Digata ma idala kela la dapan Chine ta una ganen nnaකියන්න සන්තෝසයි මිතුරනි, කෙල්ලො, relationship, online dating ගැන මට experience නැති උනාට මොකක් හරි වාසනාවකට IT Field එකේ ඉදපු නිසා යන්තම් බේරුනා.
මේකයි කතාව. මෙ දවස් වල එලියට යන්න බැරි නිසා කම්මලි කමටත් එක්ක tinder active කරගත්තා. ඔන්න ඕක ඔබ ඔබ ඉන්නකොට Chinese කෙල්ලෙක් සෙට් උනා. මේකි ගේ කඩ්ඩ ටිකක් අවුල්. මන් හිතන්නෙ translator දාලද මන්දා අමුතු වචන එවන්නේ. කිසි අවුලක් නෑ හොදට චැට් කරනවා. ඒකි මගෙන් whatsapp number ඉල්ලගෙන චැට් කරන්න ගත්ත. ඒකි financial analyst කෙනෙක් කිවුවා, මගෙනුත් අහුව ජොබ් එක මොකද්ද කියල. ඊට පස්සෙ ඉතින් relationship ගැන එහෙම කතවට වැටුනා. මේකි single, ex BF ගැන එහෙමත් කිවුවා. මාත් ඉතින් කිවුවා මන් single ඔන නම් ඔයාව partner කරගන්නත් පුලුවන්, දැනට යලුවො වගෙ ඉමු කියලා.
ඔන්න් ඉතින් breakup එක ගැන කියන්න ගත්තා. කලින් කොල්ල එක්ක අවුරුදු 4ක් හිටියලු. උන් දෙන්නා cryptocurrency invest කරාලු අවුරුදු 4ක්. කාලයක් කරගෙන යද්දි වැඩේ හොදට ඉගනගෙන කෝටි ගනක් හෙව්ව ලු. පස්සෙ මුන් දෙන්න German ගිහිල්ල. එහෙදි උන්ට නවතින්න දිපු ගෙදර ගෑනිත් එක්ක කොල්ල සෙට් වෙලා. හම්බ කරපු සල්ලිත් ඔක්කොම කොල්ල ලග ලු. අන්තිමට මෙකි ලොස්.
පස්සෙ මේකි කාලයක් ඔක්කොම අතෑරල අයේ China ගිහිල්ලා. එයාගෙ අක්ක marry කරල ඉන්නෙ ලන්කාවෙ එකෙක් ලු. අක්ක pregnant නිසා එයාව බලාගන්න ලන්කාවට ඇවිල්ල ඉන්නේ කිවුවා. ඉන්නෙ කොහෙද කියල අහුවම හරියට කිවුවේ නෑ. colombo කියල විතරයි දන්නේ. ආපු දවසෙ ඉදලා travel restriction නිසා එලියට ගියෙම නෑ ලු. ඔන්න ඔහොම සාමන්‍ය conversation එකක් තමයි දවස් දෙක තුනක්ම ගියේ. ඇත්තටම එකි මට එහෙම මොකුත් scam එකකට අල්ලගන්න දෙයක් කිවුවේ නෑ (මට එහෙම තෙරුනෙ මුලදි)
ඔහොම ටික දවසක් යද්දි මන් අහුව ඔය මොකද කරන්නේ කියලා. මේකි මට screen shot එකක් එව්වා මෙන්න මෙක කර කර ඉන්නේ කියලා. මන් අහුවම මේ මොකද්ද කියල මෙකි කිවුවා ආයෙත් cryptocurrency පටන් ගන්නවා මුල ඉදල හම්බ කරනවා කියලා. මාත් ඉතින් ඔය crypto scene එක ගැන හොයන නිසා මන් කිවුවා මාත් පොඩි ගානක් BTC අරගෙන තියනවා, ඒත් මන් ඔය trading ගැන දන්නේ නෑ, මයින් කරන්න හැදුවේ ඒක හරිගියේ නෑ කියල. මෙකි මට කිවුව මේදවස් වල කිසිස්ම currency එකක ගන්න එපා කියලා. තව advises ටිකක් දුන්නා මේකි ඉතින් expert නේ.
ඔන්න ඔක කියල දවස් දෙකක් විතර ගියට පස්සෙ මෙකි මට කියනවා, දෑන් නම් පොඩි කොයින් ටිකක් up වෙනවා මට කැමති නම් පටන් ගන්න කියලා. ඇත්තටම මට මෙ කෙල්ල ගැන කිසිම සැකයක් හිතුනේ නෑ. මොකද මාත් එක්ක මුල ඉදලම සාමන්‍ය දේවල් කතාකරේ. මම මයි crypto ගැන ඒකිගෙන් අහන්න ගියේ. (එදා මට එහෙම හිතුනට දැන් තේරෙනවා ඒකි කෙලින් නොකියා මාව අහන තැනට ගෙනවා වගේ දෙයක්)
මන් ඉතින් දැන් ඕක ගැන අහද්දි කිවුවා මෙකෙන් එකපාර profit ගන්න බෑ කාලයක් යනවා expert වෙන්න කියලා, එහෙම නැත්තම් expert කෙනෙක්ගේ guidance ගන්න කියලා. මාත් ඉතින් පැන්න ගමන් කිවුවා මට ඔයා ඉන්නව නේ කියලා
දැන් කෙල්ල මට මුල ඉදල උගන්නන හදන්නේ. මට binance account එකක් හදලා කියන්න කිවුවා. step by step කියල දෙන්නම් කියලා. මන් ඉතින් binance එකෙ හදල නැති උනාට pacful, coinbase එහෙම use කරලා තියන නිසා account එකේ verification, security ඔක්කොම complete කරා. මේකිට එක එච්චර අල්ලුවේ නෑ. මන් ඉට පස්සේ tutorials ටිකක් බලල spot trading වගේදෙවල් ටිකක් හොයාගෙන මෙකිගෙන් ප්‍රශ්න අහුවා. අන්න එතකොට කෙල්ලට මලපැනල මට බනින්න ගත්තා. එයා පට්ට expert කෙනෙක්, ඔය වගේ පොඩි පොඩි දේවල් කරන්න නම් ඔයා මාත් එක්ක වැඩ කරන්න ඕන නෑ. මන් ඔයට මේව නිකන් කියල දෙන්නේ, මන් බිසී කෙනෙක්, ඔයාගෙ attitude වලට කැමති නෑ කියල බනින්න ගත්තා.ඔන්න එතකොට මට පොඩි සැකයක් ආවා. ඒත් මන් හිතුවා මෙකිගෙ හැටි වෙන්න අති කියලා. මොකද කලිනුත් මට දවසක් බැන්නා එක එක ඒව අහන්න ගිහිල්ලා.
ඉතින් කොහොම හරි මන් මෙකිට බටර් පාරක් ගාල සොරි කියල ශේප් කරගත්තා. ඊට පස්සෙ තමයි වැඩේ තෙරෙන්න ගත්තේ.
ඔන්න දන් මේකි මට කියනව එයා කියන එක එවිදියටම කරන්න කියලා. හැබයි මට සැක හිතෙන්නෙ නැතුවෙන්න. මොකද මේකි කියනවා "මට ඔයාව expert කරන්න බෑ, ඒත් නිකන් ට්‍රේඩ් කරනවට වැඩිය දෙයක් කරන හැටි කියල දෙන්න පුලුවන්, ඉතුරු ටික ඔය කරගන්න" වගේ කතා. මට 2nd step කියල site එකක් එව්වා මේකෙත් account එකක් හදන්න කියලා. www.coingrx.com
ඔන්න දැන් තමයි මගේ ජොන් එක නිසා මට පුරුදු උන දේවල් වල වාසිය තෙරුනේ. නිකමට බලන්න මේ site එකට ගිහිල්ලා UI/UX පට්ට අවුල්. මට එකෙන් සැක හිතුනා, මොකද ඔච්චර ලොකු transaction කරන site එකක් මේ වගේ බාල frontend එකක් තියෙන්න බෑ. SSL certificate check කරල බැලුවා organisation details තියනවද කියලා. certificate එකක් තිබුනා ඒත් details නෑ. ඒකත් කමක් නෑ කියල register වෙන්න ගියා. මොකද සමහර වෙලාවට ඔක්කොම details දාන්නේ නෑ නේ. registration එකේදි එනව ඊමේල් verification එක. මෙන්න යකෝ yahoo.com domain එක email එකේ.
දැන් නම් පුතේ මට හොදටම තෙරිලා තියෙන්නේ scam කියලා.
ඔය වෙබ් සයිට් එක මීට කලින් අහලත් නැති නිසා google search එකක් දැම්මා. ඔන්න එනවා coinhk.net කියලා එකක්. email එක අවෙත් [email protected] කියලා. තව ටිකක් හොයද්දි මෙන්න එනවා මේක scam එකක් අහුවෙන්න එපා කියල මිනිස්සු දාපුවා.
https://www.signal-arnaques.com/en/scam/view/230296
යකෝ මේකට ගිහින් බැලුවම දැක්කේ අර කෙල්ලගෙ whatsapp DP එකත් එක්කම දාල තියනවා මිනිස්සු complain කරලා. මට එතකොට නම් ඇග සීතල වෙලා ගියා. මෙකි එක එක නම් වලින් tinder එකෙන් ඉන්නවා. complain කරපු එවුන් ඔක්කොම වගේ Hong Kong වල. උන් කියන විදියට අර site එකේ සල්ලි දාපු එකෙක්ට වත් withdraw කරන්න බැරි උනා ලු.
ඉතින් boys ඒක නෙමෙයි දැන් මට තියන ප්‍රශ්නේ. මන් දැන් බේරුනා කියල හිතලා කෙල්ලත් whatsapp block කරලා පාඩුවේ ඉන්නවද?
තව ටිකක් ගොනා වගෙ රගපාලා, මොකටද එන්නෙ කියල හරියටම බලනවද?
මෙකි ඇත්තටම ලන්කාවෙ නම් ඉන්නේ පොලිසියට complain කරනවද? මොකද මට වැඩේ තෙරුනාට ඕකට අහුවෙන්න පුලුවන් අහින්සක මිනිස්සු.
එහෙමත් නැත්තම් මට දෙන්න ආපු ගැටේ මම උන්ට දෙන්න plan එකක් ගහනවද? site එකේ vulnerability එහෙමත් තිබුනා![]()
)

ඔන්න එතකොට මට පොඩි සැකයක් ආවා. ඒත් මන් හිතුවා මෙකිගෙ හැටි වෙන්න අති කියලා. මොකද කලිනුත් මට දවසක් බැන්නා එක එක ඒව අහන්න ගිහිල්ලා.


