Child labour ළමා ශ්‍රම සේවය අතීතයේ.

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කුමුදු කුමාරසිංහගෙ පොත "කොළඹ මතක" කියෙව්වා.
    ජීවිත කාලයම කොළඹ නගර සීමාවෙ ජීවත් වුන කුමුදු ඇගේ ජීවිත මතක මේ පොතට අපූරුවට හකුළුවනවා. කොළඹ මතක පාඨකයාට දැනෙන්නෙ ඒ මතක අපෙත් මතක නිසා. කුමුදු විවර කරන දොරෙන් ඇතුළු වුනාම අපේ ජීවිත මතකත් පදාස පිටින් හමුවන නිසා.
    කොළඹ මතක පිටු තුනහමාරක් වෙන්වෙන්නෙ කුමුදුලගෙ අසල්වැසි ගේක හිටපු වැඩකාර ගෑණු ළමයෙක් ගැන කියන්න. ඒ කතාව කුමුදුගෙ පොතෙන්ම තැනින් තැන උපුටා දක්වන්නම්.
    "ඒ ළමයා අවුරුදු නවයක දහයක පුංචි ළමයෙක්. කළුම කළුයි එයා. බයාදු මූණක් තිබුනෙ. නිතරම බයවුනු මුහුණෙන් හිටියෙ. මූණෙ හිනාවක් තිබුනෙම නැහැ. හිනාව හොරු අරන් ගිහින් වගේ හිටියෙ. ඇඟපත කෙට්ටුයි. කිලුටු පාට ගවුම් ඇන්දෙ. කොණ්ඩෙ කොල්ලෙක්ගෙ වගේ කොටට කපලා තිබුනෙ. එහෙම කොණ්ඩෙ කැපුවෙ මේ ගෙදරට ආවට පස්සෙ මම හිතන්නෙ".
    "ඒගොල්ලො ඒ ළමයාගෙන් පුදුම විදිහට වැඩ ගත්තා. දර ගේන්න දර මඩුවට එක්ක ගියා. ඒ ගියේ ගෙදර කෙනෙක් එක්ක. දර උස්සගෙන ආවෙ ඒ ළමයා. පොදු ටැප් එකෙන් කළයක් උකුළෙ තියාගෙන වතුර පිරෙව්වා ගෙදරට. ලිපට දර දාලා, ලාම්පුතෙල් නොදා ලිප අවුලුවන්න ඕනෙ ඒ ළමයා. ලෝබකමට ලාම්පු තෙල් දාන්න දුන්නෙ නැහැ ලිපට".
    "එයාව සිය සැරයක් හරි කඩේ යැව්වා. හැබැයි ඒ ළමයා කඩේ යන්න කැමතියි. ඒ මොකෝ අහළ පහළ අය එක්ක කතා කරන්න ලැබෙන නිසා. ඒ වගේම හැමෝම ඒ ළමයට බටර් පාන් පෙත්තක්, කේක් කෑල්ලක්, බිස්කට් එකක් කන්න දුන්නා. කටට දෙකට ගිලලා කට පිහගෙන ඉක්මනින් යනවා මේ ළමයා. බැරි වෙලාවත් කාපු දෙයක් කට වටේ තිබුනොත් ගහනවා කෙල්ලට. කෑම හොරා කෑවා කියලා කොයි වෙලෙත් ගැහුවා".
    "ඒ ළමයාට ගෙදර හැමෝම ගැහුවා. පොඩ්ඩ එහා මෙහා වෙච්චි ගමන් ටොකු ඇන්නා. හරිම දුකෙන් ඔළුව තනියම අත ගා ගත්තා. ලිපේ තියන දර පොල්ල අරන් මූණ පිච්චුවා. මූණ පුරා පිච්චුන කැලැල් තිබුනා. ඒ ළමයට තිබුනෙ ළමයෙක්ගෙ මුහුණක් නෙවෙයි වහලෙක්ගෙ මුහුණක්. ඒ ළමයා අපිට හෙලුවෙත් බයාදු බැල්මක්. කොයි වෙලේ කවුරු ගහයිද කවුරු බණීද කියලා අවිනිශ්චිතව තමයි හැම මොහොතක්ම ගත කලේ".
    "ඒ ළමයා කුකුළා අතින් අරන් ඇහැරෙන්න ඕනෙ. රෑ වෙලා නිදියන්න ඕනෙ. නිදියගත්තෙ කුස්සියෙ පාන්කඩයක. ඒ ගෙදර ඇතුලෙ ඒ ළමයට තව මොනවා මොනවා වෙන්න ඇතිද?" (කොළඹ මතක උපුටන අවසන්).
    කුමුදුගෙ කොළඹ වටපිටාවෙ විතරක් නෙවෙයි අපි පුංචි කාලෙ හිටපු රත්මලාන ගෙවල් අවටත් මේ වගේ දැරිවියො හිටියා. එයාලව වැඩිපුර දැක්කෙ සමූපකාර පෝළිමේදි. එයාලා කා එක්කවත් කතා කලේ නැහැ. දෙතුන් දෙනෙක්ගෙ අත් පා වල ඉස්තිරික්කයකින් පුච්චපු කැළැල් තිබුනා. එයාලා ඇන්දෙ ගෙදර ගෑණු අයින් කරපු ඉරුනු කඩමාළු එකතු කරලා මැහුව ගවුම්. අපි කිව්වෙ කෑලි මූට්ටු ගවුම් කියලා.
    අපේ ඉස්කෝල, රත්මලාන ධර්මාරාම මහා විද්‍යාලයෙ, ටීචර් කෙනෙක් හිටියා ජයවර්ධන කියලා. පුත්තුම පහක් හෝ හයක් හිටියා. බාලම පුතා අපේ වයසෙ. එයා විතරක් අපේ ඉස්කෝලෙට ආවා. ටීචර්ගෙ ගේ තිබුනෙ ඉස්කෝලෙට යාබදව නිසා කට්ටිය සුදු කොක්කු වගේ ඉස්කෝලෙ යන එන හැටි අපි දකිනවා. අර බාලම ළමයටත් වඩා බාල ගෑණු ළමයෙක් ගෙදර වැඩට හිටියා. ඉන්ටවල් වෙලාවට එළියට බැස්සොත් අර දැරිවි කට්ටියගෙම යුනිෆෝම් හෝදලා වැලේ වනනවා දකින්න පුළුවන්.
    මේ දුක්බර දර්ශන අකාමකා ගියෙ විවෘත ආර්ථිකය ආවට පස්සෙ. විවෘත ආර්ථිකය නිසා ආපු අළුත් රස්සා අර ගෑණු ළමයින්ටත් විවෘත වුනා. අළුතින් ආපු මධ්‍යම පංතිකයන්ට ගෘහ සේවකයො අවශ්‍ය වුන නිසා එයාලට තිබුන ඉල්ලුම ඉහළ ගියා. ගෘහ සේවිකාවො විදිහට ගෑණු මැද පෙරදිග යන්න ගත්තම ලංකාවෙ ගෙවල්වල වැඩට ගෑණු මනුස්සයෙක් හොයගන්න එක අසීරු වුනා. කලින් විසිකරන කෑමක් පඩි විදිහට ලබපු, බෝනස් එකට ගුටි කාපු ගෘහ සේවිකාවන්ට කේවල් කරලා පඩියක් ඉල්ලන්නත් සේවා කොන්දේසි ඉල්ලන්නත් පුළුවන් වුනා.
    විවෘත ආර්ථිකය ජන ජීවිතයට කරපු මෙවැනි ධනාත්මක බලපෑම් විස්තර කරන්න අපේ මාධ්‍යවේදීන් කියන කට්ටිය පොහොසත් වුනේ නැහැ. විවෘත ආර්ථිකය නිසාම උපත ලැබූ දිවයින පත්තරේ මාධ්‍යවේදීන්, ගාමිණි සුමනසේකර, සුනිල් මාධව ප්‍රේමතිලක වගේ අය, විවෘත ආර්ථිකය නිසා පිරිහුණු සදාචාරයක් ගැන ඇති පදම් ලිව්වා. මේ දුප්පත් මිනිස්සුන්ට අවස්ථාවක් ලැබුනා නම් ඊට කලින් තිබ්බ සදාචාරය ගැන එයාලා කියාවි.

    copied
     
    • Like
    Reactions: pasansnoop and NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    Tom Sawyer, Huckleberry Finn මතක් වුනා.

    තව අර රජ පැටියා සහ හිඟන පැටියා(English නම මතක් නෑ original පොතේ)

    තව Sherlock Holmes එහෙමත් මතක් වෙනවා. පත්තර බෙදන ළමයි, ඔත්තු බලන ළමයි, පණිවිඩ අරන් යන අය එහෙම ඉන්නේ
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    Prince and the pauper ?
    ඔව් මේක තමයි. මම ඉතින් English ඒවා නම් කියවලා නෑ. සිංහල පරිවර්තනය තමා. ඒ දවස් වල ආසම පොත් ටිකක්
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,316
    100,166
    113
    ඔව් මේක තමයි. මම ඉතින් English ඒවා නම් කියවලා නෑ. සිංහල පරිවර්තනය තමා. ඒ දවස් වල ආසම පොත් ටිකක්
    ඒක මරු කතාව ♥️♥️.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Tom Sawyer, Huckleberry Finn මතක් වුනා.

    තව අර රජ පැටියා සහ හිඟන පැටියා(English නම මතක් නෑ original පොතේ)

    තව Sherlock Holmes එහෙමත් මතක් වෙනවා. පත්තර බෙදන ළමයි, ඔත්තු බලන ළමයි, පණිවිඩ අරන් යන අය එහෙම ඉන්නේ
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    mama issara singappuru daruwa, malaysianu tharunaya kiyewwa. oya wage thamayi. api inne ban loke mechchara kal thibba wasanawanthama yugayaka.
     
    • Like
    Reactions: Peace for All