china # මන් චීනෙට මාර ලව් ඕයි...!

cat123

Well-known member
  • Sep 25, 2007
    2,698
    4,436
    113
    china # මන් චීනෙට මාර ලව් ඕයි...!

    මන් චීනෙට මාර ලව් ඕයි...! ( බැනපන් මට. හැබැයි ඔක්කොම කියවලා)

    නිකමට අපි ලංකාවේ ඉන්න හැමෝගෙන්ම "කොහේ හරි රටකට යන්න චාන්ස් එකක් දුන්නොත් මොන රටද තෝරාගන්නේ?" කියලා ඇහුවොත් ගොඩක් අයගේ උත්තරේ වෙන්නේ, "ඇමරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව" වගේ පොෂ් රටවල්. හොඳ තීරණයක්. මාත් ආසයි මැරෙන්න කලින් එකපාරක් හරි ඒ රටවල් වලට ටුවර් එකක් ගිහින් එන්න.

    හැබැයි නිකමට හිතපන්කෝ චිනේ. අපි හැමදාම දකින්නේ චිනේ අඩුපාඩු. ඔන්න දැන් කොරෝනා එකට හෑලි ලිය ලිය උන්ට බනිනවා. මොකක් හරි item එකක් ගද්දි 'අපෝ ඔව්වා චයිනිස් බඩු' කියලා බනිනවා. අපි උන් කන කෑමට බනිනවා. අපි උන්ගේ රටේ හැම එකාගේම ලුක් එක එකවගේ කියලා විහිළු කරනවා. අනේකවිද දේවල්. හැබැයි අපි චිනේ හොඳක් ගැන කතාකරනවද? අහනවද? කියවනවද ?

    මට මේක ලියන්න හිතුනේ මෙන්න මේ ට්විටර් පණිවුඩය දැකලා. "After 76 days of lockdown, Wuhan, one of the hardest-hit city by #coronavirus, lifted outbound travel ban". ඒ කියන්නේ කොරෝනා වෛරසය ආරම්භ වුන චීනයේ වුහාන් නගරය, දවස් 76 ක Lockdown එකෙන් පස්සේ අද නැවත විවෘත කරලා. පිස්සු කොර.

    නිකමට ඊයේ ලෝකේ පුරාවට සිදුවුන කොරෝනා මරණ ගණන සලකලා බලපු කෙනෙක්ට තේරෙයි චීනය ලබා ඇති ප්‍රගතිය. ඊයේ චීනයේ හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 32 යි, සිදුවූ මරණ ගණන 0 යි. ඔවුන්ගේ ප්‍රතිවාදියා ඇමරිකාවේ ඊයේ හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 33,331 සිදුවූ මරණ සංඛ්‍යාව 1970 යි.

    බලහන් ලෝකේ වැඩිම ජනගහණය තියන රට මොකක්ද ? චීනය. ලෝක ජනගහණය අද වෙද්දී බිලියන 7.53 යි. එකෙන් බිලියන 1.45 ක් ම චීන්නු. ඉන්දියාවේ ජනගහනය බිලියන 1.3 යි. ඉතිරි බිලියන 4.8 තමයි ලෝකේ අනෙක් රටවල් 193 අතර බෙදීලා තියෙන්නේ. ලංකාවේ ජනගහණය වගේ 65 ගුණයක් චීන ජනගහනය වැඩි. නිකමට හිතපන් ඒ ජනගහනය මෙහෙ තිබ්බා නම්. අපි මිලියන 22 ක් ඉඳලම මෙච්චර පිස්සුවක් කෙලිනවා. අපි තාමත් අපිට හරියන දේශපාලකයා තෝරාගන්න මරාගන්නවා. අපි තාමත් ප්‍රමුඛ ජාතියට මරාගන්නවා. අපි තාමත් අපේ වැරදි හදාගන්නේ නැතුව අනුන්ගේ වැරදි වලට මරාගන්නවා. අපි තාමත් අපේම දෙයක් රජයෙන් කරලා දෙනකන් බලන් ඉන්නවා. මෙහෙ අවුරුදු බර ගානක් ගියත් මේ ආකල්ප වෙනස් වෙන්නේ නැහැ. ඒ අපේ රටේ හැටි. දැන් කියන්න එපා " උඹට මෙහෙ ඉන්න බැරි නම් පලයන් බන් ගොන් දේවල් නොලිය" කියලා. එහෙම කමෙන්ට් දාන්න හිතෙනවා නම් මන් අර උඩින් කියපු දේ හරිනේ ? අපි තාමත් ඉන්නේ හරිදේ හොයාගෙන හරි විදිහට හැදෙන මානසිකත්වයේ නෙවෙයි, අපි තාම ඉන්නේ බොරුවට හදාගත්තු "අපේ කම" කියන අමුතු මානසිකත්වයේ. උපරිම තේ පොල් රබර් පිටරට යවයි. ඒකත් දැන් නෑ. මන් දන්නේ නෑ අපේ රටේ දැන් මොකටද ප්‍රසිද්ධ කියලා. ඒ තරම් අපි විනාශ වෙලා. අපි විසින්ම අපිව විනාශ කරගෙන.

    මේක දැන් ලංකාවට බනින්න දාපු පොස්ට් එකක් නෙවෙයි. ලියන ගමන් මගකදී එකත් කියන්න හිතුනා. මට ඇත්තටම කියන්න ඕන වුනේ, උන් දැනගෙන හරි නොදෙන හරි ලෝකෙටම වසංගතයක් වුන වෛරස් එකක් ආවා COVID19 කියලා. ඒත් දැන් එහෙ ඒක නැති තරම්. උන් එකෙන් ගොඩ ආවා. උන්ගෙන් අපි ඇත්තටම ඉගෙන ගන්න ඕන දේවල් ගොඩයි. අපි විතරක් නෙවෙයි ලෝකේ අනිත් හැම රටක්ම. උන් උන්ගේ මුළු රටටම ඇඳිරිනීතිය දාගෙන මෙව්වා කරෙත් නෑ. උන් cities තෝරලා එව්වා lockdown කරා. Lockdown කිව්වහම ඒ ගමට එකෙක්ට එන්නත් බෑ, ඉන්න එකෙක්ට යන්නත් බෑ. කණ්ඩායම් වශයෙන් රොක් වීම තහනම් වගේ දේවල් මිස මෙහෙ දාලා තියෙන ගෙදරින් එලියට බැස්සත් කුදලන් යන ඇඳිරිනීතිය නවෙයි.

    මෙහෙ ගොඩක් මිනිස්සු පුරුවෙලා තියෙන්න රැකියාවට ගියත් අයිස් ගහන එක නිසා මේ ගෙදරට වෙලා ඉන්න එක ලොකුවට තේරෙන්නේ නැහැ. මන් දන්න ඕස්ට්‍රේලියාවේ යාලුවෙක් මට ඊයේ කතා කරන ගමන් කිව්වේ "මෙහෙ කිසිම ප්‍රාන්තයක් ලෝක්ඩවුන් කරලා නැහැ බන්, මිනිස්සු සාමාන්‍ය විදිහට වැඩ. මෙහෙ හැබැයි Bar, Pub, club වහලා. මෙහෙ මිනිසුන්ට ගෙවල් වල ඉඳලා පුරුදු නෑ. lockdown කරා නම් උන් stress හැදිලා මැරෙයි. උන්ට එහෙම නිකන් ඉඳලා පුරුදු නැහැ නේ ඉතින්" කියලා. මගේ ජපානේ ඉන්න හොඳම යාලුවත් ඊයේ කිව්වේ ඕක. ඌ කියන්නේ ජපානෙත් ඔය ටිකමයි. ට්‍රෙන් පවා දුවනවා සාමාන්‍ය විදිහට. හැබැයි මෙහෙ මිනිස්සුන්ට දෙයක් එපා කිව්වොත් උන් ඒක කරන්නේ නැහැ, උන් ඒ දේ අහනවා. ඒ නිසා කොරෝනා කේස් එකට මෙහෙ රජය ලොකුවට බය නැහැ" කියලා. උන් ඒ කියන කතා අහගෙන ඉන්නත් ආසයි.

    චීන්නුන්ට බැරි දෙයක් නැහැ බන්. සිරාවට. උල්කාපාතයක් හෙට චීනෙට කඩන් වැටෙනවා කිව්වත් උන් දඩ කොන්ක්‍රීට් එකක් මුළු චිනෙම ආවරණය වෙන විදිහේ දාලා හරි ඕකෙන් බේරිලා ඊළඟ දවස ඉඳන් සුපුරුදු පරිදි වැඩ ටික කරගෙන එනවා. උන් මේ ලෝකෙට සුදුසු මිනිස්සු කොට්ඨාශයක් නෙවෙයි. උන් සිරාවටම වෙනම ලෝකෙක ඉන්න ඕන සෙට් එකක්. අපි එදිනෙදා පාවිච්චි කරන ගොඩක් දේවල් උන් හදපුවා. උන් තමයි ඇත්තටම මේ ලෝකේ බලවත්තු. ලෝකේ අංක එකේ සමාගම් වන google, Facebook, Amazon මේ මොකුත් එහෙ පාවිච්චි කරන්නේ නැහැනේ. අපිට දවසක් ඉන්න පුලුවන්ද එව්වා නැතිව? නිකමට හිතලා බලහන්. හැබැයි චීන්නු උන් උන්ගේම දේවල් වලින් ගොඩ ඇවිත්. මන් දැක්කා මගේ යාලුවෙක් අද දාලා තිබ්බා " ලෝකේ අංක එකේ වෙබ් අඩවි 10 න් 7 ක් ම චීන වෙබ් අඩවි" කියලා. ලෝකේ ලොකුම මාකට් එක තියෙන්නේ උන්ගේ. මට මතක විදිහට කිලෝමීටර් 7 ක් දිගයි. මේ කොනේ ඉදන් අර කොනට යන්න වෙන්නේ වාහනේ. ලොකු හැම රටක්ම whole-sale බඩු ගන්න යන්නේ එහෙට. බලහන්කො ඉතින්. උන් කාටත් පදිරි නැහැනේ බන්. මෙලෝ ලබ්බක් නැති අපිම අපේ කම ගැන මෙච්චර කියවනවා නම්, චීනෙක් උන්ගේ කම ගැන කොච්චර කියවන්න ඕනද ?

    එහෙ ඉන්න උන් තමයි මේ ලෝකේ පට්ටම වාසනාවන්ත මිනිස්සු බන්. අපි තව අවුරුදු 100 ගානකට ලබාගන්න බැරි ගොඩක් experience චීන ජාතිකයන් මිට අවුරුදු 10 කට කලින් අත්විඳලා ඉවරයි. උන් මාර ඉස්සරහින් ජිවත් වෙන්නේ.

    මගෙන් මොකෙක් හරි ආයේ උඹ යන්න ආසම රට මොකක්ද කියලා ඇහුවා නම් පිළිතුර වෙන්නේ " China " බන්.

    සටහන : Hamza Haniffa (fb)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Loketama wasangatha bokarana chineta love nam mole amaru karayek wenna ona. 😂.

    Hembirissawak unath issellama haduna minihata thamai issellama saneepa wenne. Chineth une eka 😂.

    Boru figures loketama didee lokema rawattapu chinese ewun thamath unge aththata maruna gaana kiyanne nane. Gon talk nodi hitapan 😂
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    චීන්නුන්ට බැරි දෙයක් නැහැ බන්. සිරාවට. උල්කාපාතයක් හෙට චීනෙට කඩන් වැටෙනවා කිව්වත් උන් දඩ කොන්ක්‍රීට් එකක් මුළු චිනෙම ආවරණය වෙන විදිහේ දාලා හරි ඕකෙන් බේරිලා ඊළඟ දවස ඉඳන් සුපුරුදු පරිදි වැඩ ටික කරගෙන එනවා. උන් මේ ලෝකෙට සුදුසු මිනිස්සු කොට්ඨාශයක් නෙවෙයි. උන් සිරාවටම වෙනම ලෝකෙක ඉන්න ඕන සෙට් එකක්.

    සටහන : Hamza Haniffa (fb)

    මොකක්ද මේ film එක? බලපු කෙනෙක් ඉන්නව නං නම කියන්න :love: