ආත්මාර්ථකාමී මිනිසුන් ජීවත්වන මෙවන රටක මේක අපිට ලැබුණු හොඳ සම්පතක්, අපි මේක පරිස්සම් කරගන්න ඕන, අපි මේ අපවිත්‍ර කිරීමට හොඳ නැත, යැයි සිතන්නේ නැත කකුල් දෙක ඉස්සරහා සීට් එකේ තියාගෙන, පාපුවරුවේ පොඩි දුමක් දාගෙන, සීට් එක යට බියර් කෑන් එකක් තියාගෙන, තම ගමන් සහයකයාගේ පහසුව අපහසු ගැන නොතක, තමන්ගේ ගමන අවසන් වුනහම තමා පාවිච්චි කර වතුර බෝතලය ටොෆි කොළ බිස්කට් පැකට්ටුව ඒක ඇතුළෙම විසිකර යන මිනිසුන් ජීවත් වන මෙවැනි රටක මේ දුම්රිය රැක ගැනීම නම් ඉතා අමාරු කාර්යයක්. දුම්රිය බලධාරීන් කරුණාකර මේ සඳහා නව ප්‍රතිපත්ති මාලාවක් ගෙන එන ලෙස ඉල්ලා සිටිනවා.