Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මෙන්න! කොළඹ කොටස්වල අද පෙරළ


    කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු අද සියයට 1.4 කින් පමණ පහළ ගිය අතර දිනයේ වෙළඳ පොළේ සිදුවූ වැදගත් සිදුවීම් මෙසේයි.

    මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 92.4 කින් පහළ ගොස් ඒකක 6,257.51 ක්වූ අතර මිලංක මිල දර්ශකය ඒකක 66.9 කින් පහළ ගොස් ඒකක 5,811 ක්වී තිබේ.

    දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 978.6 කි.

    අද දිනයේදී ලාෆ්ස් ගෑස් කොටසක් රුපියල් 1.50 කින් පහළ ගොස් රුපියල් 40.20 ක්වූ අතර Asian Alliance රක්ෂණ සමාගමේ කොටසක් රුපියල් 30.50 කින් පහළ ගොස් රුපියල් 209.80 ක් විය.

    මේ අතර, Colombo Pharmacy Limited කොටසක් රුපියල් 75.00 කින් පහළ ගොස් රුපියල් 1,450 ක් වෙද්දී DIMO සමාගමේ කොටසක් රුපියල් 38.90 කින් පහළ ගොස් රුපියල් 1,261.10, ක් වුණි.

    එසේම, Industrial Asphalts කොටසක් රුපියල් 50 කින් අඩුවී රුපියල් 640 ක්වූ අතර Singer Industries සමාගමේ කොටසක් රුපියල් 27.30 කින් අඩුවී රුපියල් 270.80 ක්වී ඇත.

    John Keells Holdings කොටසක් අද ගනුදෙනු අවසානයේදී ශත 40 කින් අඩුවී රුපියල් 199.70 ක්ද, Hatton National බැංකුවේ කොටසක් රුපියල් 1.88 කින් අඩුවී රුපියල් 194.00 ක්ද, ඩයලොග් කොටසක් රුපියල් 8.10 ක්ද වුණි.



    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3346&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    වාහන අලෙවි සමාගම්වල කොටස් මිල පහළට

    ජූලි 04 වනදාට පසුව අඩුම පිරිවැටුම අදයි


    කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු අද සියයට 0.6 කින් පහළ ගිය අතර 2011 ජූලි වලින් පසුව වාර්තා කළ අඩුම පිරිවැටුම වාර්තා විය.

    සමස්ත මිල දර්ශකය ඒකක 40.80 කින් පහළ ගොස් ඒකක 6,347.72 ක්වූ අතර මිලංක මිල දර්ශකය ඒකක 27.47 කින් පහත වැටී ඒකක 5,704.83 ක් වුණි.

    පසුගිය ජූලි 04 වනදාට පසුව වාර්තා වූ අඩුම පිරිවැටුම අද වාර්තා කළ අතර පිරිවැටුම රුපියල් මිලියන 689.1 ක් විය.

    අද දිනයේදී DIMO කොටසක් රුපියල් 28.70 කින් අඩුවී රුපියල් 1,219.00 ක් වෙද්දී Colonial Motors කොටසක් රුපියල් 14.20 කින් අඩුවී රුපියල් 480.60 ක්වී ඇත.

    කෙසේවෙතත්, United Motors කොටසක් ශත 50 කින් වැඩිවී රුපියල් 150.10 ක් වුණි.

    මේ අතර, Asian Alliance රක්ෂණ සමාගමේ කොටසක් රුපියල් 1.40 කින් අඩුවී රුපියල් 181.00 ක්ද, Regnis Lanka කොටසක් රුපියල් 6.10 කින් අඩුවී රුපියල් 450.40 ක්ද වෙද්දී සම්පත් බැංකුවේ කොටසක් රුපියල් 1.70 කින් වැඩිවී රුපියල් 209.90 ක් වී තිබේ.

    කොමර්ෂල් බැංකු කොටසක් ශත 50 කින් අඩුවී රුපියල් 73.20 ක්ද, හැටන් නැෂනල් බැංකු කොටසක් ශත 30 කින් අඩුවී රුපියල් 190.00 ක්ද විය.


    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3362&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් ඉහළ පහළ ගියේ මෙහෙමයි


    කොටස් වෙළඳ පොළ වංචා වලට විරුද්ධව ක්‍රියා මාර්ග ගත් සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කිරීමේ උත්සාහයක් ඇතැයි රාවයක් පැතිරෙද්දී අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු ඉහළ ගොස් තිබේ.

    මේ අනුව, අද දිනයේදී සමස්ත මිල දර්ශකය සියයට 1.19 කින් ඉහළ ගොස් ඒකක 6,356.94 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 0.82 කින් ඉහළ ගොස් ඒකක 5,674.86 ක් වී ඇත.

    වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 795 කි.

    Asian Alliance රක්ෂණ සමාගමේ කොටසක් අද රුපියල් 28.80 කින් ඉහළ ගොස් රුපියල් 213 ක්වූ අතර කොටස් 38,500 ක් ගනුදෙනු වී තිබේ.

    මීට අමතරව, ජෝන් කීල්ස් කොටසක් රුපියල් 1.30 කින් පහළ ගොස් රුපියල් 195 ක්වූ අතර කොටස් 88,500 ක් ගනුදෙනු විය.

    වෙළඳ පොළ තුළ රාවයක් පැතිර ගියේ කොටස් වංචාවන්ට එරෙහිව කටයුතු කළ සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර් මහතා අදාළ තනතුරෙන් ඉවත්වී හෝ ඉවත් කර ඇති බවටයි.

    මේ අතර, අද දිනයේදී HVA Foods සමාගමේ කොටසක් රුපියල් 5.40 කින් ඉහළ ගොස් රුපියල් 41.50 ක් වෙද්දී එම සමාගමේ කොටස් මිලියන 1.6 ක් ගනුදෙනු විය.

    Colombo Land & Development Company කොටසක් අද රුපියල් 6.40 කින් ඉහළ ගොස් රුපියල් 57.80 ක්ද, Blue Diamonds Jewellery Worldwide ඡන්ද රහිත කොටසක් ශත 40 කින් ඉහළ ගොස් රුපියල් 4.10 ක්ද වුණි.

    එසේම, කොමර්ෂල් බැංකුවේ ඡන්ද රහිත කොටසක් රුපියල් 1.40 කින් ඉහළ ගොස් රුපියල් 74.50 ක්වී තිබේ.


    http://www.vimasuma.com/index.php?o...icle&id=3377&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ඔටාරාගේ Odel ව්‍යාපාර කරපු හැටි මෙන්න

    පසුගිය කාලයේදී මෙරට ඇඟලුම් ඇතුළු විලාසිතා භාණ්ඩ අලෙවි ශාඛා රැසක් ආරම්භ කළ මෙරට ප්‍රකට විලාසිතාගාරයක් වන ඔඩෙල් සමාගම් සමූහයේ නවතම ගිණුම් වාර්තා ගැන තොරතුරු හෙළිවෙයි.

    මේ අනුව, සමාගම් සමූහය පවසා තිබෙන්නේ 2011 සැප්තැම්බර් 30 අවසන් වන මාස 06 තුළදී සමාගමේ ශුද්ධ ලාභය සියයට 21 කින් වැඩිවී රුපියල් මිලියන 122 ක් වූ බවයි.

    පැරණි ශාඛාවල හා නව ශාඛාවල අලෙවිය වැඩිවීම මෙසේ ලාභය වැඩිවීමට හේතුව බව මෙරට ප්‍රකට ව්‍යාපාරිකාවක වන ඔටාරා ගුණවර්ධන මහත්මියට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි ඔඩෙල් සමාගම් සමූහය සඳහන් කර ඇත.

    ඔඩෙල්හි සමාරම්භකයා හා එහි වත්මන් ප්‍රධාන විධායක ධූරය දරන්නේ ඇයයි.

    මේ වසරේ පළමු අර්ධයේදී සමාගමේ අලෙවිය සියයට 13 කින් වැඩිවී අලෙවි ආදායම රුපියල් බිලියන 1.7 ක්වී තිබෙන අතර කොටසකට අදාළ ලාභය ශත 74 ක සිට ශත 84 ක් දක්වා වැඩිවී ඇත.

    මේ වසරේ මුල් අර්ධයේ ගිණුම් වාර්තා වලින් හෙළිවන්නේ මේ කාලයේදී සමාගමේ මූල්‍ය හා බෙදාහැරීමේ වියදම් විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බව වන අතර මූල්‍ය වියදම් සියයට 53 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 45 ක්ද බෙදාහැරීමේ වියදම් සියයට 30 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 106 ක්ද වී තිබේ.

    මේ වනවිට, සමාගම සතුව අලෙවි සැල් 16 ක් තිබෙන අතර තවත් අලෙවි සැල් තුනක් පමණ අළුතින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතිබව කියයි.


    http://www.vimasuma.com/index.php?o...icle&id=3374&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මලික් කාදර් ඉවත් කිරීමේ උත්සාහයක් ?

    පසුගිය කාලයේදී අයුතු කොටස් ගනුදෙනු වලට එරෙහිව ක්‍රියාත්මක වූ සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර් එම තනතුරෙන් ඉවත් කිරීමේ උත්සාහයක් තිබෙන බවට වෙළඳ පොළ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

    ඊයේ දිනයේදී කොටස් තැරැව්කරුවන් අතර රාවයක් පැතිර ගියේ කාදර් මහතා අදාළ තනතුරෙන් ඉවත් කර හෝ ඔහු එම තනතුරෙන් ඉවත් වී ඇති බවටයි.

    කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් තවමත් නිළ ප්‍රකාශයක් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව විසින් සිදුකර නොමැත.

    විශ්ලේෂකයින් පවසන්නේ පසුගිය කාලයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ අයුතු ගනුදෙනු වලට එරෙහිවීම පිළිබඳව සමහර ප්‍රබල කොටස් ආයෝජකයින් විරුද්ධත්වය දක්වා තිබෙන බවයි.

    පසුගිය කාලය මුළුල්ලේම සමහර ආයෝජකයින් විසින් වෙළඳ පොළ සිද්ධාන්ත වලට පටහැනිව කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් මිල ගණන් ඉහළ දමන බවට මැදහත් විශ්ලේෂකයින් විසින් චෝදනා කළ අතර මෙයට විරුද්ධව ක්‍රියා මාර්ග නොගන්නේ නම් කුඩා කොටස් ආයෝජකයින් දැඩි අර්බුදයකට පත්වනු ඇති බවට ඔවුහු චෝදනා කළෝය.

    ලෝකයේ අනිකුත් කොටස් වෙළඳ පොළවල් වලට සාපේක්ෂව කොළඹ කොටස් වෙළඳ පොළේ මිල ගණන් වටිනාකමට වඩා ඉහළ ගොස් තිබෙන බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙන අතර වෙළඳ පොළ සිද්ධාන්ත බලා ආයෝජනය කරන බොහෝ විදෙස් ආයෝජකයින් මේ වනවිට කොළඹ කොටස් වෙළඳ පොළ හැරගොස් තිබෙන බව ඔවුහු පවසති.


    http://www.vimasuma.com/index.php?o...icle&id=3373&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    නෝර්වේ සමාගමක් සමග සියෙරා කේබල්ස් ඩීල් එකක


    මෙරට වයර් නිෂ්පාදන සමාගමක් වන සියෙරා කේබල්ස් සමාගම නොර්වේහි T&G Electrical සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාරික ගිවිසුමකට එළඹෙයි.

    සමාගම විසින් මේ පිළිබඳව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර මෙම සමාගම් දෙක ඒකාබද්ධව ඇතිකර ගෙන තිබෙන සමාගම T&G Sri Lanka යනුවෙන් නම්කර තිබේ.

    මෙය ආයෝජන මණ්ඩල වරප්‍රසාද යටතේ අපනයනය සඳහා ෆයිබර් ඔප්ටික් කේබල්ස් නිෂ්පාදනය කිරීම සිදුකරයි.

    නොර්වේහි T&G Electrical සමාගම විදුලි වයර් සහ ෆයිබර් ඔප්ටික් වයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වේ.


    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3379&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මලික් කාදර් තාමත් කාර්යාලයේ


    තනතුරෙන් ඉවත් කිරීමේ උත්සාහයක් ඇතැයි පසුගියදා රාවයක් පැතිරුණු අයුතු කොටස් ගනුදෙනු වලට එරෙහිව කටයුතු කළ මලික් කාදර් මහතා ඔහු දරණ තනතුරෙන් ඉවත් කිරීමට තමාට උපදෙස් ලැබී නොමැති බව සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිනිය කියයි.
    “මගේ දැනුමේ හැටියට එහෙම දෙයක් නෑ.“

    යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිනිය වන ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ 24 වන සංවත්සරය සැමරීමට කොළඹදී පැවති ආයෝජන දිනයේදී වාර්තා කරුවන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළාය.

    “මට ඒ පිළිබඳව කිසිදු දැනුවත් කිරීමක් කර නෑ. ඔබ දන්නවානේ කටකතා කියන්නෙ කටකතා.“

    යනුවෙන්ද ඇය පැවසුවාය.

    පසුගිය බ්‍රහස්පතින්දා සිට කොළඹ කොටස් තැරැව්කරුවන් අතර රාවයක් පැතිර ගියේ සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර් මහතා අදාළ තනතුරෙන් ඉවත් කර හෝ ඔහු සිය තනතුරෙන් ඉවත් වී ඇති බවයි.

    පසුගිය කාලයේදී කොටස් වෙළඳ පොළ වංචා වලට එරෙහිව කටයුතු කළ ඔහුට ප්‍රබල ආයෝජකයින්ගේ විරෝධය එල්ලවී තිබෙන බවද එහිදී කියවුණි.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Colombo Stocks rise for second consecutive day


    The upward trend started on last Friday continued for the fresh week. ASI was up by 67.42 points or 1.06 percent to close at 6424.36 while Milanka Index went up by 58.90 points to end the day at 5733.76. Day's turnover amounted to 949.5 million rupees.

    Positive September quarter results started to coming out. Chevron Lubricant Lanka Plc (LLUB) posted Rs 603,442,000.00 for the six months ended 30th September 2011 against Rs 395,106,000 .00 for the same period last year. LLUB closed 2.70 higher at Rs 162.70.

    Sampath Bank has announced setting up of two subsidiary companies to conduct Life Insurance and Merchant Banking businesses. According to the announcement, Sampath has already received the approval of the Central Bank of Sri Lanka and will make application to the Insurance Board of Sri Lanka for their approval . Sampath Bank shares was up by 4.30 to close at Rs 207.80.

    Index heavy weighted Blue Chip John Keells Holdings was down by 3.10 to close at Rs 191.90 while Carsons Cumberbatch Plc lost 7.60 to end the day at Rs 576.00. Sri Lanka Telecom closed at Rs 50.40, down 40 cents.

    Foreign investor activity was very low with net outflow of Rs 10,586,312.00.


    http://www.stock-market-today.net/
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අද කොළඹ කොටස් පෙරළුණේ මෙහෙමයි

    සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නෙරපීමේ උත්සාහයක් ඇතැයි රාවයක් පැතිරෙද්දී කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු අද යළිත් වැඩිවූ අතර දිනයේ සිදුවූ සුවිශේෂී සිදුවීම් මෙසේයි.

    සමස්ත මිල දර්ශකය සියයට 1.06 කින් ඉහළ ගොස් ඒකක 6,424.36 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 1.04 කින් ඉහළ ගොස් ඒකක 5,733.76 ක් වුණි.

    දිනයේ වෙළඳ පොළ පිරිවැටුම දැක්වුණේ රුපියල් මිලියන 950 ක් ලෙසිනි.

    Infrastructure Developers සමාගමේ කොටසක මිල අද රුපියල් 18.20 කින් ඉහළ ගොස් රුපියල් 54.70 ක් වෙද්දී Miramar Beach Hotel කොටසක් රුපියල් 86 කින් ඉහළ ගොස් රුපියල් 288.10 ක් විය.

    කෙසේවෙතත්, මෙම සමාගමේ අද ගනුදෙනු වී තිබෙන්නේ කොටස් 600 ක් වැනි සුළු ප්‍රමාණයකි.

    Gestetner of Ceylon සමාගමේ කොටසක් රුපියල් 60.60 කින් ඉහළ ගොස් රුපියල් 360.60 ක්වූ අතර එම සමාගමේ කොටස් 4,700 ක් ගනුදෙනු වී තිබේ.

    අයුතු කොටස් ගනුදෙනු කිරීම් වලට විරුද්ධව පසුගියදා ක්‍රියාමාර්ග ගත් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර් සිය තනතුරෙන් ඉවත් කිරීමට ප්‍රබල ආයෝජකයින් පිරිසක් උත්සාහ ගන්නා බවට ආරංචි පැතිර යාමෙන් පසුව අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු වැඩිවූයේ පිට පිටම දෙවන දිනයටයි.

    අද ජොන් කීල්ස් කොටසක් රුපියල් 3.10 කින් අඩුවී රුපියල් 191.90 ක් ලෙස දැක්වුණු අතර කොටස් 119,100 ක් ගනුදෙනු වී ඇත.

    මීට අමතරව, කොමර්ෂල් බැංකුවේ කොටසක් ශත 50 කින් වැඩිවී රුපියල් 108.50 ක්ද, ඩයලොග් කොටසක් ශත 20 කින් වැඩිවී රුපියල් 8.20 ක්ද වෙද්දී HVA Foods කොටසක් රුපියල් 5.80 කින් ඉහළ ගොස් රුපියල් 47.30 ක්වී තිබේ.

    Colombo Land & Development Company කොටසක් අද දිනයේදී රුපියල් 1.80 කින් වැඩිවී රුපියල් 59.60 ක් විය.


    http://www.vimasuma.com/index.php?o...icle&id=3391&catid=50:puwatharthika&Itemid=56
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    අද කොළඹ කොටස් පෙරළුණේ මෙහෙමයි

    සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නෙරපීමේ උත්සාහයක් ඇතැයි රාවයක් පැතිරෙද්දී කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු අද යළිත් වැඩිවූ අතර දිනයේ සිදුවූ සුවිශේෂී සිදුවීම් මෙසේයි.

    සමස්ත මිල දර්ශකය සියයට 1.06 කින් ඉහළ ගොස් ඒකක 6,424.36 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 1.04 කින් ඉහළ ගොස් ඒකක 5,733.76 ක් වුණි.

    දිනයේ වෙළඳ පොළ පිරිවැටුම දැක්වුණේ රුපියල් මිලියන 950 ක් ලෙසිනි.

    Infrastructure Developers සමාගමේ කොටසක මිල අද රුපියල් 18.20 කින් ඉහළ ගොස් රුපියල් 54.70 ක් වෙද්දී Miramar Beach Hotel කොටසක් රුපියල් 86 කින් ඉහළ ගොස් රුපියල් 288.10 ක් විය.

    කෙසේවෙතත්, මෙම සමාගමේ අද ගනුදෙනු වී තිබෙන්නේ කොටස් 600 ක් වැනි සුළු ප්‍රමාණයකි.

    Gestetner of Ceylon සමාගමේ කොටසක් රුපියල් 60.60 කින් ඉහළ ගොස් රුපියල් 360.60 ක්වූ අතර එම සමාගමේ කොටස් 4,700 ක් ගනුදෙනු වී තිබේ.

    අයුතු කොටස් ගනුදෙනු කිරීම් වලට විරුද්ධව පසුගියදා ක්‍රියාමාර්ග ගත් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර් සිය තනතුරෙන් ඉවත් කිරීමට ප්‍රබල ආයෝජකයින් පිරිසක් උත්සාහ ගන්නා බවට ආරංචි පැතිර යාමෙන් පසුව අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු වැඩිවූයේ පිට පිටම දෙවන දිනයටයි.

    අද ජොන් කීල්ස් කොටසක් රුපියල් 3.10 කින් අඩුවී රුපියල් 191.90 ක් ලෙස දැක්වුණු අතර කොටස් 119,100 ක් ගනුදෙනු වී ඇත.

    මීට අමතරව, කොමර්ෂල් බැංකුවේ කොටසක් ශත 50 කින් වැඩිවී රුපියල් 108.50 ක්ද, ඩයලොග් කොටසක් ශත 20 කින් වැඩිවී රුපියල් 8.20 ක්ද වෙද්දී HVA Foods කොටසක් රුපියල් 5.80 කින් ඉහළ ගොස් රුපියල් 47.30 ක්වී තිබේ.

    Colombo Land & Development Company කොටසක් අද දිනයේදී රුපියල් 1.80 කින් වැඩිවී රුපියල් 59.60 ක් විය.


    http://www.vimasuma.com/index.php?o...icle&id=3391&catid=50:puwatharthika&Itemid=56
    :D:D:D:D:D:D
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අද කොටස් පොළේ රැළි පෙරළි මෙහෙමය


    සුරැකුම් පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර් එම තනතුරෙන් ඉවත් කිරීමට උත්සාහයක් ඇතැයි රාවයක් පළවීමෙන් පසුව ඉහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ අද නැවතත් පහළ ගියේය.

    මේ අනුව, අද සමස්ත මිල දර්ශකය සියයට 1.22 කින් පහළ ගොස් ඒකක 6,346.05 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 1.38 කින් පහළ ගොස් ඒකක 5,654.35 ක්වී තිබේ.

    වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 700 ක් දක්වා පහළ වැටී ඇත.

    අද දිනයේදී Infrastructure Developers කොටසක් රුපියල් 27.30 කින් ඉහළ ගොස් රුපියල් 82 ක් වූ අතර කොටස් 3,100 ක් ගනුදෙනු විය.

    මේ අතර, Miramar Beach Hotel කොටසක් රුපියල් 47 කින් අඩුවී රුපියල් 241.10 ක් දක්වා පහළ ගිය අතර ගනුදෙනු වූයේ කොටස් 100 ක් පමණි.

    මීට අමතරව, HVA Foods කොටසක් අද රුපියල් 5.10 කින් අඩුවී රුපියල් 42.20 ක් වෙද්දී කොටස් මිලියන 1.6 ක් ගනුදෙනු විය.

    Serendib Hotels කොටසක් රුපියල් 1.70 කින් වැඩිවී රුපියල් 33 ක්වී කොටස් මිලියන 1.8 ක් ගනුදෙනු වූ අතර ජෝන් කීල්ස් කොටසක් රුපියල් 1.90 කින් පහළ ගොස් කොටසක් රුපියල් 190 ක් විය.


    http://www.vimasuma.com/index.php?o...icle&id=3398&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    වාහන වැඩිවීමෙන් Chevron සමාගමටත් වාසියි


    Chevron ලිහිසි තෙල් සමාගමේ මෙරට ශාඛාව 2011 සැප්තැම්බර් කාර්තුවේදී සිය ගිණුම් වාර්තා එළි දක්වා තිබේ.

    මේ අනුව, සමාගම පවසා තිබෙන්නේ සමාගමේ මෙරට ඒකකයේ ශුද්ධ ලාභය සැප්තැම්බර් කාර්තුවේදී සියයට 53 කින් වැඩිවී රුපියල් මිලියන 603 ක්වී තිබෙන බවත් සිය ලිහිසි තෙල් අලෙවියේ ඇතිවී තිබෙන වර්ධනය මෙයට හේතුවී තිබෙන බවයි.

    මේ කාර්තුවේදී සමාගමේ කොටසකට අදාළ ලාභය රුපියල් 5.03 ක් දක්වා වැඩිවී තිබෙන අතර එය පැවතු‍ණේ රුපියල් 3.29 ක් ලෙසිනි.

    යුද්ධය අවසන් කිරීමෙන් පසුව උතුරු නැගෙනහිර වෙළඳ පොළවල් විවෘත වීමත් රටේ ආර්ථික වර්ධනය වැඩිවීමත් සමග සැප්තැම්බර් කාර්තුවේදී සමාගමේ ලිහිසි තෙල් අලෙවිය සියයට 23 කින් ඉහළ ගොස් අලෙවි ආදායම රුපියල් බිලියන 03 ක් වී තිබේ.


    http://www.vimasuma.com/index.php?o...icle&id=3390&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සෙලාන් බැංකුව යළිත් ගොඩට ඇදේ

    ගෝල්ඩන් කී අර්බුදයත් සමග කඩා වැටීමේ අවධානමකට පත්ව නව කළමනාකරණයක් යටතට පත්කළ සෙලාන් බැංකුව සිය නවතම මූල්‍ය වාර්තා එළි දක්වා තිබේ.

    මේ අනුව, 2011 සැප්තැම්බර් කාර්තුවේදී සෙලාන් බැංකුවේ ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 26.8 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 396 ක්වී තිබේ.

    මෙම කාර්තුවේදී සමාගමේ කොටසකට අදාළ ලාභය රුපියල් 5.63 ක්වී තිබෙන අතර මාස නමයේ කොටසකට අදාළ ලාභය රුපියල් 1.63 ක්වී ඇත.

    මෙම කාර්තුවේදී බැංකු සමූහයේ පොලී ආදායම සියයට 12.68 කින් අඩුවී රුපියල් බිලියන 4.66 ක්වී තිබෙන අතර පොලී වියදමද සියයට 11.5 කින් අඩුවී රුපියල් බිලියන 2.03 ක්වී තිබේ.

    මේ අනුව, සැප්තැම්බර් කාර්තුවේදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 2.0 ක්වී තිබෙන බව බැංකුව සඳහන් කරයි.

    මේ වසරේ මුල් මාස නමයේදී බැංකුවේ සක්‍රීය ණය ප්‍රමාණය සියයට 15.5 කින් වැඩිවී රුපියල් බිලියන 88.2 ක්වූ බවත් අක්‍රීය ණය ප්‍රමාණය සියයට 9.0 ක් දක්වා අඩුවී එම ප්‍රමාණය රුපියල් බිලියන 23.3 ක්වී තිබෙන බවත් සඳහන්ය.

    මේ අතර, මේ කාලයේදී තැන්පතු ප්‍රමාණය සියයට 5.4 කින් වැඩිවී රුපියල් බිලියන 116 ක්වී ඇත.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    නේෂන් ලංකාට කොන්දේසි අවසරය ලැබෙයි

    කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත Nation Lanka සමාගමට කොන්දේසි කිහිපයක් යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අවස්ථාව ලබාදී තිබෙන බව සමාගම කියයි.

    මේ අනුව, ප්‍රධාන ප්‍රාග්ධන අවශ්‍යතාවය ලෙස රුපියල් මිලියන 400 ක් සමාගම විසින් සපුරාලිය යුතු බවත් කල්බදු ව්‍යාපාර කටයුතු වලට අදාළ රෙගුලාසි සමාගම විසින් සපුරාලිය යුතු බවත් සඳහන්ය.

    මේ වනවිට, පොලී අනුපාතය අඩුවී වාහන හා පාරිභෝගික භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම වැඩිවීම හමුවේ මූල්‍ය සමාගම්වල ව්‍යාපාර කටයුතු පුළුල් වෙමින් තිබේ.


    http://www.vimasuma.com/index.php?o...icle&id=3404&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    PABC නවතම මූල්‍ය තොරතුරු මෙන්න


    PABC බැංකුවේ 2011 සැප්තැම්බර් කාර්තුවේ ලාභය සියයට 62 කින් වර්ධනය වී තිබෙන බව නවතම ගිණුම් වාර්තා වලින් හෙළිදරව් වේ.

    මේ අනුව, අදාළ කාර්තුවේදී බැංකුවේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 208.7 ක්වී තිබෙන අතර බැංකුවේ ශුද්ධ පොලී ආදායම් විශාල ලෙස වැඩිවීම ලාභය වැඩිවීමට හේතුවී ඇත.

    මෙම කාර්තුවේදී බැංකුවේ කොටසකට අදාළ ලාභය ශත 71 ක්වී තිබෙන අතර සැප්තැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී කොටසකට අදාළ ලාභය රුපියල් 2.08 ක්වී තිබේ.

    සැප්තැම්බර් කාර්තුවේදී පොලී ආදායම සියයට 52 කින් වැඩිවී එය රුපියල් බිලියන 1.17 ක් වෙද්දී ශුද්ධ පොලී ආදායම සියයට 36 කින් වැඩිවී රුපියල් මිලියන 561 ක්වී ඇත.

    2010 දෙසැම්බර් කාලයේදී බැංකුවේ ක්‍රියාකාරී රුපියල් බිලියන 20.0 ක්වූ ණය ප්‍රමාණය 2011 සැප්තැම්බර් වනවිට රුපියල් බිලියන 27.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර අක්‍රීය ණය ප්‍රමාණයද රුපියල් බිලියන 2.1 ක සිට රුපියල් බිලියන 2.5 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මේ අතර, මෙම කාර්තුවේදී බැංකුවේ මෙහෙයුම් වියදම සියයට 45 කින් වැඩිවී රුපියල් මිලියන 407 ක් වෙද්දී කාර්ය මණ්ඩල වියදමද සියයට 45 කින් වැඩිවී රුපියල් මිලියන 167 ක්වී තිබේ.

    බැංකුවේ තැන්පතුද මේ කාලයේදී රුපියල් බිලියන 21.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව අනාවරණය වේ.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    පීපල්ස් ලීසිං නිකුතුවට සූදානම්

    ලංකාවේ විශාලතම ලීසිං සමාගම වන පීපල්ස් ලීසිං සමාගම විසින් සිදුකිරීමට නියමිත කොටස් නිකුතුව නියමිත පරිදි සිදුකරන බව සමාගම කියයි.

    මේ අනුව, ඩොලර් මිලියන 70 ක් වටිනා මෙම කොටස් නිකුතුව ලබන නොවැම්බර් 03 වනදා විවෘත වීමට නියමිත අතර මෙම සමාගම මහජන බැංකුවට පූර්ණ අනුබද්ධ සමාගමකි.

    කොටස් නිකුතුව සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගෙන් විශාල ඉල්ලුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව පීපල්ස් ලීසිං සමාගම පවසා තිබේ.

    මෙම නිකුතුව NDB ආයෝජන බැංකුව හා Capital Alliance සමාගම විසින් කළමනාකරණය කරයි.

    නිකුතුව යටතේ එකක් රුපියල් 18.00 ක් වන කොටස් මිලියන 390 ක් නිකුත් කෙරෙන අතර රැස්කිරීම සූදානම් වන මුදල රුපියල් බිලියන 7.0 කි.


    http://www.vimasuma.com/index.php?o...icle&id=3426&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොටස් පොළට LOLC සමාගමක් ළඟදීම


    ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මූල්‍ය සමාගමක් ලෙස කටයුතු කිරීමට අනුමැතිය ලැබූ LOLC සමාගම් සමූහයට අයත් සමාගමක් කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතවීමට සූදානම් වේ.

    මේ අනුව, LOLC සමාගම් සමූහයට අයත් කොමර්ෂල් ලීසිං සමාගම පවසා තිබෙන්නේ තම සමාගමට තැන්පතු රැස්කිරීමේ බලයද ඇතුළත්ව මූල්‍ය සමාගමක් ලෙස කටයුතු කිරීමේ බලය මහ බැංකුවෙන් ලැබුණු බවත් ඉදිරියේදී කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත වීමට කටයුතු කරන බවයි.

    යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරට කල්බදු, කුලී පිට ගැනුම් යන ව්‍යාපාර වර්ධනය වෙමින් තිබෙන අතර ඉදිරියේදී කොමර්ෂල් ලීසිං සමාගමේ ශාඛා උතුරු නැගෙනහිරද ව්‍යාප්ත කිරීමට සූදානම් බව LOLC සමාගම් සමූහයේ ප්‍රධාන විධායක කපිල ජයවර්ධන පවසයි.

    පසුගිය වසර දෙක තුළදී මෙම සමාගමේ දළ වත්කම් ප්‍රමාණය සියයට 176 කින් වර්ධනය වී රුපියල් බිලියන 26 ක්වී තිබෙන අතර 2011 මාර්තු වලින් අවසන් වන මුදල් වසර අවසානයේදී රුපියල් මිලියන 741 ක බදු වලට පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් විය.