ඩේවිඩ් පීරිස් සමාගම CHERY QQ අතහරී
ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල් ලිමිටඩ් මෙතක් කල් ලංකාවේ අලවි කල CHERRY QQ මෝටර් රථය තවදුරටත් එක්ලස් කිරීම හා විකිණීම නවතා දමා තිබේ.
චෙරි ඔටෝ මොබයිල් සමග ඇතිකරගත් ගිවිසුම අනුව ලංකාවට කොටස් ගෙන්වීමත් එක්ලස් කිරීම හා විකිණීම ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම විසින් සිදුකරන ලදී.
ඒ පිලුබඳ අප කල විමසීමකදී එම සමාගමේ නියෝජිතයෙකු අප වෙත පවසා සිටියේ එම සමාගමේ ගිවිසුමෙන් ඔවුන් ඉවත්වූ බවත් වෙනත් ලංකාවේ වෙනත් සමාගමක් චෙරි මෝටර් රථය වෙළඳපලට ඉදිරිපත් කිරීමට සුදානමින් පසුවන බවයි.
ලක්ෂ 18 ක මුදලකට තදුරටත් එම මෝටර් රථය විකිණීමට නොහැකි නිසා ඔවුන් මෙම ගිවිසුමෙන් ඉවත්වී ඇත.
ලබාගත් චෙරි මෝටර් රථයේ වගකීම තවමත් තිබේනම් නව නියෝජිත ආයතනය (තවමත් හෙලොකිට නොමැත) හරහා අදාළ සේවාවන් ලබාගත හැකි අතර වගකීම නොමැතිනම් මෝටර් රථයට අදාළ සියලුම සේවාවන් තවදුරටත් ඩේවිඩ් පීරිස් සමාගමෙන් ලබාගත හැක.
මේ අතර ලොව මිල අඩුම මෝටර් රථය ලෙසින් ප්‍රවර්ධනය කර අර්බුදයට පත්වූ ටාටා නැනෝ මෝටර් රථය “ස්මාර්ට් සිටි කාර්” ලෙස වෙනත් නමකින් වෙළඳපළට එවීමට සූදානම් වන බව වාර්තා වේ.
එය තරුණ විධායකයින්ගේ මෝටර් රථය යන තේමාව යටතේ අලෙවි කිරීමට සුදානම්කොට ඇත.
gaththe 33000 eken.

ehemada. indian dakku
