Caroline & Chula crown එක බලෙන්ම ගලවයි

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    169092377_1917007708455263_1070884817770082576_n.jpg


    කැරොලයින්ට වඩා පුෂ්පිකා ලස්සනයි ..
    පුශ්පිකා caroline ට වඩා ලස්සන හන්දා එයාත් mrs world වෙයි කියලා ඊරිසියාවට කලින් ඉදන් ඔය ජරා වැඩේ plan කරන්න ඇති ..ඒකෙන් caroline කිසිම quality එකක් නැති ගෑනියෙක් කියලා ඔප්පු උනා ලෝකෙටම
    Carolyn vagey niyama guts thiyana ganuth inna kiyala oppu venava. Varadi deyak dutu thanama varadi kiyanna.
     
    • Like
    Reactions: Piyathissa

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මොක්කුද බන් මුන්.. මන් ඔකුන් සෙට් එක දකිනවා හැම ඉරිදම ජිම් එකේදී. ලස්සනයි කියන්න පුලුවන් කෙල්ලො ටික දෙනයි ඉන්නේ. පුශ්පිකා නම් ඇත්තටම ලස්සනයි. ඔයිට වැඩිය ලස්ස්න, පොශ්, tented කෙල්ලො ඉන්නවා ලන්කාවේ. උන් ඔය වගේ විකාර වලට එන්නෙ නෑ.
    තව මන් දැකපුදෙයක්.. ඔතන ඉන්නව හොදට සල්ලි තියන මිනිස්සු බදගත්තූ කෙල්ලෝ ටිකක්. උන් ඉතින් දෙන්න තියන showoff එක දෙනවා අයේ අර දුප්පත් කෙල්ලො ටිකට කැරකිලා යන්න. සල්ලි නැති එවුනුත් ඇතාරින්නේ නෑ uber එකෙන් වාහනයක් දාගෙන කියනව හුස්බන්ඩ් ගන්න අවා කියලා.. :lol:
    පුෂ්පිකා ලසන්නයි බන් මේකන් නොදා නිකන්
     
    • Like
    Reactions: DevilRox

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    eth ban ohoma wihin chatar weida

    Trend වෙනව නම් අපේ එවුන් නොකරන දෙයක් තියෙනවද දැන්.

    සිරස
    අර හැම කුණු ගොඩම interview කරන එකා
    TV උස්සන් නටන එකී

    කිසිම දෙයක් මේ රටේ විස්වාස කරන්න බෑ
    මන් දන්න හැටියට ලංකාවේ marketing කරන එවුන් behavioral sciences කරන එවුන් එක්ක වැඩ. අනේ මන්දා කතා කරන වෙලාවත් අපරාදයක්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Trend වෙනව නම් අපේ එවුන් නොකරන දෙයක් තියෙනවද දැන්.

    සිරස
    අර හැම කුණු ගොඩම interview කරන එකා
    TV උස්සන් නටන එකී

    කිසිම දෙයක් මේ රටේ විස්වාස කරන්න බෑ
    මන් දන්න හැටියට ලංකාවේ marketing කරන එවුන් behavioral sciences කරන එවුන් එක්ක වැඩ.
    hmm anithamta chulai,carolinui,arakiy 3 denama famous una
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    hmm anithamta chulai,carolinui,arakiy 3 denama famous una

    Eka tma .
    සල්ලි තියෙන පිරිමි 3,4 දෙනෙක්ගෙ attention 1ka වැටුනාම හොදටම ඇති
    IG followers tika wadi una
    Twitter SL trend una
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,759
    113
    Panadura
    මුන් මොන රූ රැජිනියොද බන් ඔයිට වඩා ලස්සන උගත් වැදගත් උන් ලංකාවේ කොච්චර නම් ඉන්නවද​
     
    • Like
    Reactions: erozan

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    ආයුබෝවන්!
    මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,
    සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දැනටමත් දනිමි. කියන්නට බොහෝ දේ තිබුනත්, අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.
    පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.
    දෙවනුව, මා සිතන ආකාරයට ලංකාවේ නොව ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පලවෙනි වරට එසේ අපහාසාත්මක ලෙස, සියල්ලන් ඉදිරියේ මගේ කිරුල උදුරා ගනු ලැබුවත්, මේ ලියන මොහොතේ ත් මම මගේ හිස කෙලින් තබාගෙන, පෙර සේ ම අභිමානයෙන් ආඩම්බරයෙන් සිටින බව කියමි. මම, මම ම වන අතර, මට මෙය තවත් එක සිදුවීමක් පමණි.
    ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් මගේ කිරුල උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, ".. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?" යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.
    එහෙත්, මෙය තනි ගැහැණියක් වූ මා වෙනුවෙන් මුලු ලෝකයක ගැහැණුන් මෙන්ම පිරිමින් ද, පක්ෂ පාට ජාති ආගම් කුල මල භේද පසෙක ලා හඬ අවදි කරන ඓතිහාසික මොහොතකි. ඔබ සියලු දෙනාගේ මේ ආදරය මට යෝධ ශක්තියක් වන බව කියමි.
    අනික් අතට මම දික්කසාද ගැහැණියක් නො වෙමි. මේ ලියන මොහොතේ ත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එ සේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.
    මේ තරඟාවලියේ ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම් මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරඟ ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නො වේ.
    මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුල පැලඳුවෙමි. ඒ මොහොතේ ම මම ලංකාවේත් ලෝකයේ ත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.
    ඉදින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.
    “අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි”!!!
    පුෂ්පිකා ද සිල්වා
    - කිරුල උදුරාගන්නා ලද පලමු ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ
    🙏

    FB page ekakin gaththe
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    විවහක රූ රජා වගේ එකක් තිබ්බ නම් ඔය වගේ දේවල් දකින්න වෙන්නෙ නෑ. පිරිමි සාමකාමි නේ. ගැනු ගිය තැන ඉවරයි.