බැහැ cod කියන්නෙ තවත් එක මුලාවක වෙනස් ස්වරූපයක් විතරයි. package එක open කරන්න දෙන්නෙ නෑ. open කලොත් අනිවා ගන්න ඕනෙ. මගේ එක business එකකට ඕනෙ retail items සහ business එකේ stationary items වගයක් cod ගෙනාව. ගෙන්වපු අය අලුත්. ගොඩක් items එකපාර ගත්තාම බොහෝ වෙලාවට වරද්දල බිල් කරනව. ඒ නිසා ඩිලිවරි ආවාම චෙක් කරල ගන්නෙ. මොකද පස්සෙ කියන ඒව අහන්නෙ නෑ කවුරුත්. cod එන කිසි දෙයක් උන් බලන්න දෙන්නෙ නෑ. ඉතින් cod දැන්ම කියල එහෙම අමුතු වාසියක් ලැබෙන්නෙ නෑ. අරූ ගලක් පාර්සල් කරල එව්වත් ගන්න වෙනව. ඇතුල බලන්න බෑ. cod එන එකා 1මින් ඉන්න කැමති නෑ. අපි බිස්නස් වැඩ ඔක්කොම නවත්තල ඌගේ වැඩේ කරන්න ඕනෙ. item sell කලොත්නෙ purchase කරන්න පුලුවන්. එතකොට වැඩි ප්රමුඛතාවය එවලෙ ඉන්න කස්ටමර්ට දෙන්න ඕනෙ. ස්ප්ලයර් ඒක දැනගන්න ඕනෙ. වික්කොත් තමා ආයිත් අලුතෙන් කරන්නෙ. ඒත් cod එන උන් කස්ටමර් හිටිය කියල උන්ට වැඩක් නෑ. කෑගහනව ගෙවන්න උන්ට පරක්කුයි කියල. cod සේරම නවත්තල තියෙනෙ දැන්. කාඩ් බැරි අයට පේමන්ට් කරන්න අමාරු අයට හදපු සර්විස් එකක්. වෙන වාසියක් නෑ.