CEB new announcement

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    55sgpgv.jpg



    ශ්‍රී ලංකාව තුල පේනු සහ කෙවෙනි සඳහා ප්‍රමිතියක් හඳුන්වා දීමට හේතුව.
    පහත දැක්වෙන පරිදි ශ්‍රී ලංකාව තුල නිපදවන සහ ආනයන කරණුලබන විදුලි උපකරනවල පේනු විවිධ හැඩයෙන් යුක්තය.

    විදුලි පාරිභෝගිකයින්ට මෙම විවිධ හැඩයෙන් යුත් පේනු (Plugs) ලංකාවේ භාවිතාවන කෙවෙනි (Socket) වර්ග 3න් එකකට සවිකිරීමට සිදුවේ.

    • 5 ඇම්පියර් රවුම් හැඩයේ කෙවෙනි
    • 15 ඇම්පියර් රවුම් හැඩයේ කෙවෙනි
    • 13 ඇම්පියර් කොටු හැඩයේ කෙවෙනි

    ඉහත දැක්වූ විවිධ හැඩයෙන් යුතු පේනු සමහරක් මෙම කෙවෙනි වලට සම්බන්ධ කිරීමට නොහැකි නිසා විවිධ විදුලි උපකරන භාවිතා කිරීමට, අනාරක්ශිත උපක්‍රම භාවිතා කිරීමට විදුලි පාරිභෝගිකයන් පුරුදුව සිටී.

    එවැනි අනාරක්ෂිත උපක්‍රම කිහිපයක් පහත දැක්වේ.

    1. ප්‍රමිතියෙන් තොර බහුවිධ කෙවෙනි භාවිතය (Multi Plugs)
    2. ප්‍රමිතියෙන් තොර විදුලි දිගු (Extension Code) භාවිතය
    3. කෙවෙනියේ භූගත සිදුරට ස්ථිරව පෑන් කොපු, පැන්සල් ආදිය සිරකොට තැබීම

    මෙම අනාරක්ෂිත උපක්‍රම නිසා විදුලි අනතුරු ඇතිවීම හේතුවෙන් ජීවිත හානි සහ දේපල හානි සිදුවූ ප්‍රමානය ඉතා ඉහලය. විදුලි කාන්දු සහ දේපල ගිනිගැනීම් ශ්‍රී ලංකාව තුල සිදුවන බොහොමයක් ගිනී ගැනීම් ඇතිවීමට හේතුව වන්නේ විදුලි කාන්දුවීම් නිසා හට ගන්නා ගිනිගැනීම් වේ. විදුලි කාන්දු ඇතිවීමට ප්‍රධාන වශයෙන් මුල්වන්නේ:

    • ප්‍රමිතියෙන් තොර විදුලි බහුවිධ කෙවෙනි (Multi Plug)
    • ප්‍රමිතියෙන් තොර විදුලි දිගු භාවිතය(Extension Code)
    • ප්‍රමිතියෙන් තොර නිවාස රැහන්ගත කිරීම් (House wiring) නිසාය.

    ඇම්පියර් 13 කොටු හැඩයේ පේනු සහ කෙවෙනි හඳුන්වාදුන් ප්‍රමිතියයි.
    නව ප්‍රමිතිය හඳුන්වා දීමෙන් රට තුලට ආනයනය කරන සහ නිපදවන විදුලි උපකරනවල පේනු (Plugs) ඇම්පියර් 13 කොටු හැඩයෙන් යුක්තවීම අනිවාර්යය වේ.

    මේ නිසා උපකරණයේ පේනුවට ගැලපෙන කෙවෙනියක් පවතින නිසා විදුලි උපකරන සම්බන්ධ කිරීමට අතරමැදි උපක්‍රම සහ උපකරන භාවිතා කිරීමට අවශ්‍ය නොවේ.

    දැනට නිවසේ පවතින කෙවෙනි හෝ උපකරන වලට වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නොවන අතර දැනට නිවසේ පවතින රවුම් පේනු සහිත විදුලි උපකරණ කොටු කෙවෙනියකට සම්බන්ධ කිරීමට පහත දැක්වෙන පරිදි ප්‍රමිතියට අනුව නිපදන්වන ලද “1-1 පරිවර්තකයක්”(one to one Converter) පමනක් භාවිතා කල යුතුය.

    කොටු පේනුවක් රවුම් කෙවෙනියකට සම්බන්ධකිරීමටද පහත දැක්වෙන පරිදි ප්‍රමිතියට අනුකූලව “1 to 1 Converter” භාවිතා කල යුතුය.

    බහු විධ කෙවෙනි (Multi Socket) භාවිතයෙන් සහ වෙළඳපොලින් ඉවත් කෙරේ.

    ප්‍රමිතියෙන් යුතු (විලායක සහිත ) කොටුහැඩයේ සිදුරු සහිත විදුලි දිගු පමණක් භාවිතයට ඉඩ දෙනු ලැබේ.

    ගොඩනැගිලි රැහැන්ගත කිරීම
    නව ගොඩනැගිලි රැහැන් ගත නව ප්‍රමිතියට අනුකූලව සිදුකිරීම කළ යුතුය. එහිදී ඇම්පියර් 13 කෙවෙනි සහ නිර්දේශිත ඝනකමින් යුත් වයර් භාවිතා කිරීම අනිවාර්ය වේ.

    Infographic by CEB Graphics Desk & SMT ; Textual Content by PUCSL

     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ standards ගේනවා කියල ගිය අවුරුද්දේ කිවුවා වගේ මතකයි :rolleyes: