Chithral Somapala Sir

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    අපරාදේ...ජර්මන් පොලු බස්සපු ඵකේ UNP පොලු කජ්ජක්ද කිව්වලු.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    Chithral Sir wa hambawenne kohomada?? Danui danne Sir ape kenek kiyala..

    Issalla danagena hitiyanam wadak ganna thibba...

    Chithral Sir wa hamba una kattiya PM :yes::yes::yes::yes::yes:

    මොකද ගොනෝ හැම එකාටම සර් සර් ගාන්නෙ :no:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මංගල සැර් විවාපත් වෙන්නේ චිත්‍රාල් එක්කලු...
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    Chithral Sir wa hambawenne kohomada?? Danui danne Sir ape kenek kiyala..

    Issalla danagena hitiyanam wadak ganna thibba...

    Chithral Sir wa hamba una kattiya PM :yes::yes::yes::yes::yes:




    ගූ ඇන් පී එකට පුක දෙන ඔක්කොම සර් :lol::lol::lol:යකෝ සමර්ස්ලා මොන සර් ද මොන්ගලය කෙල පෙරනවද චිත්‍රාල් ට කටට දෙන්න :lol::lol::lol:
     

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    80485674_1262358087307614_2914264644686184448_o.jpg


    ඉස්සර මරදාන, වනාත, කෙසෙල්වත්ත දරුණුයිලු මීට වඩා. හැබැයි උන් එච්.ආර්. ජෝතිපාලගෙන්, මිල්ටන් පෙරේරගෙන් සංවරව සින්දු ඇහුවලු. මම නෙමෙයි කියන්නේ මහාචාර්ය ධම්මික බණ්ඩාර. සකලවිධ ධූමයන්ගෙන් පිරුණු ටවර් හෝල් එකත් නිශ්ශබ්ද වුනාලු ඒ ගායකයෝ ගීත ගයද්දී. ඒකයි කලාව විඳින සංයමය.
    මේ ෆොටෝ එක මොකක්ද? මේ තියෙන්නේ 2009දී ගාස්ට් වොල්ට්සින්ග් කියන (මේ දුපතේ එවුන් දන්නෙ නැති) ලක්සම්බර්ග් ජාතික ලෝක ප්‍රසිද්ධ ට්‍රම්පට් වාදකයාගේ සංගීත අධ්‍යක්ෂණයෙන්, "ලක්සම්බර්ග් ෆිල්හාමොනික් ඔකේස්ට්‍රා" කියන Grammy සම්මාන දිනපු වාද්‍ය වෘන්දය විසින් සංගීතවත් කරපු රොක් කොන්සර්ට් එකක්. ඒකෙදි ලෝකේ විවිධ රොක් ගායකයන් විසින් ලෝක ප්‍රසිද්ධ ලෙජන්ඩරි රොක් ගීත නැවත ගායනා කෙරුනා.
    එතකොට ඔබට අනුමාන කරන්න පුලුවන්ද එවැනි කොන්සර්ට්ස් වලදී ගීත ගායනා කරපු, වාදනය කරපු ඉන්ටනැෂනල් ආටිස්ට්ලා කවුද කියලා? ස්කෝපියන්ස් කියන බෑන්ඩ් එකේ (Holiday, Winds of change, Rock you like a hurricane වගේ ගීත වල අයිතිකාරයෝ) ප්‍රධාන ගායක ක්ලෝස් මෙයින්, ලෙජන්ඩරි ප්‍රංශ ගායිකාවක් වන පැට්‍රිෂියා කාස්, ප්‍රංශ ජාතික ඩිඩියෙර් ලොක්වුඩ් කියන ලෝක ප්‍රසිද්ධ වයලින් වාදකයා වගේ ඉන්ටනැෂනල් ලෙවල් එකේ අය ඒ කොන්සර්ට්ස් වල කොටස්කරුවෝ.
    ඔය රතු පාටින් රවුම් කරලා තියෙන්නේ උඩ මම කියපු ලෙවල් එකේ (මේ දූපතේ උන් නොදන්න) ආටිස්ට් කෙනෙක්. එයා තමයි 2009 ප්‍රසංගයේ Kashmir කියන සින්දුව ගායනා කළේ. ඒ සින්දුව එහෙම නිකන් හිතුන ගමන් ජොලියේ ගයන්න පුළුවන් එකක් නෙමෙයි. Kashmir කියන්නේ ලෝකේ හැම රොක් ප්‍රේක්ෂකයෙක්ම ආදරය කරන ලෙඩ් සෙප්ලින් (Led Zeppelin) කියන ලෙජන්ඩරි බෑන්ඩ් එකේ ලෙජන්ඩරි සින්දුවක්. ඉන්ටනැෂනල් රොක් කොන්සර්ට් එකකදී ඒක ගායනා කරන්න දෙන්නේ ස්පෙෂල් කෙනෙකුට විතරයි. ඉතින් ඔය රතු පාටින් රවුම් කරපු ඒ ස්පෙෂල් ආටිස්ට්, චිත්‍රාල් "චිටී" සෝමපාල (ලෝකෙ අය කියන්නෙ චිටී කියලා) තමයි ඒ ගීතය ගායනා කළේ. දන්නවද දන්නෙ නෑ, මිනිහා ලංකාවේ.
    ඒක විතරක් නෙමෙයි කොන්සර්ට් එකේ අන්තිම සින්දුව විදිහට ඔහු ගැයුවේ Led Zeppelin කියන බෑන්ඩ් එකේ ප්‍රසිද්ධම සහ ජනප්‍රියම ගීතය වන Stairway to heaven කියන සින්දුව. ඒක කියලම මම නවතිනවා. ඊට වඩා චිත්‍රාල්ගේ World recognition එක ගැන මම කියලා වැඩක් නෑ. ලෝකේ මිනිස්සු දන්නවා මිනිහා කවුද කියලා.
    "ඒ අඩෝ, සින්දු කියපන් ඩෝ". "අපිට පාස් නම්බරයක් දියන් ඩෝ". මෙහෙම කියන උන්ගේ කොන්සර්ට් වල ගීත ගයන්න මේ මිනිහා මොන මගුලට යනවද මන්දා. මේවා චිත්‍රාල්ට හොඳ පාඩම්.
    අද මරදාන, වනාත, කෙසෙල්වත්ත එච්චර දරුණු නෑ. නෙලුම් කුළුණේ උස... පෝට් සිටියේ දිග... අලුත් ගුවන් තොටුපලේ පළල... රට දියුණු වෙලා... ද?
    ඉස්සර වනාතේ එකාලාවත් නොකරපු දේවල් තමයි අද බැංකු නිලධාරියෝ, නැත්නම් වෘත්තිකයෝ කරන්නේ. මේ මොකක්ද පේන්නේ? අපේ රටේ මධ්‍යම පන්තිය කොච්චර පිරිහිලාද කියන එකයි. විරුද්ධ දේශපාලන මතයක් ඇහෙනකොට කුණුහරුප කියන තැනට, සංගීත ප්‍රසංගයකට ගිහින් "අඩෝ සින්දු කියපන් ඩෝ" කියන තැනට වැටුණු මධ්‍යම පන්තියක් එක්ක මොන සිස්ටම් චේන්ජ්ද මහත්වරුනි?
    ඉතින් ආයෙත් මේ රටේ බඹරු ඇවිත් වගේ චිත්‍රපටි හැදෙන්නේ නෑ. හැදුනත් වැඩක් නෑ, ඒවා බලන්න එවුන් නෑ. "සිනිදු සුදුමුතු තලාවේ" වගේ විනාඩි දෙකක ඉන්ට්‍රෝ එකක් තියෙන, විනාඩි හයක් දිග සින්දු හැදෙන්නේ නෑ. හැදුනත් වැඩක් නෑ, අහන්න එවුන් නෑ. 90ට කලින් තර්ඩ් ක්ලාස් එක ලෙස හැඳින්වුණු මිනිස්සු පවා කලාව විඳින්න දැනගෙන හිටියට අද මධ්‍යම පාන්තිකයෝ කියන එවුන්ට පවා ඒ හැකියාව නෑ.
    සංගීතය ගැන අඹමල් රේණුවක දැනුමක් නැති මිනිස්සු "අඩෝ පඩෝ" ගාලා කෑගැහුවත් ලංකාවේ ඉපදුණු එකාට මේ රට වටිනවා. ඒකයි ඉන්ටර්නැෂනල් ආටිස්ට් කෙනෙක් වෙලත් මේ දූපතට එන්නේ. ඉතින් උන් ආපුවහම උන්ට සලකන විදිහ දන්නේ නැතුව, "ප්‍රතික්‍රියාවට" කලබල වෙන්න එපා. උඹ මිනිහෙකුට කුණුහරුපෙන් බනිනවානම්, ඌ උඹට බනින එකත් භාරගන්න තරම් මිනිහෙක් වෙයන්.
    ආටිස්ට්ලා කියන්නෙත් මිනිස්සු. උන්ට වධ දුන්නහම උන් ප්‍රතිචාර දක්වනවා. කුණුහරුප කිව්වහම කුණුහරුප කියනවා. ගහන්න ආවහම ගහනවා. එහෙම තමයි මිනිස්සු. Guns 'n roses බෑන්ඩ් එකේ ඇක්ස්ල් රෝස් ස්ටේජ් එකෙන් බිමට පැනලා වාත වෙන ප්‍රේක්ෂකයෙකුට නෙළනවා මම දැකලා තියෙනවා. Akon, නව යොවුන් ලොකු ටෝක් කාරයෙක්ව උස්සලා පොළොවේ ගහනවා මං දැකලා තියෙනවා. Tool බෑන්ඩ් එකේ ප්‍රධාන ගායක ජේම්ස් කීනන් ස්ටේජ් එක උඩට එන එකෙක්ව උස්සලා බිම දානවා මං දැකලා තියෙනවා. ඒත් අපේ රටේ ආටිස්ට්ස්ලා තාම එහෙම නෑ. ලෝකේ නොදැකපු දූපත් වාසීන්ට මේ ඔක්කොම මැජික්.
    ඉතින් මොන සිස්ටම් චේන්ජ්ද මහත්වරුනි?
    - අසංක හදිරම්පෑල.