මම කියන්න ගියේ මේකයි.
සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් වාහනයක් ස්ටාර්ට් එකේ තියෙද්දී (Ready මෝඩ් එකේ) අපි ඉන්වර්ටර් එක 12V බැටරි එකට ගහගන සෙටප් එක දදාගන, Ac දාගන හිටියත් එන්ජින් එක ඕෆ්.
එතකොට ඩිස්ප්ලේ එකේ පෙන්නන්නේ මෙහෙමයි
![]()
එතකොට ඉන්වර්ටර් එකටයි, සෙටප් එකටයි, Ac එකේ ෆෑන් එකටයි පවර් ගන්නේ 12V බැටරි එකෙන්. ඒත් Ac වලට ගන්නේ හයිබ්‍රිඩ් බැටරි එකෙන්
(මොකද බ්‍රේක් එක පාගන්නේ නැතුව ස්ටාර්ට් කරලා Ac දාපුවහම කූල් එක එන්නේ නෑ ෆෑන් එක විතරයි වැඩ කරන්නේ).
ටිකක් වෙලා ගිහාම බැටරි වල වෝල්ටේජ් එක අඩු වුණාම එන්ජින් එක ඔටෝ ඔන් කරගන්නවා විනාඩි 3ක් විතර බැටරි ටික චාර්ජ් කරගන්න.
එතකොට ඩිස්ප්ලේ එකේ පෙන්නන්නේ මෙහෙමයි බැටරි එක චාර්ජ් වෙන හැටි.
![]()
හයිබ්‍රිඩ් නොවන වාහනයකට ඉන්වර්ටර් එක ගහගන, Ac දාගන, සෙටප් එකත් දාගන ඉන්න නම් එන්ජින් එක එක දිගට ඔන් එකේ තියන්න ඕනෙනේ.
එතකොට එක දිගට පෙට්‍රල් ගියාට 12V බැටරි එක චාජ් වෙනවද? යද්දී විතරද චාජ් වෙන්නේ? ඒ ගැන මට දැනුමක් නෑ
මම කියන්න ගියේ නවත්තලා තිබුණත් සැරෙන් සැරේ එන්ජින් එක ඔන් කරගන හයිබ්‍රිඩ් වල එයා බැටරි 2ම චාර්ජ් කරගන්නවා කියන එකයි.
මම මේ කිව්ව ටිකේ වැරදි තියනව නම් නිවැරදි කරපං. උඹ ඉතිං වාහන කාපු එකෙක්නේ![]()
හයිබ්‍රිඩ් ගැන දන්නේ නෑ මචෝ.. හොයල බලන්නෙත් නෑ පුද්ගලිකව මම ආස දඩ සයිස් අමු පැට්‍රෝල් මැශින් වලට නිසා. කියල දුන්නට ස්තූතියි..
මෙන්න මේකට උත්තර දෙන්නම්
හයිබ්‍රිඩ් නොවන වාහනයකට ඉන්වර්ටර් එක ගහගන, Ac දාගන, සෙටප් එකත් දාගන ඉන්න නම් එන්ජින් එක එක දිගට ඔන් එකේ තියන්න ඕනෙනේ.
එතකොට එක දිගට පෙට්‍රල් ගියාට 12V බැටරි එක චාජ් වෙනවද? යද්දී විතරද චාජ් වෙන්නේ? ඒ ගැන මට දැනුමක් නෑ

නෝර්මල් වාහන වල , යද්දි උනත් එක තැන උනත් ඇන්ජිම ස්ටාර්ට් එකේනම් බැටරිය චාර්ජ් වෙනවා මචන්..
හැබැයි ඇන්ජිම නවත්තලා ඔච්චර සෙල්ලම් දාන්න බෑ. දවසක් මම ගෙදර අය ශොපින් පාරක් දාන්න ගිහින් වාහනේට වෙලා බ්ලෝවර් එක දාන් පොඩි නින්දක් දාලා ජම්පර් ගහලයි වාහනේ ස්ටාර්ට් කරගත්තේ



