරයි. දවසින් ඒ ටික ඉගෙනගත්ත. ඊට පස්සේ සහතික ගන්න ගියේ නැහැ. මොකද මට ඕන උනේ වැඩේ කරන විදිහ හොයාගන්න විතරයි. මම දන්නේ නැහැ දැන් ලලිත් මිල්රෝයිල ඒවා උගන්වනවාද කියල. විජය ග්‍රැෆික්ස් මම හිතන්නේ උගන්වනවා. ටිකක් හොයල බලන්න. කොයිදේ උනත් ඉගෙනගත්තොත් අපතේ යන්නේ නැහැ . ඒ කාලේ youtube තිබ්බේ නැහැනේ බන්. දැන් කාලේ උනානම් මම ඒ 4000 දෙන්නෙත් නැහැ youtube එකෙන්ම ඉගෙනගන්නවා. උඹට screen කරන විදිහනම් මම කියල දෙන්නම්. අනික්වා ඉතින් මැෂින් වලින් කරන වැඩනේ බන්. ඒවා සිම්පල්. එත් ටයිප් සෙටින් එක තමුන් හදාගන්නවනම් ඕන ප්‍රින්ටින් වැඩක් කරන්න ලේසියි.