Business_Plan_එකක්_හදන_හැටි

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    Business_Plan_එකක්_හදන_හැටි

    Business Plan එකක් හදන හැටි

    business-plan.jpg-e1448413936977.jpg



    නව ව්‍යාපාරයක් ආරම්භයේදී සහ දැනට තිබෙන ව්‍යාපාරය සංවර්ධනය උදෙසා මුල පිරීමේදී වැදගත් වන කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කෙරේ. ඒ අනුව
    ද නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී
    ද දැනට පවත්වාගෙන යන ව්‍යාපාරයට අලුත් ශාඛාවක් එකතු කිරීමේදී
    ද වෙනත් භාණ්ඩ වර්ගයක් එකතු කිරීමේදී
    ව්‍යාපාරික සැලැස්මක් පිළියෙල කරගත යුතුය.

    ව්‍යාපාර හිමියාට සැලැසුමකින් ඇති ප්‍රයෝජන අසීමිතය. සුළු ව්‍යාපාරිකයකුට මෙවැනි වාර්තාවක් පිළියෙල කිරීම තරමක් දුෂ්කර කාර්යයක් විය හැකිය. එම නිසා අවශ්‍යතාව අනුව අදාළ උපදේශකයකුගේ ආධාර ලබාගත හැකිය. මෙහිදී ඇති වැදගත් කරුණ නම් තමා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නව ව්‍යාපාරය පිළිබඳ මනා අවබෝධයක් සහ පූර්ව දැක්මක් ලබා ගැනීමයි. එහිදී පරිසරයේ අවශ්‍යතාවන්ට අනුව තමාගේ ව්‍යාපාරය අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට පුළුවන.
    ව්‍යාපාරික සැලැස්මක් තුළින් ව්‍යාපාරයට ණය දීම හෝ වෙනත් ක්‍රමයකින් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බැංකුවලට හෝ වෙනත් මූල්‍ය ආයතනවලටද ව්‍යාපාරය ගැන නියම අවබෝධයක් ලබා ගැනීමට පුළුවන. නව ව්‍යාපෘතිය පිළිබඳව නොයෙක් ආකාරයේ බදු හෝ වෙනත් සහන බලාපොරොත්තු වන ආයතනයක් සඳහා අවශ්‍ය වන ඉල්ලුම් පත්‍ර පිළියෙල කිරීමේදී මෙහි ඇතුළත් වන තොරතුරු ප්‍රයෝජනයට ගත හැකි නිසා තම කාර්යයන් නොපමාව අවසන් කර ගැනීමටද හැකිය.
    ව්‍යාපාරික සැලැස්මක ඇතුළත් විය යුතු කරුණු
    ව්‍යාපාරික සැලැසුමක ඇතුළත් කළ යුතු කරුණු ප්‍රධාන වශයෙන් වර්ග පහකට බෙදිය හැකිය.
    1. ව්‍යාපාරය පිළිබඳ හැඳින්වීම
    2. අලෙවි සැලැස්ම
    3. කළමනාකාරීත්ව සැලැස්ම
    4. මූල්‍ය සැලැස්ම
    5. තාක්‍ෂණික ඇගයීමක්
    2. ව්‍යාපාරය හැඳින්වීම
    සුළු ව්‍යාපාරිකයකු ප්‍රථමයෙන් දැනගත යුතු කරුණ නම් තමා කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරය කුමක්ද යන්නයි. මෙහිදී වැදගත් වන්නේ තමා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරයෙහි ඇති විශේෂ ලක්‍ෂණ සැලැස්මට ඇතුළත් කිරීමයි. හැඳින්වීම තේරුම් ගැනීමේ පහසුව සඳහා කොටස් කිහිපයකට බෙදමු.
    1.1 ව්‍යාපාරයේ අයිතිය
    සෑම ව්‍යාපාරයක් සඳහාම අයිතිකරුවෙක් සිටියි. ශ්‍රී ලංකා නීති ව්‍යුහයට අනුව ඒ අයිතිය පහත සඳහන් විදියට ලියාපදිංචි කළ හැකිය.
    ද තනි පුද්ගල ව්‍යාපාරය (කේවල ව්‍යාපාර)
    ද හවුල් ව්‍යාපාරය (කොටස්කරුවන් දෙදෙනකුගේ සිට විස්සක් දක්වා)
    ද සමාගම් (සමාගම් පෞද්ගලික හෝ පොදු සමාගම් වශයෙන් ලියාපදිංචි කළ හැකිය.
    ද සමුපකාර සමිති
    ද පාර්ලිමේන්තුවේ සම්මත නීතියක් යටතේ පිහිටුවා ඇති සංස්ථා
    ව්‍යාපාරය ඒකපුද්ගල ව්‍යාපාරයක් නොවේ නම් එම ව්‍යාපාරයට හිමි ප්‍රධාන කොටස්කරුවන් හෝ අධ්‍යක්‍ෂවරු පිළිබඳ කෙටි විස්තරයක් ඇතුළත් කළ යුතුය. ව්‍යාපාර හිමියා තනි පුද්ගලයෙක් නම් ඔහු ගැන විස්තරයක්ද ඇතුළත් කළ යුතුය.
    1.2 ව්‍යාපාරයේ ස්වභාවය
    ව්‍යාපාරික කටයුතු අනුව සෑම ව්‍යාපාරයක්ම වර්ග කරනු ලැබේ.
    නිෂ්පාදනය
    වෙළෙ¼දාම
    සේවා සැපයීම
    වෙනත් (ගොඩනැඟිලි ඉදිකිරීම)
    ආදී වශයෙන් අවශ්‍යතා අනුව වර්ග කිරීමට හැකිය. මෙහිදී අවශ්‍ය වන්නේ නව ව්‍යාපාරයේ නියම ස්වභාවයයි. එය ව්‍යාපාර සැලැස්ම කියවන පුද්ගලයා හට තේරුම් ගැනීමට පහසු විය යුතුය. සංඛ්‍යා ලේඛන කටයුතු සඳහා ව්‍යාපාර පිළිබඳ පිළිගත් වර්ග කිරීමේ ක්‍රමයක්ද ඇත.
    1.3 ව්‍යාපාරයට සම්බන්ධ භාණ්ඩ
    ඉහත සඳහන් කොටසෙහි වර්ග කිරීමට අනුව ව්‍යාපාරය නිෂ්පාදන ව්‍යාපාරයක් නම් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩය කුමක්ද යන්න විස්තර කිරීම අවශ්‍ය වේ.
    බෝට්ටු හෝ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් නම් එම නිෂ්පාදන භාණ්ඩය ගැන තේරුම් ගැනීමට අවශ්‍ය වන සියලුම තොරතුරු මෙහි ඇතුළත් කළ යුතුය. මෙහිදී ඔබ අලෙවි කිරීමට බලාපොරොත්තු වන භාණ්ඩය පාරිභෝගිකයාට උපකාර වන අන්දම පිළිබඳ විස්තරයක්ද සැපයීම අවශ්‍යය.
    1.4 ව්‍යාපාරයේ පිහිටීම
    ව්‍යාපාරික ආයතනවල සාර්ථක භාවයට පිහිටීම බොහෝ දුරට බලපානු ඇත. මෙහිදී විදුලිය, ජලය, ප්‍රවාහන පහසුකම් සහ වාහන නැවැත්වීමට ඇති ඉඩකඩ පිළිබඳ සිතිය යුතුය. නිමි ඇඳුම් විකුණන ව්‍යාපාරික ආයතනයක් නම් එය පිහිටුවිය යුත්තේ වැඩි වශයෙන් ජනයා ගැවසෙන ස්ථානයකය. නමුත් නිමි ඇඳුම් කර්මාන්ත ශාලාවක් පිහිටුවීමේදී ඊට වඩා සැලකිලිමත්ව උචිත ස්ථානයක් තෝරාගත යුතුය.
    1.5 ව්‍යාපාරයේ ආරම්භය
    අලුත් ව්‍යාපාරයක් නම් එය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන වකවානුව සඳහන් කළ යුතුය. දැනට පවත්තා ව්‍යාපාරයකට වෙනත් භාණ්ඩ වර්ගයක් එකතු කිරීම හෝ අලුත් ශාඛාවක් විවෘත කිරීම පිළිබඳව හෝ පිළියෙල වන වාර්තාවක මුල් ව්‍යාපාරය ආරම්භ කරන ලද දිනය සහ එහි දියුණුවද ඇතුළත් කිරීම ප්‍රයෝජනවත්ය.
    ඔබගේ ව්‍යාපාරය පිළිබඳ වෙනත් වැදගත් තොරතුරුද මෙහි සඳහන් කිරීම අවශ්‍යය. ඒවායින් සමහරක් නම් ඔබ හා අදාළ ව්‍යාපාරයට ඇති සම්බන්ධතාව හෝ ඒ ව්‍යාපාරය පිළිබඳ ඔබගේ පළපුරුද්දත් නව ව්‍යාපාරය අනෙකුත් ව්‍යාපාරවලට වඩා වෙනස් වන්නේ කෙසේද යන්නත් ගැනද සඳහන් කළ හැකිය.
    2. අලෙවි සැලැසුම
    අලෙවි සැලැසුම් පිළියෙල කිරීමේ මූලික අරමුණ නම් ව්‍යාපාරය ලාභදායී අන්දමින් පවත්වාගෙන යෑම සඳහා අලෙවි කළ යුතු ප්‍රමාණයත් බලාපොරොත්තු වන මිල ගණන්වලට ඒ ඒ කාලසීමාවන් තුළදී අලෙවි කළ හැකි ආකාරය විස්තර කිරීමත්ය.
    ඉහත සඳහන් අරමුණු ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය උපාය ධර්ම පිළියෙල කරගැනීමටද උපකාර වන පහත සඳහන් තොරතුරු අලෙවි සැලැසුමට ඇතුළත් කළ යුතුය.
    2.1 භාණ්ඩය පිළිබඳ විස්තර
    අලෙවි කිරීමට බලාපොරොත්තු වන භාණ්ඩවලට අමතරව තමා අලෙවි කරන භාණ්ඩය දැනට වෙළෙඳපොළේ ඇති භාණ්ඩවලට වඩා වෙනස් වන ආකාරයත් ඒ මඟින් තම භාණ්ඩ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් වඩා වැඩි සතුටුදායක ආකාරයකට පිරිමැහෙන බවත් කියවන්නාට තේරුම් ගැනීමට පහසු ආකාරයකින් විස්තර කළ යුතුය.
    2.2 පාරිභෝගිකයා කවුද?
    ඔබගේ භාණ්ඩය අලෙවි කිරීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයා කවුද යන්න ඉතා හොඳින් විග්‍රහ කළ යුතුය. ඔහුගේ හෝ ඇයගේ වයස, ආදායම් මට්ටම, මිලදී ගැනීමේ රටාව වැනි දේවලට අමතරව ඔහු භාණ්ඩය භාවිත කරන පරිසරය ගැනද අවශ්‍ය නම් විස්තර කළ යුතුය.
    සඳහන් කළ යුතු තවත් කරුණක් නම් ඔබගේ පාරිභෝගිකයන් වෙන් වෙන් වශයෙන් කොටස් කළ හැකිද යන්නයි. ව්‍යාපාරය එළවළු විකිණීම නම් විකිණීමට බලාපොරොත්තු වන්නේ ගෘහණියන්ටද සිල්ලර වෙළෙන්දන්ටද නැතහොත් කෑම පිළියෙල කර අලෙවි කරන කම්හල්වලටද යන්න ගැන විග්‍රහයක් අවශ්‍යය.
    ඔබ භාණ්ඩයේ පරිභෝජනය වෙනස් වන රටාව කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීම ඉතා ප්‍රයෝජනවත් විය හැකිය. පාසල් පොත් වැනි භාණ්ඩවලට ඇති ඉල්ලුම පාසල් ආරම්භයත් සමඟම වෙනස් වන ආකාරයක් දැකිය හැකිය. මෙලෙසින්ම සුරුට්ටු භාවිතය ක්‍රමයෙන් අඩු වෙමින් පවත්නා ප්‍රවණතාවක් සමාජයේ දැකිය හැකිය.
    භූගෝලීය වශයෙන් ඔබගේ භාණ්ඩ පිළිබඳ වෙළෙඳ ප්‍රදේශය පුළුල් කිරීමට ඇති හැකියාවන් හෝ දුෂ්කරතාවන්ද සැලකිල්ලට ගෙන භාජන කළ යුතුය.
    2.3 තරගකාරීත්වය
    ඊළඟට ඔබ විස්තර කළ යුත්තේ තරගකාරිත්වයයි. මෝටර් රථවලට අවශ්‍ය ඉන්ධන භාණ්ඩයක් වශයෙන් ගතහොත් නගරයේ ඉන්ධන අලෙවිහලට තරගකාරිත්වය පැමිණෙන්නේ කිට්ටුවම ඇති අනෙක් ඉන්ධන හලකින්ය. නමුත් ශ්‍රී ලංකාව එක් වෙළෙඳ පොළක් වශයෙන් සැලකීමේදී ඉන්ධන සැපයීම පිළිබඳ ඒකාධිකාරී තත්ත්වයක් දැකිය හැකිය.
    ඔබ ඇසිය යුතු තවත් ප්‍රධාන ප්‍රශ්නවලින් එකක් නම් මාගේ ප්‍රධාන තරගකරුවන් කවුද යන්නයි.
    2.5 ප්‍රචාරක සැලැස්ම
    ඔබ අලෙවි කිරීමට බලාපොරොත්තු වන භාණ්ඩය හෝ සේවාව පිළිබඳව ඔබ බලාපොරොත්තු වන පාරිභෝගිකයන් දැනුවත් කරන ආකාරය කුමක්ද?
    කොපමණ හොඳ භාණ්ඩයක් වුවද එය මිලට ලබාගත හැකි ස්ථාන හෝ ආකාරය ගැන ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමකින් තොරව ව්‍යාපාරයක් සාර්ථක විය නොහැකිය.
    බොහෝ දෙනෙක් පුවත්පත් හා ගුවන් විදුලිය වැනි මාධ්‍ය භාවිත කරමින් තම ව්‍යාපාරය ගැන සහ තමා අලෙවි කිරීමට බලාපොරොත්තු වන භාණ්ඩ ගැන මහජනයා දැනුවත් කරති. යම්කිසි ගිවිසුමක් යටතේ වෙනත් ආයතනයක් නිෂ්පාදනය කරන හෝ වෙනත් ආයතනයක බලපත්‍රයකට යටත්ව යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන අවස්ථාවලදී එවැනි ආයතනවලින් ලැබෙන ප්‍රචාරක පහසුකම්ද සැලැසුමට ඇතුළත් කළ යුතුය.
    3. කළමනාකාරිත්වය සැලැසුම
    අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන ව්‍යාපාරිකයකු හට තමාගේ ව්‍යාපාරයේ කළමනාකාරිත්ව කාර්යයන් ඉටුකර ගැනීම ඉතා දුෂ්කර කරුණක් වනු නොඅනුමානය. එම ප්‍රශ්න නිරාකරණය කිරීම සහ තම ව්‍යාපාරය සාර්ථකත්වය කරා ගෙන යෑම පිණිස අවශ්‍ය තොරතුරු එහි ඇතුළත් කළ යුතුය.
    ඔබගේ ව්‍යාපාරයේ වැදගත් තීරණ ගැනීම කවුරුන් විසින් කරනු ලැබිය යුතුද යන්න ප්‍රථමයෙන් තීරණය කළ යුතුය.
    ඒ සඳහා අවශ්‍ය කළමනාකාරීත්ව කණ්ඩායමක් ඇති කිරීමත් ඒ කණ්ඩායමට ඇතුළත් වන පුද්ගලයන් කවුරුද යන්නද ඉතා පැහැදිලිව විස්තර කළ යුතුය. ඊට අමතරව ව්‍යාපාරයේ නායකයා වශයෙන් කටයුතු කරන තැනැත්තා ගැන වැඩි විස්තරයක්ද ඔහුගේ හෝ ඇයගේ පළපුරුද්ද දැනුම සහ හැකියාවන් තම ව්‍යාපාරයට අදාළ වන්නේ කෙසේද යන්න ඇතුළත් විය යුතුය. ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යයන් සහ ඒ කාර්යයන් සඳහා යොදා ගන්නා පුද්ගලයන්ද ඒ පුද්ගලයන්ගේ සුදුසුකම්ද විස්තර කළ යුතුය.
    කළමනාකරණ උපදේශකයකු වශයෙන් යම්කිසි පුද්ගලයකු තෝරාගෙන ඇති නම් ඒ පුද්ගලයා හෝ ආයතනය ගැනද විස්තරයක් කළමනාකාරිත්ව සැලැසුමට ඇතුළත් විය යුතුය.
    කළමනාකාරිත්ව කාර්ය ඉතා ප්‍රබල විය යුතුය. එහි ඇති විය හැකි අඩුපාඩු පිරිමසා ගන්නට සැලැසුම් පිළියෙල කළ යුතුය.
    එම සැලැසුම් කිරීමේදී ඇසිය යුතු ප්‍රශ්නය නම් අපේ අඩුපාඩු සම්පූර්ණ කරගත හැක්කේ කෙසේද? යන්නයි.
    4. මූල්‍ය සැලැස්ම
    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හා පවත්වාගෙන යෑම සඳහා මුදල් අවශ්‍යය. එම මුදල් අවශ්‍යතාවන් නිශ්චය වශයෙන්ම තේරුම් ගෙන ඒ සඳහා ප්‍රතිපාදන සලසා ගැනීම මූල්‍ය සැලැස්මේ අරමුණයි.
    4. 1 ආරම්භක වියදම්
    ඔබ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර දැරිය යුතු වියදම් අසීමිතය. එම වියදම් ලැයිස්තු ගත කළ යුතු ආකාරයත් එක් එක් වියදමක් වෙනුවෙන් වෙන් කළ යුතු මුදල් ප්‍රමාණයත් හැකි තරම් ප්‍රවේශමෙන් ඇස්තමේන්තු කළ යුතුය.
    ආරම්භ කිරීමේ වියදම්වලින් ප්‍රධාන වන්නේ මේවාය.
    ද ව්‍යාපාරය ආරම්භයට පෙර දැරිය යුතු සියලුම පෞද්ගලික වියදම්
    ද ගිවිසුම් පිළියෙල කිරීම සහ ලියාපදිංචි කිරීම වැනි නෛතික කටයුතු සඳහා වියදම්
    ද ව්‍යාපාරික ස්ථානය සඳහා දැරිය යුතු වියදම්
    ද ව්‍යාපාරයට අවශ්‍ය වාහන යන්තේ‍රා්පකරණ සහ ගෘහ භාණ්ඩ වැනි ස්ථාවර වත්කම්
    ද රක්‍ෂණ
    ද ප්‍රචාරක වැඩ කටයුතු
    ද ගිණුම් කටයුතු
    ද වැටුප් සහ වෙනත් දීමනා
    ද වෙනත් සුළු වියදම්
    මේ සියල්ල සඳහා දැරිය යුතු වියදම් හැකි තරම් පරෙස්සමෙන් පිළියෙල කරගත යුතුය. කොපමණ සැලකිල්ලකින් යුක්තව ඉහත සඳහන් ඇස්තමේන්තු කර ගැනීමෙන් පසුව වුවද බලාපොරොත්තු නොවූ ආකාරයේ වියදම් සඳහා ඇස්තමේන්තු කරන ලද වියදම්වලින් 10%ක් හෝ ඊට කිට්ටු ප්‍රමාණයක් වෙන් කිරීම මඟින් තමාට හා ව්‍යාපාරයට ඇති විය හැකි අනාගත මූල්‍ය ප්‍රශ්න අඩුකර ගැනීමට පුළුවන.
    4. 2 ව්‍යාපාරය පවත්වාගෙන යෑමේ වියදම්
    ව්‍යාපාරය පවත්වාගෙන යෑමේදී දැරීමට සිදුවන වියදම් ඉහත සඳහන් වියදම්වලට වඩා වෙනස්ය. ඒවා දැරීම නිසා ආදායමක් බලාපොරොත්තු විය හැකිය.
    එයින් වඩාත් වැදගත් වන වියදම් පහත සඳහන්ය.
    ද නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය (නිෂ්පාදන ආයතනයක් සඳහා නම්)
    ද විකිණීම සඳහා අවශ්‍ය බඩු තොග මිලට ගැනීම
    ද වැටුප් සහ අර්ථසාධක අරමුදල්
    ද රක්‍ෂණ ගාස්තු
    ද ලිපිද්‍රව්‍ය, දුරකතන හා මුද්දර ගාස්තු වැනි වියදම්
    ද බදු
    ද ප්‍රචාරණය
    ද ප්‍රවාහනය
    ද ගිණුම් තැබීම සහ විගණනය
    ද පොලී බැංකු ගාස්තු ආදිය
    ද ව්‍යාපාරිකයා සඳහා අවශ්‍ය වැටුප් සහ වියදම්
    ද වෙනත්
    ඉහත සඳහන් කරන ලද වියදම් ප්‍රථම මාස තුන සඳහා සෑම මාසයක් වෙනුවෙන්ද ඉන්පසු තුන් මසක් හෝ සෑම හය මසක් වැනි අවශ්‍ය කාලයක් සඳහාද පිළියෙල කරගත යුතුය.
    4.3 ලාභදායීත්වය
    ආදායම් සහ වියදම් ඇතුළත් කර ප්‍රථමයෙන් මාසිකව සහ ටික කලක් ගත වන විට මාස තුනකට වරක්වත් ව්‍යාපාරයේ ලාභදායීත්වය පිළිබඳව ලාභාලාභ ගිණුමක්ද මූල්‍ය සැලැස්මට ඇතුළත් විය යුතුය.
    4.4 ලාභාලාභ ගිණුම
    ලාභාලාභ ගිණුමේ ඇතුළත් විය යුත්තේ අදාළ කාලය වෙනුවෙන් ලැබිය යුතු ආදායම් සහ ගෙවිය යුතු වියදම්ය.
    ගෙවල් කුලී සහ වැටුප් වැනි වියදම් නිශ්චිත වශයෙන් ඇස්තමේන්තු කළ හැකි වුවද අනෙකුත් වියදම් ඇස්තමේන්තු කිරීම දුෂ්කරය. එමෙන්ම මෙහිදී අදාළ කාලයට නියමිත සියලු වියදම් ඇතුළත් විය යුතුය. වැටුප් සඳහා ගෙවන අර්ථසාධක මුදල් උදාහරණයක් ලෙස ගතහොත් එය ගෙවිය යුතු වන්නේ වැටුප ගෙවූ මාසයට පසු මාසයේදී වුවද මාසයේ වියදම් අතරට එයද එක් කළ යුතුය. ආදායම් පිළිබඳ රීතිද මෙයට සමානය.
    4.5 මුදල් ලැබීම් සහ ගෙවීම් (මුදල් ප්‍රවාහය)
    ඉහත සඳහන් කාල පරිච්ඡේද සඳහා ව්‍යාපාරයට ලැබිය හැකි ආදායමද සවිස්තරාත්මකව පිළියෙල කරගත යුතුය.
    සමහර විට ඔබේ ගනුදෙනුකරුවන් ගෙවීම් ප්‍රමාද කිරීමටත් ණයට බඩු මිලදී ගැනීමටත් අනාගත දින දමා චෙක්පත් දීමත් ව්‍යාපාරික ලෝකයේ නිතරම සිදුවන නිසා ඔබගේ ආදායම් සහ වියදම්වලට අමතරව මුදල් ලැබීම් සහ ගෙවීම් (මුදල් ප්‍රවාහය) පිළිබඳ වෙනම සැලැස්මක්ද පිළියෙල කළ යුතුය.
    4.6 මූල්‍ය අවශ්‍යතා
    ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධන අවශ්‍යතාද මූල්‍ය සැලැසුමේ ඉතාමත්ම වැදගත් කොටස වශයෙන් හැඳින්විය හැකිය. එය පහත සඳහන් අයුරින් පිළියෙල කරගත හැකිය.
    ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට පෙර දැරිය යුතු වියදම්වලට අමතරව ව්‍යාපාරය පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම් සහ ව්‍යාපාරයෙන් ලැබිය යුතු ආදායම්ද සැලකිල්ලට ගෙන ව්‍යාපාරයට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සැලැසුම් කළ යුතුය. වෙනස් විදියකින් පැවසුවහොත් ව්‍යාපාරය සඳහා අවශ්‍ය මුදල් අවශ්‍යතා පහත සඳහන් අන්දමට කෙටියෙන් සඳහන් කළ හැකිය.
    ද ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර දැරිය යුතු වියදම්
    ද ව්‍යාපාරයේ ස්ථාවර වත්කම් සඳහා දැරිය යුතු වියදම්
    ද ව්‍යාපාරයක කටයුතු පවත්වාගෙන යෑමේදී අවශ්‍ය වියදම් (මාස 3 – 6 දක්වා වෙනස් විය හැකිය.)
    ද ව්‍යාපාරයට අවශ්‍ය මුළු මුදල් ප්‍රමාණය
    4.7 අවශ්‍ය මුදල් සොයා ගැනීම
    මූල්‍ය සැලැසුමේ ඉතිරි කොටස සම්පූර්ණ කළ යුත්තේ ඒ අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා ගැනීමට යොදාගෙන ඇති පියවර විස්තර කිරීමෙනි.
    ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ආරම්භක මුදල් ප්‍රමාණය ලබාගත හැකි මාර්ග පහත සඳහන් ආකාරයට දැක්විය හැකිය.
    ද ව්‍යාපාර හිමියා යොදන මුදල් (ප්‍රාග්ධනය)
    ද අනෙකුත් කොටස්කරුවන්ගෙන් ලැබෙන මුදල් (කොටස් ප්‍රාග්ධනය)
    ද ණය මුදල් (බැංකු ණය)
    ද ලීසිං ක්‍රමයට හෙවත් කල්බදු ක්‍රමයට ලබාගත හැකි සම්පත්
    ද සැපයුම්කරුවන්ගෙන් ලැබෙන ණය
    ද ව්‍යාපාරික කටයුතුවලින් ලැබෙන ආදායම
    ද ලබාගත හැකි අත්තිකාරම්
    මෙහිදී අමතක නොකළ යුතු ප්‍රධාන මූලධර්මය නම් යම්කිසි වත්කමක් ලබා ගැනීම සඳහා යොදවන මුදල් එම වත්කමට වඩා දිගු කාලයක් ව්‍යාපාරයේ තැබිය යුතු බවය. මාසයකදී ගෙවීමට පොරොන්දුවක් මත අවුරුදු හතරක් භාවිත කළ හැකි යන්ත්‍රයක් මිලට ගැනීමේදී ඇති වන ප්‍රශ්න මොනවාද යන්න ගැන සිත යොමු කිරීම වැදගත්ය.
    අනෙක් කරුණ නම් ව්‍යාපාර හිමියා යෙදවිය යුතු මුදල් ප්‍රමාණ ණය මුදල් ප්‍රමාණ අතර තිබිය යුතු සම්බන්ධයයි. ස්ථාවර වත්කම් සහ කාරක ප්‍රාග්ධනය ස¼දහා වෙන වෙනම පොලී මට්ටම්වලින් බැංකු ණය මුදල් ලබාගත හැකිය. නමුත් ණය මුදල්වල මුළු එකතුව කිසිම විටක ව්‍යාපාර හිමියා යොදන මුදල මෙන් තුන් ගුණයකට වඩා වැඩි
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,811
    766
    113
    Machn before u make the business plan u should develop a business model.

    Business model is one page document taht contains all in nutshell where as business plan is very long document (40 /30) pages.

    Business plan contains three parts,

    Operational plan
    Marketing plan &
    Finance Plan

    If u need any information let me know.


    MBA in Entrepreneurship students did this
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ උපදේශකයන් කොහෙන්ද හොයාගන්නේ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    There are many mchan. Depend on your required from international level to local.

    සුළු ව්‍යාපාරයක් සඳහා උපදෙස් ගන්න වගේ , කොහොමද සම්බන්ධ කරගන්නේ?
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,811
    766
    113

    සුළු ව්‍යාපාරයක් සඳහා උපදෙස් ගන්න වගේ , කොහොමද සම්බන්ධ කරගන්නේ?

    oyata business plan ekak hada ganna oni bank loaan ekakkatada
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ප්‍රැක්ටිකල් බිස්නස් ඇන්ඩ් තියරි බිස්නස්


    ප්‍රැක්ටිකල් වලදි බිස්නස් කියන්නේ මීට වඩා සෑහෙන ප්‍රශ්න වලට මූන දෙන්ඩ වෙනවා.
    මම නම් කියන්නේ මීට වඩා සෑහෙන ප්‍රැක්ටිකල් ක්නොලේජ් එකක් වැදගත් කියන එක.
    ඒකෙන් කොහෙත්ම කියන්නේ නෑ තියරි වැදගත් කමක් නෑ කියලා.තියරි ඕනි.

    මේක ලේසි වැඩක් නෙමේ.සෑහෙන්ඩ ගට්ස් තියෙන්ඩත් ඕනි කියන එකයි මගේ නම් අදහස.මට එම්බීඒ,බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී මොකුත් නෑ.ඒ හින්ද වැරදි නම් නිවැරදි කරන්ඩ.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,811
    766
    113
    ප්‍රැක්ටිකල් බිස්නස් ඇන්ඩ් තියරි බිස්නස්


    ප්‍රැක්ටිකල් වලදි බිස්නස් කියන්නේ මීට වඩා සෑහෙන ප්‍රශ්න වලට මූන දෙන්ඩ වෙනවා.
    මම නම් කියන්නේ මීට වඩා සෑහෙන ප්‍රැක්ටිකල් ක්නොලේජ් එකක් වැදගත් කියන එක.
    ඒකෙන් කොහෙත්ම කියන්නේ නෑ තියරි වැදගත් කමක් නෑ කියලා.තියරි ඕනි.

    මේක ලේසි වැඩක් නෙමේ.සෑහෙන්ඩ ගට්ස් තියෙන්ඩත් ඕනි කියන එකයි මගේ නම් අදහස.මට එම්බීඒ,බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී මොකුත් නෑ.ඒ හින්ද වැරදි නම් නිවැරදි කරන්ඩ.


    100% true. But these documents are needed when u go for bank loan if u have outside stake holders and etc. (Inventors may want to see whether ur working according to plan

    Other thing though most businessmen dont have written business model they have it in their mind. (may be they dont aware that but if there is no business model they cannot run the business)



    BUSINESS PLAN NOTEBOOK FOR ENTREPRENEURS



    Thanks a lot machan

    Before the plan make a business model

    true it is the heart
     
    Last edited: