Chocalate Kamu

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    චොකලට් කෑදරයින්ට කොළඹ තියෙන කියාපු තැන් 7 ක්FEATURED


    බලලා තියෙනවද චාලි සහ චොකලට් ෆැක්ටේරිය කතාව? චොකලට් කෑදරයෙක්ගෙන් ඇහුවොත් දිවිය ලෝකේ කොයි වගේ වෙන්න ඕනද කියලා ආයි දෙකක් නෑ කියයි, චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි කතාවේ වගේ දිවිය ලෝකේ හැදිලා තියෙන්න ඕන චොකලට් වලින් කියලා. හැබැයි මේ කියන්න හදන්නේ චොකලට් දිවිය ලෝකේ තරමට නැති වුනත්, චොකලට් පිස්සෙක්ට ආයෙ ආයෙ යන්න හිතෙන කොළඹ අවට තියෙන චොකලට් පොට් කීපයක් ගැන තමයි.



    1. The Kandos Shop

    Colombo Chocolate Shops
    Source – foursquare.com, youtube.com, wishque.com
    කැන්ඩොස් චොකලට් රස නොදන්න කෙනෙක් ලංකාවේ නං ඉන්න විදියක් නෑ. මොකද කැන්ඩොස් චොකලට් කියන්නේ අපිට මතක ඇති කාලෙක ඉඳන් ලංකාවේ තිබුණු පරණම සහ ජනප්‍රියම බ්‍රෑන්ඩ් එකක් නිසා. කොහොම හරි තර්ස්ටන් එක ඉස්සරහාපිට තියෙන කැන්ඩොස් ෂොප් එකේ විකුණන්නේ කැන්ඩොස් චොකලට් වලින් හදපු ජාති විතරයි. ඒ කියන්නේ නියම චොකලට් ෂොප් එකකට ලංකාවේ තියෙන ආසන්නම උදාහරණය තමයි මේක. ඒ හින්දා මේකට පළවෙනි තැන.

    චොකලට් පිස්සෙක්ට මේක ඇතුළට ගියපු ගමන් එන පළවෙනි හැඟීම තමයි මෙතන තියෙන ඔක්කොම ජාති සල්ලි දීලා ගන්න ඕන කියන එක. ඇයි, එක එක රසවලට හදපු, එක එක හැඩේට හදපු චොකලට් කෑලි, චොකලට් බ්‍රවුනි, චොකලට් එක්ලෙයාර්, චොකලට් ක්‍රිස්පි ක්ලස්ටර්, චොකලට් මාෂ්මෙලෝස් ෆජ්, චොකලට් කුකීස්, චොකලට් බිස්කට් පුඩින්, චොකලට් ෆජ්, ඇල්කොහොල් චොකොලට්, චොකලට් අරවා, චොකලට් මෙව්වා… හම්මේ! කැන්ඩොස් චොකලට් ෂොප් එකට යන චොකලට් ලෝලියෙක් නාකි වෙලාත් ආයෙ ආයෙමත් ඔතනට යනවා කියන එක අපිට බුදු ෂුවර්.

    කෙනෙක්ට තෑගි දෙන්න ආස ආස විදියේ චොකලට් අරගෙන ලස්සනට පැක් කරගන්නත් මෙතනින් පුලුවන්. එහෙම නැත්තං කලින් හදපු චොකලට් ගිෆ්ට් පැක් වුනත් මෙතන තියෙනවා.



    මෙන්න නොම්බරේ: 0112370771

    Colombo Chocolate Shops

    Colombo Chocolate Shops







    2. Gerard Mendis Chocolatier

    Colombo Chocolate Shops
    Source – gerardmendis.com, tripadvisor.com
    ජෙරාඩ් මෙන්ඩිස්ව ගොඩක් දෙනෙක් දන්නේ හිල්ටන් එකේ හිටපු හෙඩ් චෙෆ් විදියට, එහෙම නැත්තං ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා හැටියට. ඒ කොහොම වුනත් ලංකාවෙන් පිට ගොඩක් දෙනෙක් ජෙරාඩ් මෙන්ඩිස්ව දන්නේ “චොකලට් චෙෆ්” කියලා. ඒකට හේතුව ඉතින් ජෙරාඩ් මෙන්ඩිස් චොකලට් හදන්න තියෙන දක්ෂකම තමයි. හෝර්ටන් පෙදෙසේ තියෙන ජෙරාඩ් මෙන්ඩිස් චොක්ලටියර් එක ඇත්තටම චොකලට් ෂොප් එකක්ම නෙවෙයි, ෆැන්සි රෙස්‍ටුරන්ට් එකක් වගේම පේස්ට්‍රි බේකරි එකක්. හැබැයි ඇතුළුවෙද්දිම දැකගන්න පුලුවන් මෙතන තියෙන චොකලට් සිලෙක්ෂන් එක.

    මෙතන එක එක විදියේ රස එක්ක ජෙරාඩ් මෙන්ඩිස් හදපු සිග්නේචර් චොකලට් වර්ග තියෙනවා. චොකලට් රසත් එක්ක සැර මිරිස් රහ එන ස්පයිසි චොකලට් පවා. හැබැයි මෙතන තියෙන ප්‍රධානතම ආකර්ෂණය තමයි කෙනෙක්ට තෑගි දෙන්න පුලුවන් විදියේ කාඩ්බෝඩ් නැත්තං ලී පෙට්ටි වල එන චොකලට් සිලෙක්ෂන් එක.

    මෙතන පිටිපස්සේ තියෙන ජෙරාඩ් මෙන්ඩිස්ගේ චොකලට් ලැබ් එකට කාටවත් යන්න බෑ. හැබැයි ගිහින් තියෙන නිසා අපිට බය නැතුව මෙහෙම කියන්න පුලුවන්. ජෙරාඩ් මෙන්ඩිස් තමයි ලංකාවේ විලී වොන්කා!



    මෙන්න නොම්බරේ: 0115238588

    Colombo Chocolate Shops

    Colombo Chocolate Shops






    3. Sweet Buds

    Colombo Chocolate Shops
    Source – google.lk/maps, mobile.twitter.com, sweet-buds.com
    ස්වීට් බඩ්ස් කියන්නේ චොකලට් කඩයක් විතරක්ම නෙවෙයි. මෙතන පුළුන් පුරෝපු ටෙඩියෝ, වෙඩිමකට ඕන ජාති වගේ දේවලුත් තියෙනවා. හැබැයි මෙතන ඇති වෙන්න චොකල‍ටුත් තියෙනවා. ඇත්තටම මෙතන හොඳ තමන්ගේ චොකලට් කෑදර පෙම්වතාට හරි පෙම්වතියට හරි තෑග්ගක් දෙන්න බලාගෙන ඉන්න කෙනෙක්ට තමයි.

    මෙතනින් ඕන නං පාටියකට හරියන චොකලට් ෆවුන්ටන් එකක් ගන්න පුලුවන්. එහෙම නැත්තං චොකලට් තෑගි ගන්න පුලුවන්. ඇත්තටම මේ චොකලට් තෑගි කියලා තියෙන්නේ එක එක විදියට හදපු චොකලට් බුකේස් තමයි. ෆෙරේරෝ රොමෑන්ස්, කැඩ්බරි හාට්ස්, හර්ෂේස් රොමෑන්ස් වගේ නම් දාලා තියෙන මේවා හදලා තියෙන්නේ බ්‍රෑන්ඩඩ් චොකලට් සහ පුංචි පුංචි ටෙඩියෝ වගේ සත්තු එකතු කරල තමයි!


    මෙන්න නොම්බරේ: 0770203040

    Colombo Chocolate Shops

    Colombo Chocolate Shops

    අනිවා Delicious Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂


    email address


    Subscribe


    4. Candy Planet

    Colombo Chocolate Shops
    Source – google.com/maps, facebook.com
    කැන්ඩි ප්ලැනට් තියෙන්නේ බත්තරමුල්ලේ. හැබැයි අපි වැඩියෙන්ම කැමති ඒ අය ලිබර්ටි ආකේඩ් එකේ ඇරපු අලුත් ෂොප් එකට. මේක ඇත්තටම නමින්ම කියවෙන විදියට කැන්ඩි ෂොප් එකක්. ඒ කියන්නේ ඔය ගමී බෙයාර්ස්, එතකොට චුවින්ගම් වර්ග, ජෙලි ඩ්‍රොප්ස් වගේ ඒවා. හැබැයි ඒ අතරේ මෙතන බ්‍රෑන්ඩඩ් චොකලට් රේන්ජ් එකකුත් තියෙනවා. කැඩ්බරි, හර්ෂේස් වගේ චොකලට් ජාති සෑහෙන්න මෙතනින් හොයාගන්න පුලුවන්. ඒ හින්දා චොකලට් ලෝලියෙක්ට මෙතනට ගියත් බලාපොරොත්තු කඩවෙන්නේ නැතුව එන්න පුලුවන්.


    මෙන්න නොම්බරේ: 0773315689/ 0114383088

    Colombo Chocolate Shops

    Colombo Chocolate Shops






    5. Cioconat Lounge

    Colombo Chocolate Shops
    Source – foodnation.lk, everjobs.lk, tripadvisor.co.uk
    ෂුකොනාට් ලෝන්ජ් කියලා නමට කිව්වට ඇත්තටම මේක චොකලට් කඩයක් නම් නෙවෙයි. මෙතන තියෙන්නේ ඉතාලි කෑම වර්ග, කෝපි වගේ දේවල්. හැබැයි චොකලට් වලට කැමති කෙනෙක්ට චොකලට් රහ බලන්න මෙතන දේවල් නැත්තේ නෑ. ඕන නං කෙනෙක්ට කැමතිම චොකලට් රහ එක්ක එන හොට් චොකලට්, කපාගත් නැවුම් පළතුරු සහ විප්ඩ් ක්‍රීම් එකතු කරලා හදපු ෂුකොනාට් වර්ටිගෝ එකක් රහ බලන්න පුලුවන්. නැත්තං චොකලට් ටාට් එකක් හරි, බ්‍රවුනි එකක් හරි වෙන තියෙන චොකලට් සීන් එකක් හරි වුනත් රහ බලන්න කිසිම අවුලක් නෑ.


    මෙන්න නොම්බරේ: 0112679292

    Colombo Chocolate Shops

    Colombo Chocolate Shops






    6. YUM YUM Fine Foods

    Colombo Chocolate Shops
    Source – facebook.com/yumyumfinefoods
    දෙහිවල තියෙන යම් යම් ෆුඩ්ස් කියන්නේ තවත් කැන්ඩි ස්ටෝර් එකක් තමයි. හැබැයි කැන්ඩි ස්ටෝර් කිව්වට කැන්ඩි විතරක් නෙවෙයි බ්‍රෑන්ඩඩ් චොකලට් වර්ගත් මෙතන ඕන තරමට ‍තෝරගන්න තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ වෙන තැන්වල හොයාගන්න අමාරු ‘විටේකර්ස්’ වගේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් වල චොකලට් එහෙමත් මෙතනින් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. එතනින් ගියහම නිබ්ල්ස් චොකලට්, කැඩ්බරි, පොඩ්ස් විත් ස්නීකර්ස් වගේ දන්න නොදන්න එක එක චොකලට් ජාති, චොකලට් තවරපු අනං මනං එහෙමත් මෙතන තියෙනවා.


    මෙන්න නොම්බරේ: 0777221020

    Colombo Chocolate Shops

    Colombo Chocolate Shops






    7. පිටකො‍ටුවේ මේන් ස්ට්‍රීට් එකේ කඩ පේළිය

    Colombo Chocolate Shops
    Source – slideshare.net
    කො‍ටුවට ගිහින් මල්වත්ත පාර දිගේ හරි ඒ පැත්තට තියෙන වෙන පාරකින් හරි මේන් ස්ට්‍රීට් එකට වැ‍ටුණට පස්සේ පිටකො‍ටුව පැත්තට ඇවිදගෙන යන්න තියෙන්නේ. රතු පල්ලිය කිට්‍ටු වෙනකොට දකින්න පුලුවන් අනික් කඩවලට වඩා ටිකක් වෙනස් කඩ කීපයක්. මේවා වෙනස් වෙන්නේ දේවල් කීපයක් හින්දා. මේ කඩවල වීදුරු දාලා සෑහෙන පොෂ් ලුක් එකක් පවත්වගෙන යනවා. එතකොට ඉස්සරහා අර පළතුරු දාන වේවැල් බාස්කට් එල්ලලා තියෙනවා. දැන් මේ ශොප් එකකින් ඇතුළට යන්න. හතර වටේම තියෙන එක එක ජාතියේ ඉම්පෝට් කරපු බිස්කට්, කෑම බීම අනං මනං අතරේ මැද තියෙනවා ෆෙරේරෝ රොෂර්, ටොබ්ලරෝන්, කැඩ්බරි වගේ දන්න චොකලට් ජාති වල ඉඳන් ජීවිතේට නම අහලා නැති චොකලට් ජාති දක්වා. මේ ෂොප් එක මැද්දේ ලී වලින් හදපු කාමර වලට වෙන් කරපු තට්‍ටුවේ තියෙනවා ලූස් ගන්න තියෙන එක එක ජාතියේ පොඩි චොකලට්. අර නෑදෑයෝ රට ඉඳන් ගේනකොට ගේන හැමජාතියම මෙතන තියෙනවා. හැබැයි මෙතන තව විශේෂත්වයක් තියෙනවා. ලංකාවේ කොහේවත් ගන්න බැරි තරම් අඩු ගාණකට තමයි මේ චොකලට් ජාති අලෙවි වෙන්නේ

    Uputa ganeemaki
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    දොදොල් පට්ට චෙක් කරන්ඩ දෙනවා වගේ මෙවයෙ චෙක් කරන්ඩ දෙන්නෙ නැද්ද.. :P

    අර කැන්ඩොස් එකේ සාමාන්‍ය ගානට වඩා අඩුද බන්.... :nerd:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    දොදොල් පට්ට චෙක් කරන්ඩ දෙනවා වගේ මෙවයෙ චෙක් කරන්ඩ දෙන්නෙ නැද්ද.. :P

    අර කැන්ඩොස් එකේ සාමාන්‍ය ගානට වඩා අඩුද බන්.... :nerd:

    ekanm danna bn ghnma blnna wenwa
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් අර කොටුවෙ තියන කඩ කියල තියෙන්නේ අන්තිමටම.. ඒ ටික පුලුවන්නම් map එකක පෙන්නපන්කො බන්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    ලංකාවෙ චොකලට් රස නෑනෙ බං...
    නිකං කිරිමැටිවලට සීනි දාල වගේ..
    මේවත් එහෙමද දන්නෙ නෑනෙ..
    රට චොකලට් කන්ඩ වැඩිය හම්බ වෙන්නෙ නෑ අපිට. ඒත් ඒවයෙ රස තමා රස :love:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ලංකාවෙ චොකලට් රස නෑනෙ බං...
    නිකං කිරිමැටිවලට සීනි දාල වගේ..
    මේවත් එහෙමද දන්නෙ නෑනෙ..
    රට චොකලට් කන්ඩ වැඩිය හම්බ වෙන්නෙ නෑ අපිට. ඒත් ඒවයෙ රස තමා රස :love:

    ow bn e kathawanm aththa bn