මේ FB එකට ලියපු ලිපිය මේ වීඩියෝ එක ගැන.
-------------------------------------------------------------------------------------------------------------------------------
මේක මැජික් එකක්.
ඕනිම වැඩක භාගයක් විතර සුටුස් ගාල ඉවර කරගන්න පුලුවන්.
මම කලින් මෝඩ යකාව බැදගෙන වැඩ ගන්න ලිපියෙන් පොරොන්දු උන වීඩියෝ එක හදන්න යනකොට තමා මේ වැඩේ මටත් තේරුනේ මේකත් කියල දුන්න නන් වටිනව නේද කියල.
මේ තියෙන්නෙ ඒ විඩියෝ එකේ ලින්ක් එක
ඒ ලිපියෙ අපි වැඩේ කරන්න කියපු විදිය මතක නන් මම ඒකෙදි කිව්ව වැඩේ පොඩි පොඩි කෑලි වලට කඩා ගන්න කියල. මේක ඇත්තටම ChatGPT එකෙන් වැඩ ගන්න විතරක් නෙවෙයි අපි කරන ඕනිම Programming වැඩකට වගේම ඕනිම අනික් වැඩකටත් ගන්න පුලුවන් ක්‍රමයක්.
ඔයාට programming දැනුම පොඩ්ඩක් තිබ්බත් ගොඩක් තිබ්බත් මේකේ මුල් විනාඩි කිපයේ කතා කරන ඒ කොටස ගොඩක් වැදගත් වෙයි. අපි ලියන ඕනිම software එකක එහෙමත් නැත්තං අපි කරන ඕනිම වැඩක කිව්වත් වැරැද්දක් නෑ අපි හදාගන්න ඕනි හරියටම අපි කරන්න ගන්නේ මොකද්ද කියන plan එක. ඒක හදාගන්න පුළුවං නං අපිට අපි කරන්න යන වැඩේන් බාගයක් විතර ඉවරයි වැඩේ පටන් ගන්නකොට.
plan එකක් හදනව කිව්වම ඒක මේ ලොකුවට කරදර වෙන්න ඕනි දෙයක් නෙවෙයි. අපි හැම වෙලේම කරන්න මොකක් හරි ගැටලුවකට විසදුමක් හොයන එකනෙ ඉතින් ඕක විසදන්න පිලිවෙලක් තියෙනව ඒ පිලිවෙල පටන් ගන්නෙ අපි භාවිතා කරන inputs ටිකෙන් ඊට පස්සෙ ඒ inputs ටික අපි process කරල outputs ගන්නව. එතකොට ඔය විසදුම භාවිතා කරන users ල ඉන්නව එයාලට භාවිතා කරන්න features තියෙනව. ඉතින් අපේ plan එක වෙන්නෙත් ඔය කොටස් ටික ලියාගන්න එක. ඊට පස්සෙ ඉතින් අපි විසදගන්න තෝරගත්ත ක්‍රමයට ප්‍රශ්නෙ විසදගන්නව.
මේක ඔයාල වැඩ කීපයකට භාවිතා කරාම තේරෙයි මේක කොච්චර දුරකට හැම වැඩකටම වගේ ගන්න පුලුවන්ද කියන එක. අපි මේ කරන්නෙ අපි කරන වැඩේ පිලිවෙල කරගන්න එක. ඒකෙන් අපිට අදහසක් එනව අපි කරන්න ඕනි මොකද්ද කියන එක සහ අපි ඒක කරගෙන යන්න ඕනි විදිය මොකද්ද කියන එක. එතකොට අපිට මොකක් හරි තැනක් වැරදුනොත් හරි හිරඋනොත් හරි ලේසියෙන්ම ඒ කොටසට පිලියමක් හොයාගන්න පුලුවන්. මේ වීඩියෝ එකේම මට එහෙම වැඩකුත් කරන්න උනා අන්තිම හරියට වගේ වෙන්න.
මේ ක්‍රමය කියල දුන්නෙ Prof Asoka Karunananda ගුරුතුමා. අපිට ප්‍රශ්න ආවම විසදගන්න හැටි කියල දෙනකොට කියල දීපු මේ ක්‍රමය සෑහෙන්න වටින එකක්. එතුමා ලියුපු පොත් දෙකක් තියෙනව ඔය ප්‍රශ්න විසදන විදි ගැන වැඩි දුර තොරතුරු කෙනෙක්ට ඕනි නන් ඒව අරගෙන කියවල බලන්න පුලුවන් (How to write your thesis, How to Do Research).
Startup එකක් එහෙම පටන් අරගන්න ඉන්න කෙනෙක්ට එහෙමත් නැත්තන් තමන්ගෙම අදහසකට MVP (Minimum Viable Product) එකක් හදන්න ඉන්න කෙනෙක්ට මේ ක්‍රමය සැහෙන්න වටිනව. ඉස්සරහට අපි එහෙම වැඩකට ගැලපෙන්න කොහොමද මේක පාවිච්චි කරන්නෙ කියලත් බලමු.
හැමදාම වගේ අදත් කියන්න තියෙන්නෙ AI වලට බය වෙන්න එපා ඒ Tool එකත් එක්ක වැඩ කරන Skill එකත් ඔයාලගෙ Skill ලිස්ට් එකට ඉක්මනට එකතු කරගන්න.
#chatgpt #softwaredevelopment #programming #artificialintelligence

