මට කෙල්ලෙක් සෙට් උනා ඉන්ස්ටග්‍රෑම් එකෙන් , මාව ෆොලෝ කරලා මගේ ෆොටෝ සේරටම ලයික් කරලා ෆිට් උනේ මාත් එක්ක.

දවස් 3 ක් වල් පල් දොඩව දොඩව හිටියා.

ෆොටෝ එව්වා , මම ලස්සනයි කිව්වා.. මාව දකින්න ආසයි කිව්වා.

එයාට ඕනීලු පිටරටවල් වල යාලුවෝ අදුරගන්න විතරයි කිව්වා.
ඕනී තරම් සල්ලි තියෙනවා කිව්වා..
ඔන්න හතරවෙනි දවසේ මගෙන් ටෙලිෆෝන් නම්බරෙයි , ඊමේල් එකයි , ගෙදර ඇඩ්ඩ්‍රෙස් එකයි ඉල්ලා ගත්තා මාව පුදුම කරනවා කියලා.
මමත් දීලා දැම්මා ඔක්කොම

බොරු ඒවා

මට කිව්වා ඔයා මගේ හොදම යාලුවා උනා සෝ මම ඔයාට තෑග්ගක් දෙන්න ඕනී හැමදාම මතක හිටින්න කියලා.
මම එපාම කිව්වා

එයා බෑ බෑ දෙන්න ඔනී කියලම අයි පෝන් 12 ෆෝන් එකක් එවනවා කිව්වා ලස්සන සෙන්ට් එකකුත් එක්ක.

ඔන්න මගේ නම ගම ටෙලිෆෝන් නම්බරේ ගහලා බොක්ස් එකක ෆොටෝ එකක් එව්වා.
එයා කිව්වා මේක ට්‍රැක් වෙනවා ඔයාටම බලන්න පුලුවන් ටික දවසක් ඉන්න කියලා.
ඔන්න දවස් 3 කට පස්සේ ඊමේල් එකක් එනවා ෆෝන් එක ඇවිත් බොක්ස් එකත් එක්ක කස්ටම් එකේ නතර වෙලා කියලා.
ට්‍රැකින් සයිට් එකට ගියා , ඒක ලෝඩ් වෙන්නෙත් අමාරුවෙන්

ඒකේ තියෙනවා බඩු ඇවිල්ලා ගන්න කියලා..
අරකි මට ඉන්ස්ටා එකෙන් එවනවා මෙ මේ ඩොකියුමන්ට් වල ගාන ඔන්ලයින් පේ කරන්නලු ඊට පස්සේ ගන්නලු.
මම කිව්වා එතකොට තෑග්ගක් වෙන්නේ නෑනේ ඔයාම ගෙවලා ඔයාව එවන්න එතකොට ගන්නම් කියල.


පස්සේ බ්ලොක් මාව..


හා හා අපි අහු වෙයි ඕවාට..

ඩොලර් 900 ක්
