coke_ටින්_විකුණා කෝටිපතියෙක් වෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    coke_ටින්_විකුණා කෝටිපතියෙක් වෙයි

    වයස 15දී කෝක් ටින් විකුණපු පුංචි කොල්ලා අද වයස 27දී ලැම්බෝගිනි පදිමින් කෝටිපතියෙක් වෙලා ඉන්න තැන

    කොල්ලෙක් වුණාම ජීවිතේ ගොඩයන්න නම් හොඳ ජොබ් එකක් කරලා සල්ලි ටිකක් හොයාගන්න ඕනි. මොකද සල්ලි නැත්තම් අනාගතේදී කරන්න යන දේවල් අපිට හීනයක් විතරක් වෙනවා.

    වාහනයක් ගන්න, අලුත් ගෙයක් හදාගන්න, පිටරටක ටුවර් එකක් යන්න වගේම යාළුවෝ එක්ක ආඩම්බරෙන් ජීවත්වෙන ගමන් තමන් විවාහවන බිරිඳටත් හොඳට සලකන්න ඉතින් සල්ලි තියෙන්න ඕනි.

    සමහර අය ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලෙම කැපකරනවා. ඒ නිසාම ඔවුන්ට නොදැනීම වයසට ගියත් තමන්ට කියලා ඉතිරි කරගත්ත දෙයක් නැති වෙනවා. ඒත් අපි මේ කියන්න යන්න පුංචි කාලේ ඉඳලම ඉලක්කෙකට වැඩකරලා ජීවිතේ ගොඩගියපු තරුණයෙන් ගැන.

    ඔහු නමින් Jordan Grives. යස අවුරුදු 27ක්. මේ තරුණයා ජීවත් වුණේ ඕස්ට්‍රේලියාවේ. ඔහු රැකියාවක් කරන්න පටන්ගත්තේ වයස අවුරුදු 15 දී. ඒ තමන් ගියපු පාසැලේ අයට කෝකාකෝලා විකුණලා.

    ඒ පුංචි රැකියාවෙන් ඔහුට ඩොලර් 200ක ආදායමක් උපයන්න පුලුවන් වුණා. ඒ ගාන ලංකාවේ මුදලින් නම් රු.29,000ක් විතර වෙනවා. මේක කියවන ඔබ කොහෙත්ම ඒ වයසෙදි මේ තරම් ගානක් නම් උපයන්න නැතිව ඇති. ඒ තමයි ඔහුගේ කැපවීම.

    වසර 12කට පස්සේ, ඒ කියන්නේ දැන් Jordan Grives කෝටිපතියෙක්. ඒ ඔහුගේ උත්සාහයෙන් ගොඩනගපු දුරකථන සමාගම නිසා. ඒකේ නම Fonebox.

    2008 දී මේ කම්පැනිය ආරම්භ කරද්දි ඔහුට වයස අවුරුදු 19ක්. මේ වෙද්දි ඒ සමාගම වාර්ෂික ඩොලර් මිලියන 10ක් උපයනවා. තමන් මහන්සියෙන් හම්බකරපු ඒ වත්කම ඔහු පහුගිය දවසක විකුණලා දැම්මා. ඒ ඩොලර් මිලියන 30කට.

    වයස අවුරුදු 27යි, ඔහු දැන් පදින්නේ ලැම්බොගිනියක්, සුඛෝපභෝගී නිවසක ජීවත්වෙලා යහමින් මුදල් වියදම් කරන ඔහු ජීවිතේ කරන්න තියෙන හැමදේම කරලා දැන් තවත් ව්‍යාපාරයක් පටන්ගන්න තමයි හිතන් ඉන්නේ.

    පුංචි වයසක් වුනත් ඉලක්කෙකට වැඩකරපු නිසා ඔහු අද කොටිපතියෙක්, පටන්ගත්තේ කෝකාකෝලා ටින් විකුණලා, ඒ නිසා ඔබටත් බැරි නැහැ.

    3991F3E200000578-3857928-image-m-12_1477016654194.jpg

    3991F3E600000578-3857928-image-m-9_1477016597514.jpg

    3991F3EA00000578-3857928-image-m-11_1477016635773.jpg

    3991F52300000578-3857928-image-a-1_14770165129451.jpg

    eheee.jpg

    eheee.jpg

    source:citizen.lk​
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    පට්ට මචන්... මම දැකලා තියන විදියට දියුනු වෙන්න හිතාගෙනම කරන දේවල් වලට වඩා ජීවිතේ ගැටගහගන්න කියලා පටන්ගත්ත ඒවා හරියනවා ගොඩක් වෙලාවට...

    මමත් හිතාගෙන ඉන්නේ ලංකාවට ඇවිත් පොඩි බිස්නස් එකක් පටන් ගන්න... බලමු මොකද වෙන්නෙ කියලා...

    තෑන්ක්ස් මචන් මේවා දානවට... හිතට හයිය එනවා මේවා කියවද්දි...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    පට්ට මචන්... මම දැකලා තියන විදියට දියුනු වෙන්න හිතාගෙනම කරන දේවල් වලට වඩා ජීවිතේ ගැටගහගන්න කියලා පටන්ගත්ත ඒවා හරියනවා ගොඩක් වෙලාවට...

    මමත් හිතාගෙන ඉන්නේ ලංකාවට ඇවිත් පොඩි බිස්නස් එකක් පටන් ගන්න... බලමු මොකද වෙන්නෙ කියලා...

    තෑන්ක්ස් මචන් මේවා දානවට... හිතට හයිය එනවා මේවා කියවද්දි...

    good luck bro.:)
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    machan oka walawata australian una lankawa akak num akko u ba baddak wala nattum rastiyadu kara yak wala.hama datama taman wata tiyana samaja balapanawa machan.oka tamai siri lankawai wana ratawalai wanasa machan
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පට්ට මචන්... මම දැකලා තියන විදියට දියුනු වෙන්න හිතාගෙනම කරන දේවල් වලට වඩා ජීවිතේ ගැටගහගන්න කියලා පටන්ගත්ත ඒවා හරියනවා ගොඩක් වෙලාවට...

    මමත් හිතාගෙන ඉන්නේ ලංකාවට ඇවිත් පොඩි බිස්නස් එකක් පටන් ගන්න... බලමු මොකද වෙන්නෙ කියලා...

    තෑන්ක්ස් මචන් මේවා දානවට... හිතට හයිය එනවා මේවා කියවද්දි...

    ඒක ඇත්ත බ්‍රෝ.
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    අපෙ physics සර් ඒකාලෙ කිව්ව cocacola වල එක කෙමිකල් එකක් හොයන් තීන්නෙ ජ'පුර කැම්පස් එකේ ප්‍රොෆෙසර් කෙනෙක්ලු! පොරට එක කොකාකොල බොතලෙකින් $0.001ක් හම්බ වෙනවලු! දවසක්ට ලෝකෙ කොකාකොල බොතල් මිලියන 10කට වඩා විකිනෙනවලු! හිතපන් ප්‍රොෆෙසගෙ දවසක ආදායම නිකන් ඉදල :shocked::shocked:
     
    Last edited:

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    පට්ට මචන්... මම දැකලා තියන විදියට දියුනු වෙන්න හිතාගෙනම කරන දේවල් වලට වඩා ජීවිතේ ගැටගහගන්න කියලා පටන්ගත්ත ඒවා හරියනවා ගොඩක් වෙලාවට...

    මමත් හිතාගෙන ඉන්නේ ලංකාවට ඇවිත් පොඩි බිස්නස් එකක් පටන් ගන්න... බලමු මොකද වෙන්නෙ කියලා...

    තෑන්ක්ස් මචන් මේවා දානවට... හිතට හයිය එනවා මේවා කියවද්දි...

    lankawata nam enna epa deyyoo ohe karana deyak karaganan :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ඕස්ට්‍රේලියාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්න බෑ. FCID :P