සෙලාන් බැංකුව යළිත් ගොඩට ඇදේ
ගෝල්ඩන් කී අර්බුදයත් සමග කඩා වැටීමේ අවධානමකට පත්ව නව කළමනාකරණයක් යටතට පත්කළ සෙලාන් බැංකුව සිය නවතම මූල්‍ය වාර්තා එළි දක්වා තිබේ.
මේ අනුව, 2011 සැප්තැම්බර් කාර්තුවේදී සෙලාන් බැංකුවේ ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 26.8 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 396 ක්වී තිබේ.
මෙම කාර්තුවේදී සමාගමේ කොටසකට අදාළ ලාභය රුපියල් 5.63 ක්වී තිබෙන අතර මාස නමයේ කොටසකට අදාළ ලාභය රුපියල් 1.63 ක්වී ඇත.
මෙම කාර්තුවේදී බැංකු සමූහයේ පොලී ආදායම සියයට 12.68 කින් අඩුවී රුපියල් බිලියන 4.66 ක්වී තිබෙන අතර පොලී වියදමද සියයට 11.5 කින් අඩුවී රුපියල් බිලියන 2.03 ක්වී තිබේ.
මේ අනුව, සැප්තැම්බර් කාර්තුවේදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 2.0 ක්වී තිබෙන බව බැංකුව සඳහන් කරයි.
මේ වසරේ මුල් මාස නමයේදී බැංකුවේ සක්‍රීය ණය ප්‍රමාණය සියයට 15.5 කින් වැඩිවී රුපියල් බිලියන 88.2 ක්වූ බවත් අක්‍රීය ණය ප්‍රමාණය සියයට 9.0 ක් දක්වා අඩුවී එම ප්‍රමාණය රුපියල් බිලියන 23.3 ක්වී තිබෙන බවත් සඳහන්ය.
මේ අතර, මේ කාලයේදී තැන්පතු ප්‍රමාණය සියයට 5.4 කින් වැඩිවී රුපියල් බිලියන 116 ක්වී ඇත.