ඉන්දියාව කියන්නෙ පිටරටින් එන ඕනම දෙයක් තමන්ගෙ රටට ඇතුල් වෙද්දි තමන්ගෙ රටේ ඇතුලෙ නිෂ්පාදන වලට හානියක් නොවෙන විදියට නීති හදාගන්න රටක්. මෘදුකාංග පිටරටින් ඉන්දියාවට එනවානම් ඒවා ජාත්‍යන්තර මිලටම රට ඇතුලෙදි අලෙවි කරන්න බැරි විදියට නීති තියෙනවා. වාහන බලන්න. පිටරට නිෂ්පාදකයෙක්ට පිටරට කරපු නිෂ්පාදනයක් ඉන්දියාවට විකුණනවට වඩා ලේසියි ඉන්දියාව ඇතුලෙදි නිෂ්පාදනය කරන එක කියලා හිතෙන විදියට ඉන්දියාවෙ රජය කටයුතු සලස්වනවා. ඒ වගේම ඉන්දියාව තමන්ගෙම තත්ව සහතික (standards) හදා ගන්නවා.
Fuel Specifications for meeting the Euro II, Euro III and Euro IV emission , Bharat Stage II, Bharat Stage III, Bharat Stage IV, Bharat Stage V.
ඉතින් අපි හිතුවට අපේ නිෂ්පාදන ඉන්දියාවෙ අලෙවි කරන්න පුලුවන් වේවි කියලා අපිට පුලුවන් වෙන්නෙ අපේ රටේ පරණ යකඩ ටික ඉන්දියාවට පටවන්න විතරයි. ඉන්දියාව කවදාවත් ලංකාවත් එක්ක අත්සන් කරන ගිවිසුම අනුව ලංකාවට ලැබිය යුතු සහන දෙන්නෙ නෑ. ඒ වුනාට ලංකාව ඉන්දියාවට සහන නොදී හිටියොත් ඒ වෙලාවට ලංකාවට බලපෑම් කරන්න පසුබට වෙන්නෙත් නෑ. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය ගත්තම අපි දකින දෙයක් තමයි සුද්දගෙ company වල ශාඛා ඉන්දියාවෙ පිහිටුවාගෙන ඒ ක්ෂේත්‍රයත් විනාශ කරනවා. සුද්දා එක්ක වැඩ කරන්න ලේසියි ඉන්දියන් කාරයින් එක්ක වැඩ කරනවාට වඩා. මොකද ඉන්දියන් කාරයා කරන්නෙ තමන් විකුණන දේ උන්ට ඕන විදියට අපිට පාවිච්චි කරන්න බල කරන එක. අඩුපාඩු පෙන්නුවම අපේ කනෙන් රිංගන්නයි දගලන්නෙ.