Buying a land risks?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    Land sale ekakin ganna land ekak ape lawyer kenek dala check karawala ape lawyer harahama deed eka liyawaddi issues thiyenawa num okkoma ahu wenawada? natthan ethanath risk ekak thiyenawadA?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    deed eka labenawanam risk nathima taram

    mama danna tharamin eyala deed eka denna parakku wenawa api full payment karanakan
    samahara aya ewa e company eken gewannath denawane

    blue mountain ehema une, e wikanpu lands ayet mortage karala wage deyak neda
    anna e wage scene wenna puluwan

    matanam land sale wala ekama awula overpriced heavily
    anika e price walata dan interest rate ekka ganna eka therumak naha
     
    • Like
    Reactions: siri_ayya

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    land sale karayo full land eka bank ekakata wage morgage karala thibunoth deed eka liyaddi eka mattu wenawada?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ලෝයර්ගේ එක්ස්පීරියන්ස් ලෙවල් එක මත තමයි බන්. අවුරුදු ගානක් ඉඩම් ලියලා ලියලම අත්දැකීම් තියෙන මොළේ කල්පනා කරලා වැඩ කරන එකෙක් නම් ඔය වංගු එහෙම අල්ලගන්නවා. හැබැයි උන්ගෙ ගාන වැඩී. ඇහින්දාස් ලෝයර්ලා ඉන්නවා අඩුවට කරන කල්පනාවෙන්. මම එහෙම එකෙක් හොයාගෙන අන්තිමට ඌව ගයිඩ් කරන්න උනා මට. හොඳම එකෙක්ටත් වරදින්න පුලුවන්.

    පත්තිරු හරියට චෙක් කරපන්. අවුරුදු 35ක් පස්සට ක්ලියර් වෙන්න ඕනෙ.

    ලෑන්ඩ් සේල් වලින් ගන්න එක නම් හොඳ තීරණයක් කියලා හිතන්නෙ නෑ. ඒත් අහන නිසා කියන්නෙ ගන්නවා නම් උන්ගෙන් ඔප්පුව ගන්න පරක්කු කරන්නෙපා. සල්ලි දුන්න ගමන් ඔප්පුව ගනින්. රෙගිස්ටර් උනාට පස්සෙ පත්තිරු චෙcක් කරපන් ආයෙ.
    සමහර එවුන් සල්ලි දුන්නට පස්සෙ ඔප්පු ලියන එක මඟ අරිනවා. සමහර එවුන් කියනවා බැංකු වල රස්තියාදු වෙන්නෙපා අපි ණයට දෙන්නම් කියලා ඩවුන් පේමන්ට් එකක් දාලා ඉන්ස්ටෝල්මන්ට් දාන්න කියනවා. අන්තිමට ඔප්පුව බලන්න යද්දි එක්කො උන් ඒක බැංකුවකට උගස් තියලා.

    හොඳම වැඩේ තමයි බැංකුවකින් පොඩි ලෝන් එකක් දා ගන්න එක. එතකොට උන් ජාතකේම බලනවා. ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරවනවා. සල්ලි හා කාලය ටිකක් ගියාට ඒක 99% විතර සේෆ්.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    • ලෑන්ඩ් සේල් එකකින් ඉඩමක් ගන්නව නම්, පිලිගත් බැංකුවලින් පොඩි හරි හවුසින් ලෝන් එකක් දාන්න. එතකොට බැංකුව ඔක්කොම documents බලනව.
    • මුලින් දෙන advance එක documents වල අවුලක් උනොත් return කරනව. ඒ බව ලිඛිතව ඉල්ල ගන්න.
    • 40% ගෙවන්න කලින් හැකිනම්, අපේ ලෝයර් කෙනෙක් ලවා පත්තීරු ආදී documents බලව ගන්න.
    ලෑන්ඩ් සේල් වල ටිකක් මිල වැඩී. හැබැයි, අපිට කරදර අඩුයි. උන් ලයිට් වතුර පවා සම්පූර්ණ ඉඩමට අරන් දෙනවා. ඉඩම අනුමත කිරීම ආදිය කරල දෙනවා.
    හැබැයි, උන් සමහර ඉඩම් අඩි ගානක් රතු පස් පුරවල ගොඩකරල දෙනව. ඒවයි ගෙයක් හදන්න අත්තිවාරම කපන්න ගියාම තමයි තේරෙන්නෙ. සමහරවිට කලුගල්තලාවක් පස්වලින් වහල දෙනවා. ගංවතුරට යටවෙන ඉඩම් දෙනවා. ඒ නිසා, අහල පහල කෙනෙක්ගෙන් ඉඩම ගැන හොඳට හොයල බලල ගන්න.
     
    • Like
    Reactions: wqe123