Clean Uninstall

AnuradhaRa

Well-known member
  • අපි දන්නව මොකක් හරි Software එකක් ඉන්ස්ටෝල් කළාම, ඒ ආයෙ කම්පියුටරෙන් අයින් කරගන්ඩ ඕනෙනං, වින්ඩෝස් වල Control Panel > Program and Features ට ගිහින් පුලුවං
    ඒ වුණාට එහෙම Software uninstall කළාට සමහරක් ඉතුරු බිතුරු කෑලි කම්පියටරෙන් යන්නැතුව තියෙනව
    ඒකට තමා 3rd Party සොෆ්ට්වෙයා තියෙන්නෙ
    ඒ කියන්නෙ ඒවයින් වින්ඩෝස් වලට වඩා හොඳින් සොෆ්ට්වෙයා ක්ලීන් අන්ස්ටෝල් වෙනව

    උදාහරණෙකට කවුරුත් දන්නව
    IObit Uninstaller
    තව එකක් තමා
    Revo Unsintaller
    මේවයින් වෙනස් වෙච්ච රෙජිස්ට්‍රි කී පවා ආයෙ හදල දෙනව. තව ඔය සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරද්දි අලුතින් හැදුන ෆෝල්ඩර්ස් එහෙම රිමූව් වෙනව
    සොෆ්ට්වෙයා එක දාන්ඩ කලිං කම්පියුටරේ තිබුණ තත්වෙටම ගෙනත් දෙනව

    දැං මට තියෙන ප්‍රශ්නෙ තමා මීටත් වඩා දියුණු කරපු Unsintallers Software නැද්ද, ඔය Trail Software ආයෙ ඉන්ස්ටෝල් කරල පාවිච්චි කරන්ඩ පුලුවං

    උඹලට තේරෙනව නේ මං අහන දේ ? මොකද, ට්‍රයල් එක ඉවර වුණාම ආයෙත් අලුතෙන් ඉන්ස්ටෝල් කරල පාවිච්චි කරන්ඩ බෑනෙ..
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙම හැදීම ප්‍රායෝගික නෑ...
    ට්‍රයල් පීරියඩ් එක එක්ස්පයර් වෙලාද කියල බලන්න ඩිවලපර්ට රෙජිස්ට්‍රි එකේ ඉන්ස්ටෝල් ඩේට් එක තියන්න පුළුවන්..
    නැත්තං පොඩි ෆයිල් එකක තියන්න පුළුවන් :yes: :yes: :yes:
    පොඩි ෆයිල් එකක දාල ඕනෙ දිහාක තියන්න පුළුවන්..
    ඉතිං ඒ ෆයිල් එක මොකක්ද කියල හොයන එක ලේසි වැඩක් නෙමේ :no: :no: :no:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    https://msdn.microsoft.com/en-us/library/windows/desktop/aa365261(v=vs.85).aspx
    අඩෝ සිඞ්හලු මේක බලපං..
    win32 වල ෆෝල්ඩර්ස් වල චේන්ජස් ඉවෙන්ට් එකක් විදිහට ගත්තෑකි :yes: :yes: :yes:
    සිස්ටම් එකේ තියෙන ඔක්කොම ෆෝල්ඩර්ස් ඔන් වෙලා තියෙන හැමවෙලාවෙම ලොග් කලා නම් පට්ට ක්ලීන් අන් ඉන්ස්ටෝල් එකක් දෙන්න පුළුවන් :yes: :yes:
    හැබැයි රිසෝසස් කැවෙන වැඩක් :dull:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    runasdate.png
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම හැදීම ප්‍රායෝගික නෑ...
    ට්‍රයල් පීරියඩ් එක එක්ස්පයර් වෙලාද කියල බලන්න ඩිවලපර්ට රෙජිස්ට්‍රි එකේ ඉන්ස්ටෝල් ඩේට් එක තියන්න පුළුවන්..
    නැත්තං පොඩි ෆයිල් එකක තියන්න පුළුවන් :yes: :yes: :yes:
    පොඩි ෆයිල් එකක දාල ඕනෙ දිහාක තියන්න පුළුවන්..
    ඉතිං ඒ ෆයිල් එක මොකක්ද කියල හොයන එක ලේසි වැඩක් නෙමේ :no: :no: :no:

    :yes:
     

    AnuradhaRa

    Well-known member

  • මේක සාර්ථකද ?
    පාවිච්චි කරලනං නෑ..
    මේවයෙ මොකුත් මැල්වෙයා එහෙම දාලද දන්නෑ..
    මේ වගේ තව එකක්,ගොඩක් සයිට් වල මම දැකල තියෙනව
    Time Stopper වගේ නමක්
    හරියට නම මතක නෑ
     

    AnuradhaRa

    Well-known member
  • රන් ඩයලොග් බොක්ස් එකේ මෙහෙම ටයිප් කරන්ඩ
    %programfiles%
    ඊට පස්සෙ මෙතනට ගිහින් අදාල ෆෝල්ඩර්ස් ටික මකල දාන්ඩ
    C:\Program Files\



    %appdata%
    C:\Users\Ramesh\AppData\Roaming\
    Roaming folder එකේ තියෙන අදාල ඒවත් මකන්ඩ


    Delete_Software_Folder_from_Application_Data.png


    තව මේකත් C:\Users\Ramesh\AppData\Local\
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • STEP 3: Remove Software Keys from Windows Registry

    සමහරක් අය රෙජිස්ට්‍රියට ගිහින් අදාල සොෆ්ට්වෙයා එකේ නම ගහල සර්ච් කරනව කීස් ටික (Ctrl+F ගහල)
    ඊට පස්සෙ බල බල මකනව
    අම්මෝ වැරදි කී එකක් මැකුනොත් ඉවරයි ඔක්කොම
    ගොඩක් පරිස්සං වෙන්ඩ ඕන
    මේ ඔක්කොම කරලත් වැඩේ ගොඩ දාගන්ඩ බැරි වෙන වෙලාවල් තියෙනව
    මේව කරන්ඩ කලිං රෙජිස්ට්‍රිය බැකප් කරගන්නවනං හොඳයි
    හැබැයි මට එකපාරක් මේ ෆයිල් එක ආපහු රෙජිස්ට්‍රියට Import කරන්ඩ බැරි උනා..
    මොනාද එරර් මැසේජ් වැටෙනව
    දන්න කෙනෙක් කියපල්ල ඇයි ඒ කියල
    මම කියන්නෙ මුලු රෙජිස්ට්‍රියම
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • තව මේකත්
    C:\ProgramData\

    ProgramData කියන මුළු ෆෝල්ඩරේම නෙමේ..
    ඒක ඕපන් කරල අන්ස්ටෝල් කරන ඒව ටික විතරක්

    ඉතිං මේ වැඩ ටික ඔක්කොම වෙනව අර
    IObit Uninstaller එකෙනුයි Revo Uninstaller එකෙනුයි

    මෙහෙමත් කරල මදි ඉතිං, ට්‍රයල් සොෆ්ට්වෙයා ආයෙ පාවිච්චි කරන්ඩ
    මොනා කරන්ඩද මංද..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තව මේකත්
    C:\ProgramData\

    ProgramData කියන මුළු ෆෝල්ඩරේම නෙමේ..
    ඒක ඕපන් කරල අන්ස්ටෝල් කරන ඒව ටික විතරක්

    ඉතිං මේ වැඩ ටික ඔක්කොම වෙනව අර
    IObit Uninstaller එකෙනුයි Revo Uninstaller එකෙනුයි

    මෙහෙමත් කරල මදි ඉතිං, ට්‍රයල් සොෆ්ට්වෙයා ආයෙ පාවිච්චි කරන්ඩ
    මොනා කරන්ඩද මංද..

    අර ක්‍රමේට සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරද්දි සී එකේ තියෙන හැම ෆෝල්ඩර් එකක්ම වෙන වෙනම මොනිටර් කල අලුතෙන් හැදෙන සේරම ෆයිල්ස් ටික ලොග් කරගන්න ඕනෙ :yes: :yes: