බ්‍රෑන්ඩ්නම් කොහොමද දන්නෑ මං ගාව ජෙනරික් එකක් තිබ්බෙ. සික්ස පර්සන් ඩෝම් ටයිප්. ඒක ත්‍රී සීසන් කිව්වට ලොකු වැහිවලට ලීක් වෙනවා කාලයක් යනකොට. ඉන්ටනෙට් එකේ තිබ්බ ඇඩ් එකක් බලලා ගත්තෙ. දැන් ඒ තැන්වල කැලිත් නෑ. ඔය ඔටෝමැටික් අනං මනං සීන් නැතිව සිම්පල් ඩෝම් ටයිප් එකක් බලන්න. මේන්ටේන් කරන්න ලේසියි සහ කෑලි රීප්ලේස් කරගන්න පහසුයි.
ඔය මොන සීසන් ගත්තත් කාලයක් යනකොට සීම් වලින් ලීක් වෙනවා. ඒ නිසා හොඳම දේ කුඩ රෙද්දක් අරගෙන හොඳ ෆ්ලයිඔවර් එකක් මහගන්න එක (කුඩරෙදි පිටකොටුවෙ තියනවා) ෆ්ලයිඔවර් එකේ මහපු සීම් එක සීල් කරන්න මම ඒකාලෙ (2012 විතර) පාවිච්චි කලේ මමම හදාගත්ත ක්‍රමයක්. (මේක ටෙන්ට් එකට නම් මම කරලා නෑ. ඒවට වෙනම ස්ප්‍රේ තියනවා, ටෙන්ට් එකට කරන්න යන්න එපා එකපාරටම, තිනර් නිසා හානි වෙන්න ඉඩතියනව)
සිලිකන් ටියුබ් එකක් අරගෙන ඒක බෝතලයකට මිරිකගන්නවා. ඊටපස්සෙ ඒකට තිනර් දාලා මිශ්‍ර කරගන්නවා දියාරු ද්‍රාවණයක් හැදෙන විදිහට. මිශ්‍ර වෙන්න හොරයිනම් බෝතලේට යකඩ නට් දෙකක් විතර දාන්න. ඊටපස්සෙ පින්සලක් අරන් සීම් එක හොඳට වැහෙන විදිහට දෙපැත්තම ඕක ගාගන්න. ඔහොම කරලා හදගත්තම තෙමෙන්නෑ මහ වැස්සකටත්. ටෙන්ට් එකට වඩා ලොකුවට හදාගත්තොත් වැස්ස වෙලාවට ඇතුළෙ කන්ඩන්සේශන් වෙන එක වලක්වගන්න ජනේල උනත් ඇරලා තියාගන්න පුලුවන්. ඒ වගෙම හොඳ ග්‍රවුන්ඩ් ක්ලෝත් එකකුත් හොයාගන්න. ටෙන්ට් එකට යටින් දාන්න.
අමතර ටිප්ස් විදිහට වැඩිපුර පෙග්ස්, සහ ගමනක් යනකොට තුනි නයිලෝන් නූල් ටිකකුත් අරන් යන්න. ඕවා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.