1. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.
2.හණමිටි අදහස් හූමිටි තබමින් අසා සිටීමින් හා ඒ අනූව ක්‍රියාත්මක වන්නෙක් සිටී නම්, ඔහු/ඇය තම බුද්ධි පරිමාණයෙන් හෝ තම හැකියාව මැන කටයුතු කරන්නෙකි.
3. නමුත් කිසිවෙකු තම උගත්කම, තමාගේ උස්කම්, තමාගේ ජයග්‍රහණ පෙන්වමින්, පම්පෝරි ගසමින් හැසිරෙයිද, වක්‍රාකාරයෙන් තමා අසවල් දේ දනිමි, අසවල් තරම් දෙඅ කළෙමි, අසවල් දේ ඇත්තෙමි ලෙස පෙන්වයිද, ඔහු වචනයේ පරිසමාප්ත වශයෙන්ම පොල් බූරුවෙකි.
4. ගණිතය, විද්‍යාව රජ වෙද්දී කලාව,සාහිත්‍යය බලු විය යුතුයි සිතන්නේ නම් එය අමන සිතුවිල්ලකි.
5. පවතින ක්‍රමය තුළ හිමි අවස්ථාව අතැහැර කොතෙකුත් අය වෙනත් සස්ටේනබල් පැතිවලින් ඉදිරියට ගියද ඊළඟ බුද්ධි මට්ටම පවතින අවස්ථාව නොවැරදීම ලබා ගන්නා බව තේරුම් ගත නොහැකි අය ගැන කණගාටුවකි. පවතින ක්‍රමයේ අඩු කළ යුතුයි හැඟෙන අවස්තාවන් අඩු කරන තාක් පවතින අවස්තාවන් ප්‍රයෝජනයට ගත යුතුය.
ඇනලිටිකල් මයින්ඩ් ඇති අය රට ආර්ථික වශයෙන් දියුණුවට ගෙන යන අය වන අතර කලාකාමීන් හදවත මූලික කරගත් මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සමාජයක් බිහි කරන්නෝය... ඇනලිටිකල් මයින්ඩ් හිමි
මානුෂීය හැඟීම් ඇත්තෝ රට පාලනය කිරීම අපි බලාපොරොත්තු වන්නකි.