ණයේ පැටලුණු ගලධාරී හෝටලයට ඩුබායි රජය කර ගහයි
ඩුබායි රජයට සම්බන්ධ කමක් තිබෙන ආයෝජන අරමුදලක් විසින් කොළඹ ගලධාරී හෝටලයේ සියයට 16.1 ක්වූ කොටස් ප්රමාණයක් මිලදීගෙන තිබෙන බව අනාවරණය වේ.
මෙම ගනුදෙනුව හා සම්බන්ධ TKS සිකියුරිටීස් තැරැව්කාර සමාගම පවසන්නේ මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1.18 ක් වන බවත් කොටස් මිලියන 29.5 ක් එකක් රුපියල් 40 බැගින් මෙහිදී මිලදීගෙන තිබෙන බවයි.
යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින් ප්රමාණය විශාල ලෙස වැඩිවී තිබෙන අතර කොළඹ ගලධාරී හෝටලය මේ වනවිට ණය අර්බුදයක පැටලී සිටී.
මේ නිසා, ණය කොටස් බවට හරවා ණයකරුවන් අතර බෙදාදීමට හෝටලයේ පාලනාධිකාරිය මේ වනවිට සැලසුමක්ද සකස් කර ඇත.
මෙම හෝටලයේ ප්රධාන කොටස්කරුවා වන්නේ ඩුබායි පදනම් කරගත් ගලධාරී පවුලයි.
Galadari Hotels (Lanka) සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට පසුගියදා දැනුම් දුන්නේ ණයකරුවන්ගේ ණය ගෙවීම වෙනුවට කොටසක මිල රුපියල් 15.26 ක් වන කොටස් ණයකරුවන්ට බෙදා දීමට ගලධාරී හෝටලයේ අධ්යක්ෂ මණ්ඩලය එකඟ වී තිබෙන බවයි.
හෝටලය අයත් මව් සමාගම වන Galadari Brothers සමාගමට ගෙවිය යුතුව තිබෙන රුපියල් බිලියන 5.75 ක් හා ජාතික රක්ෂණ භාර අරමුදලට ගෙවිය යුතු රුපියල් මිලියන 583 ක් වෙනුවෙ