Charitha Attalage

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ලංකාවේ කලාවට industry එකක් නැත්තේ ඇයි?

    - Charitha Attalage

    Industry එකක් කියන්නේ මොකද්ද? ලාභ ලබන කර්මාන්තයක් කියන එකට නේද? ඉතින් ඇයි ලංකාවේ music, film, teledrama, animation වගේ art forms වලට industry එකක් නැත්තේ? ඇයි ලාභ ලබන්නේ නැත්තේ? mmm .. පොඩ්ඩක් ඉන්න බලන්න .. ටිකක් කල්පනා කරලා බැලුවොත් Industry එකක් නැත්තේම නෑ නෙවෙයි.

    ඔයාලා "මල් සින්දු," "අඬන සින්දු," කරන මිනිස්සු කියල බෙදල වෙන්කරලා බැන්නට, ඒ මිනිස්සු මහන්සි වෙලා හදාගත්තු ''industry'' එකක් තියෙනවා නේද? එකේ ඇතුලේ තියෙන කලා රසය පැත්තකින් දාලා පොඩ්ඩක් හිතල බලන්න! ඔයාලා ඔය කියන "මල් සින්දු," "අඬන සින්දු," market එක ඇතුලේ රුපියල් million ගණන් වලින් ලාභ ලබන වැඩ කරනවා නේද? ඔව්! Ringing tone market එක ඉතා සාර්ථක වෙළඳපොළක් වුණා නේද? ඔව්! ඒ කාට පිං සිද්ද වෙන්නද? ඒ කලාකරුවන්ගේ අවංක audience එකට පිං සිද්ද වෙන්න නෙමෙයි ද? අන්න audience ! මුදල් ගෙවලයි enjoy කරන්නේ! True demand!

    True demand එක කියන්නේ මොකද්ද හරියටම? Youtube එකේ එන million ගණන්වල views වත්, trending number 1 එන එක කියල හිතන් ඉන්න එකවත්, FB එකේ හෝ Instagram එකේ likes & shares දහස් ගණන් එනවා කියල කියන එකවත් කියල හිතන් ඉන්නවනම් sorry.com තමයි! True demand එක කියන්නේ, තමන් enjoy කරන සින්දුව හෝ ෆිල්ම් එකට මුදලක් ගෙවීමට කොන්ද පණ ඇති audience එකක් ඉඳීම කියලයි මම හිතන්නේ! එහෙම audiences ලංකාවේ නැති නමුත්, ලෝකේ ඕනෑතරම් ඉන්නවා :)

    කලාව කියන්නේ ඉතාම special මනුස්ස ප්‍රකාශනයක්! ඒක රසවිදින්න පසුම්බිය එලියට අදින්න සුදානම් නම් විතරයි ''industry'' එකක් ජනිත වෙන්නේ. කලාකරුවා සහ audience එක අතර මුදල් කැරකුනොත් විතරයි circle එකක් සම්පුර්ණ වෙන්නේ.

    නිකමට හිතල බලන්න, ඉස්සරහට එලිදැක්වීමට නියමිත Gajaman වගේ animation එකක් ගෙවලා බැලුවොත් ඒ මිනිසුන්නට ඊලඟ පාර කරන animation එක තව කොච්චර ලොකු production එකක් හැටියට කරන්න පුළුවන් වෙයිද? බොරුවට download link පන්නල ගමටම ඒ animation එක පෙන්නලා ''future of Sri Lankan animation'' කියල FB එකේ post එකක් දානවට වඩා හොඳයි legally (නීත්‍යානුකුලව) music, teledramas, animations, films වගේ දේවල් enjoy කරන්න (රසවිඳින්න) පුලුවන්නම්! එහෙම කරන්න audience එකකට කොන්ද පණ තියෙනවනම් "industries" බලාගෙන ඉද්දි හැදෙයි!

    එහෙම නැතිකම (හිඟනකම) හින්ද තමයි තාමත් අපේ අයියලා international validation, එහෙම නැත්තම් international platform එකේ ඇගයීමට ලක්වෙන්න වෙර දරන්නේ! Internet එක හරහා අපි මුළු ලෝකයක් එක්කලා connect වෙලා ඉවරයි! හැමෝම international තමයි! රට ඇතුලේ හරිහමන් industry එකක් හැදුනොත් අපිට international arena එකේ වෙනදේවල් එච්චර වැඩක් නැති වෙයි.. හරියට ඉන්දියාවේ industry එකට සුද්දගේ ඇගයීමක් ඕනේ නෑ වගේ!

    කුඹියෝ වගේ නාට්‍ය රසවිදින්න, Gajaman වගේ animations රසවිදින්න වැරදිලා හරි Netflix වගේ platform එකක් තිබ්බොත් කීදෙනෙක් මුදල් ගෙවලා බලන්න ලෑස්තිද? අලුතෙන් එන ගීත කීදෙනෙක් මුදල් ගෙවලා රසවිඳින්න කැමතිද? පිනට download links සහ YouTube rips වලින් සිංදු අහල ''සුපිරි,'' ''පට්ට,'' කියමින් කොඩි වනාගෙන ආඩම්බරයෙන් සව්දිය පුරන audience එකකින් සත පහකවත් වැඩක් නෑ කියලා කියන්නේ සන්තොසෙකින් නම් නෙමෙයි! මොකද එහෙම audience එකකින් ''industry'' එකක් හැදෙන්නේ නැති නිසා. Industry එකක් හැදෙන්න audience එකක් ticket අරන් concert බලන්න යන්න ඕනේ, film බලන්න යන්න ඕනේ, stage drama බලන්න යන්න ඕනේ, legal platforms හරහා සිංදු අහන්න ඕනේ.. ඇත්තටම කිව්වොත්, උගත් සහ අවංක audience එකක් තමයි ඕනේ!

    ඔන්න කරනවානම් කරන්න පුළුවන් විප්ලව - legal විදිහට entertainment පාරිබෝජනය කිරීම!

    මෙව්වා හරිනම් ඉස්කෝලවල කියල දෙන්න ඕන දේවල් නේද? ඉස්කෝලවල ඉතින් ළමයින්ව intellectually (ධීමත්භාවය) inspire කරන්නේ නෑනේ! පංතියේ පළවෙනිය වෙන්න ඉගෙනගනිද්දී, කලාවට වටිනාකමක් ඇතිබව අමතකවෙනවා ඇති! ලංකාවේ රජයෙන් කලාව ඉගෙනගන්න ළමයින්ට හරිහමන් scholarship එකක්වත් දෙන්නේ නැති වෙලාවක, වෛද්‍ය සිසුන් දෙපිල බෙදිලා ගහගන්න වෙලාවක කරලා පෙන්නන්න පුළුවන් විප්ලව මෙව්වා තමයි.

    ලංකාවට උගත් කලාව නෙමෙයි නැති වෙලා තියෙන්නේ.. උගත් audience එකක් තමයි නැත්තේ.. හරි පාළුයි .. දුකයි.

    https://www.charitha-attalage.com/n...-lankan-creative-industries-charitha-attalage
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඔව් ඌ කියන කතාවත් අත්තක් තියෙනවා
    සල්ලි ගෙවල බලන්න පුළුවන් නිර්මාණත් එකතු වෙනවා නම් අපේ ලංකාවට
    පීටරැට මූවි එකක් කොන්සර්ට් එකක් තිබුනොත් මිනිස්සු යන්නේ නැද්ධ බලන්න
    ඕනේ තරම් සල්ලි ගෙවාගෙන ගිහින් බලල එනවා

    මෙතන තියෙන්නේ ඕඩියන්ස් එකට වඩා ලංකවේ නිෂ්පාධකවරු අතින් හරි හමන් නිර්මාණයක් බිහි නොවෙන එක.. එහෙම හොද නිර්මාණයක් බිගි වෙනවා නම් මිනිස්සු ඒවා නොබලා ඉන්නේ නැ

    චරිත කරපු සින්දු සෙට් එක නම් පට්ට මොනවා උනත් චරිත වගේ කෙනෙක්ට මේ විදිහට ඕඩියන්ස් එකට බනින්නා අයිතියක් තියෙනවා මොකද චරිත පට්ට ටැලන්ටඩ්

    අනික් මල් සින්දු කනට අහන ඉන්න බැරි සින්දු ලියන කියන එවුන්ට නම් මෙහෙම දෙයක් කොන්ද කෙලින් තියන් කියන්න බැ ඉතින්
     
    Jun 15, 2017
    269
    29
    0
    ඔව් ඌ කියන කතාවත් අත්තක් තියෙනවා
    සල්ලි ගෙවල බලන්න පුළුවන් නිර්මාණත් එකතු වෙනවා නම් අපේ ලංකාවට
    පීටරැට මූවි එකක් කොන්සර්ට් එකක් තිබුනොත් මිනිස්සු යන්නේ නැද්ධ බලන්න
    ඕනේ තරම් සල්ලි ගෙවාගෙන ගිහින් බලල එනවා

    මෙතන තියෙන්නේ ඕඩියන්ස් එකට වඩා ලංකවේ නිෂ්පාධකවරු අතින් හරි හමන් නිර්මාණයක් බිහි නොවෙන එක.. එහෙම හොද නිර්මාණයක් බිගි වෙනවා නම් මිනිස්සු ඒවා නොබලා ඉන්නේ නැ

    චරිත කරපු සින්දු සෙට් එක නම් පට්ට මොනවා උනත් චරිත වගේ කෙනෙක්ට මේ විදිහට ඕඩියන්ස් එකට බනින්නා අයිතියක් තියෙනවා මොකද චරිත පට්ට ටැලන්ටඩ්

    අනික් මල් සින්දු කනට අහන ඉන්න බැරි සින්දු ලියන කියන එවුන්ට නම් මෙහෙම දෙයක් කොන්ද කෙලින් තියන් කියන්න බැ ඉතින්




    uba kiyala tiyena dewal attha hebei ekak erenna. talented una paliyata audience ekata baninda aithiyak hambenne kohomda? talented unata people favorite wenna beri nam ekath nohekiyawama tamai. example ekak kiyanawanam lankawe patta talented singersla oni taram innawa hebei adatath minissunge favorite wela inne hr jothipala. talented una paliyata wedak na minissu kemati nettam.