cctv Nepal අම්මෝ බන්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,536
    3,124
    113
    Three gorges dam කියන්නේ පරණ එකක් බන්. Nepal වලට අවුරුදු ගානකට කලින්ම glacier ගැන warning එකක් දීල තිබ්බේ

    track da bn. three gorges dam eka hdala iwara wela dan 20 years wage wenwa. :ROFLMAO: :ROFLMAO:

    චොරි.. මේක ගැන කීවේ

    • Like
    Reactions: navinnuwan

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    කූඹූගුලට වතුර බාල්දියක් හැලුව වගේ...🙁
    උඹලට හිතෙනවද මේක ස්වභාවික විපතක් කියල 🧐
    වුන විදිහනං ප්‍රෙහේලිකාවක් තමයි...
    ග්ලැසියර් දියවෙලා කිවුවට...

    අදහසක් තියෙනවද මොකක් හරි.
     
    • Sad
    Reactions: nidarsha91

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,917
    2,523
    113
    colombo
    පරිසර උෂ්ණත්වය වැඩිවෙන නිසා ග්ලැසියර පොඩ්ඩ පොඩ්ඩ දිය වෙනවා වෙනුවට එක පාර කෑලි කැඩෙනවද දන්නෑ
     
    nidarsha91

    Well-known member
  • ලෝකෙ අපි හිතනවාට වඩා ලොකුයි කියල මතක තියා ගන්න ඕන බං. මේ පුංචි ලංකාවෙ කෙළවරකින් කෙළවරකට යන්ඩම පැය කීයක් යනවද? දැන් map එකක් අරන් පොඩ්ඩක් ඔය හරියෙන් ලංකාව තියල බලහන්කො. එ‍් වගේ දහ පහළොස් ගුණයක් තියෙන්නෙ මිනිස් පුළුටක් නැති, හිටියත් ඉන්න සේරම වර්ග කිලෝමීටරක දෙකක ටවුමකට වගේ සීමා වෙච්ච තඩි ප්‍රදේශ. Monitor කරනවා නම් කරන්න පුළුවන් තමයි ඉතින්. හැබැයි එහෙම කියල කොච්චර කරන්නද?

    මම උඹට තවත් සරල උදාහරණයක් කියන්නම්කො. නිකමට හිතපන් අපේ පෘථිවිය අරගෙන, එ‍්කෙ වර්ග කිලෝමීටරේ කිලෝමීරේ කොටු ගැහුවා කියල. කොටු කීයක් තියෙනවා කියලද හිතන්නෙ. මිලියන පන්සීයක් තියෙනවා බං. වෙනත් විදිහකට කිව්වොත් එ‍් මට්ටමෙන් photo එකක් ගැහුවොත් එ‍්ක මෙගා පික්සල් 500 ක් තියෙනවා. ඕකෙ ලංකාව පෙන්නන්න යන්නෙ පික්සල් 65000 ක් විතර. මුළු කොළඹ දිස්ත්‍රික්කයටම පික්සල් 800 ක් අ‍ැති. අපි සාමාන්‍යයෙන් කොළඹ කියල හඳුන්වන 1-15 පෙන්නන්න pixel 40 යි ඕන. සාමාන්‍යයෙන් font size 8 දාල කැපිටල් O ලිව්වම යන පිස්කල් ටික.

    අන්න එතකොට හිතාගනින් ඔය පැත්ත කොච්චර ලොකුයිද කියලා. ඕන නම් අනිවාර්යයෙන්ම monitor කරන්න පුළුවන්. හැබැයි කරන එ‍්වා තෝර ගන්න වෙනවා. මේක එහෙම තෝරගෙන තිබුණ එකක් නෙවෙයි.
    ග්ලැසියර් ගැන කරන පරීක්ෂන අද ඊයෙ වෙන දේවල් නෙමෙයි මගෙ මිත්‍රයා. ඒව කරන්න උඹ ඔය කියනව පොළොවෙ වැලි වගේ ඉන්න මිනිස්සු ගානින් විශාල පිරිසක් මේ වෙද්දිත් වැඩ කරනව. ඒ මිනිස්සු ඇත්තටම හොයල බලනව මිදුනු හිම අතර තියෙන ස්ඵටික වල දෘඩභාවය කොච්චරක්ද? ඒ ස්ඵටික ඇතුලෙන්ම බිඳෙනවද? උඩින් ලොකු පීඩනයක් හරි පුපුරා යාමක් හරි ආවොත් කොයිතරමක් දුරට ඒ ඉරිතැලීම යනවද වගේ කාරණා. ඔය මම කිව්වෙ උඩ කොටස ගැන විතරයි. පහල භූ තැටි වල වෙන වෙනස්කම් ගැන හොයන අය වෙනම හොයනව පහලින් වෙන වෙනස්කම් ගැන. එතකොට එක පාරටම මෙහෙම දෙයක් වීම ගැන සාමාන්‍ය විදියට හිතල කොත්තුවක් කාල පඩයක් ඇරල දොයියග්ත්තම තමා හරි. ඒත් බැක් එන්ඩ් එක ගැන හිතන ඔලුවකට හිතාගන්න පුළුවන් බල තන්හාව, යුධ ශක්තිය, වගේ කාරණා එක්ක වෙනත් රටවල් වල කොයිතරම් සැප ජීවිත ගත කළත් ඒක හරියටම ගිනි කන්දක් උඩ ගෙවන තත්වයක් විතරයි කියල. එහෙම බැලුවාම පොඩ්ඩක් හරි වෙන් වෙච්ච රටක් විදියට අද ණය ගොඩක් වගේ පේන රටක් මොන ගේමක් ගහල හරි කැප කිරීම් කරල හරි දවසක බේරිල තියෙන එක...
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,919
    2
    15,660

    උඹට කියන බිජ්ජ තේරෙන් නෑ බං. ඔව් කරනවා, හැබැයි කරන්න පුළුවන් ප්‍රමාණයක් කියල හුත්තක් තියෙනවා. මෙහෙම හිතපන්කො. මුහුදු පතුලටම ගිහින් වැලි අරන් එන්න පුළුවන් sea drone නැතිව නෙවෙයි. හැබැයි එහෙමයි කියල මුළු මුහුද පුරාම ඕක කරනවද? නෑනෙ. කරන්න බැරි කම තියෙන්නෙ තාක්ෂණය නැති කමේ නෙවෙයි තියෙන ප්‍රමාණයේ අවුල තියෙන්නෙ. වෙනම ඉන්නවා හැබැයි ඉන්න ප්‍රමාණය මදි.

    උඹට තණකොළ ගහක් අරන් එ‍්කට macro lense කැමරාවක් දාල බලාගෙන ඉන්න පුළුවන් තමයි. හැබැයි මුළු ලංකාවෙම තියෙන cricket ground හැම එකේම තණකොළ ගස් එකෙන් එක monitor කරන්න පුළුවන්ද? බෑ නේද? අන්න එ‍් වගේම අවුලක් තියෙන්නෙ. උඹට මේකෙ scale එක ගැන අවබෝධයක් නෑ එ‍්කයි අවුල.

    තාක්ෂණය වැඩියෙනුත් එක්ක තියෙනවා. මොකක් හරි සැක කරන්න හේතුවක් තියෙන තැනක් තියෙනවා නම් එ‍්කට උපකරණ විතරක් නෙවෙයි සැටලයිට් හරි යොමු කරල monitor කරන්න පුළුවන්. හැබැයි එහෙම හැම තැනටම කරන එක ප්‍රායෝගික නෑ. කියන දේ තේරුම් ගන්න උත්සාහ කරපන් පොඩ්ඩක්. මේක වෙලා තියෙන්නෙ එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල indication එකක් නොතිබ්බ තැනක.

    දැන් ඉතින් එ‍් පාර දිගේ උඹ කිව්ව විදිහට monitor කරනවා තමයි. හැබැයි කරන් නැති තැනක ඕක වුණොත් එ‍්ත් ඔච්චරයි.

    ග්ලැසියර් එකක් කඩන් වැටෙන එක භුමි කම්පාවකට සෑහෙන සමානයි එ‍් අතින් බැලුවාම. Tectonic plate monitor කරන්න කොච්චර තාක්ෂණයක් තිබ්බත් ඊළඟ එක හරියටම වෙන්නෙ මේං මෙතන කියන්න වයිමා අ‍ාවත් බෑ. එකම වෙනස ඉතින් භුමි කම්පාවක් වුණාම P waves ඉක්මනට යන නිසා හානිය වෙන්න කලින් දැනුම් දෙන්න පුළුවන්. මේකෙත් ග්ලැසියර් එක වැටිලා වෙච්ච 5.1 කද කොහෙද භුමි කම්පාව record වෙලා තිබ්බනෙ. හැබැයි භුමි කම්පාව එච්චර ලොකු නැති නිසා කවුරුත් ගණන් ගත්තෙ නෑ එච්චරයි.

    හානිය වුණේ ග්ලැසියර් එක කඩන් වැටිලා ගඟක් හිර වෙලා ගලන වතුර block වෙලා සෑහෙන වෙලාවක් තිබිලා, ඊට පස්සෙ එකතු වුණ වතුර සේරමයි, ග්ලැසියර් එක කඩාගෙන අ‍ැවිත් දිය වෙච්ච වතුර ටොන් ගාණකුයි ගල් වැලි සේරමයි එක්ක පහළට අ‍ාව එක. එහෙම sludge එකක් ගෑවීගෙන එද්දි තියෙන වතුර ටික වගේ 6 ගුණයක් විතර දෙපැත්තෙ තියෙන කඳුවල තියෙන අයිස් පවා හෝදගෙන අ‍ැවිත් වතුර වැඩි වෙනවා. එ‍් හින්දයි ඔච්චර විනාසයක් වුණේ. නැතුව මේ මුන් හිතාගෙන ඉන්නවා වගේ ග්ලැසියර් එකක් අ‍ාවා නෙවෙයි. 🤣