Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ණයේ පැටලුණු ගලධාරී හෝටලයට ඩුබායි රජය කර ගහයි

    ඩුබායි රජයට සම්බන්ධ කමක් තිබෙන ආයෝජන අරමුදලක් විසින් කොළඹ ගලධාරී හෝටලයේ සියයට 16.1 ක්වූ කොටස් ප්‍රමාණයක් මිලදීගෙන තිබෙන බව අනාවරණය වේ.

    මෙම ගනුදෙනුව හා සම්බන්ධ TKS සිකියුරිටීස් තැරැව්කාර සමාගම පවසන්නේ මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1.18 ක් වන බවත් කොටස් මිලියන 29.5 ක් එකක් රුපියල් 40 බැගින් මෙහිදී මිලදීගෙන තිබෙන බවයි.

    යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස වැඩිවී තිබෙන අතර කොළඹ ගලධාරී හෝටලය මේ වනවිට ණය අර්බුදයක පැටලී සිටී.

    මේ නිසා, ණය කොටස් බවට හරවා ණයකරුවන් අතර බෙදාදීමට හෝටලයේ පාලනාධිකාරිය මේ වනවිට සැලසුමක්ද සකස් කර ඇත.

    මෙම හෝටලයේ ප්‍රධාන කොටස්කරුවා වන්නේ ඩුබායි පදනම් කරගත් ගලධාරී පවුලයි.

    Galadari Hotels (Lanka) සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට පසුගියදා දැනුම් දුන්නේ ණයකරුවන්ගේ ණය ගෙවීම වෙනුවට කොටසක මිල රුපියල් 15.26 ක් වන කොටස් ණයකරුවන්ට බෙදා දීමට ගලධාරී හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වී තිබෙන බවයි.

    හෝටලය අයත් මව් සමාගම වන Galadari Brothers සමාගමට ගෙවිය යුතුව තිබෙන රුපියල් බිලියන 5.75 ක් හා ජාතික රක්ෂණ භාර අරමුදලට ගෙවිය යුතු රුපියල් මිලියන 583 ක් වෙනුවෙ
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ඩයලොග් ශුද්ධ ලාභ බහී
    ඩයලොග් සමාගම් සමූහයේ 2011 සැප්තැම්බර් කාර්තුවේ ශුද්ධ ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 17.7 කින් අඩුවී ලාභය රුපියල් බිලියන 1.4 ක් වෙයි.

    මේ සැප්තැම්බර් කාර්තුවේදී සමාගම් සමූහයේ අලෙවිය සියයට 10.3 කින් වැඩිවී අලෙවි ආදායම රුපියල් බිලියන 11.7 ක්වී තිබෙන අතර කොටසකට අදාළ ලාභය ශත 20 ක සිට ශත 26 ක් දක්වා වැඩිවී තිබෙන බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.

    මෙහිදී, බදු වියදම රුපියල් මිලියන 260 ක් දක්වා වැඩිවී තිබෙන අතර එය 2010 සැප්තැම්බර් කාර්තුවේදී පැවතුණේ රුපියල් මිලියන 87 ක් ලෙසිනි.

    සමාගම් සමූහයේ රූපවාහිනී හා පුළුල් පරාස අන්තර් ජාල සේවා යන ව්‍යාපාර අංශවල අලාභ මේ සැප්තැම්බර් කාර්තුවේදී අඩුවී තිබෙන අතර රූපවාහිනී අංශයේ අලාභය රුපියල් මිලියන 19.6 ක් දක්වා අඩුවී ඇත.

    2010 සැප්තැම්බර් කාර්තුවේදී සමාගම සිය රූපවාහිනී ව්‍යාපාරික අංශයෙන් ලැබූ අලාභය රුපියල් මිලියන 216 ක්වූ අතර පුළුල් පරාස අන්තර් ජාල සේවා වලින් ලැබූ පාඩුව රුපියල් මිලියන 839 ක සිට රුපියල් මිලියන 657 ක් දක්වා අඩුවී තිබේ.

    මේ අතර, සැප්තැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී ඩයලොග් සමාගම් සමූහයේ ආදායම රුපියල් බිලියන 33.7 ක්වී තිබෙන අතර සමාගමේ ජංගම දුරකතන ජාලයට සම්බන්ධ වී සිටින ග්‍රාහකයින් ප්‍රමාණය මිලියන 07 කට ආසන්න වේ.

    සමාගම වැඩිදුරටත් පවසා තිබෙන්නේ ගිය වසරට සාපේක්ෂව මේ වසරේදී මේ දක්වා සිය පිරිවැය සියයට 16 කින් පමණ වැඩිවී තිබෙන බවයි.

    මීට අමතරව, ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය මේ සැප්තැම්බර් කාර්තුව වනවිට 200,000 ක් දක්වා වැඩිවී තිබෙන බවත් එය මෙම කාර්තුව තුළදී සියයට 32 කින් වර්ධනය වූ බවත් සඳහන්ය.

    මේ වසරේ මුල් මාස නමය තුළදී සමාගම් සමූහයේ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 6.7 ක්වී තිබෙන අතර මෙයින් වැඩි මුදලක් අධිවේගී ජංගම දුරකතන අන්තර් ජාල සේවා පුළුල් කිරීමටත් ෆයිබර් ඔප්ටිකල් ජාලය පුළුල් කිරීම සඳහාත් ආයෝජනය කර ඇත.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මර්චන්ට් බැංකුව, ඉතිරි කිරීමේ ඒකකය විකුණයි

    සිය ඉතිරි කිරීමේ බැංකු ඒකකය විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බව ලංකා බැංකුවට අනුබද්ධ ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සඳහන් කරයි.

    ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ සිය ඉතිරිකිරීමේ බැංකු ඒකකයේ සියයට 68 ක් වන කොටස් ප්‍රමාණය Navara Capital Ltd සමාගම නායකත්වය දරන සන්ධානයක් විසින් මිලදී ගත් බවයි.

    මේ අනුව, රුපියල් 3.75 ක් බැගින්වූ ඡන්ද සහිත කොටස් මිලියන 87.1 ක්ද, රුපියල් 2.35 ක් බැගින්වූ ඡන්ද රහිත කොටස් මිලියන 100 ක්ද රුපියල් මිලියන 561 කට විකුණා දැමූ බව බැංකුව සඳහන් කර තිබේ.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    රොසෙල්ගේ ඵල බරවේ

    යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ ඇතිවී තිබෙන පිබිදීම හමුවේ පිඟන් ගඩොල් නිපදවන රෝයල් සෙරමික්ස් සමාගමේ ලාභ විශාල ලෙස වැඩිවී තිබේ.

    මේ අනුව, සමාගමේ 2011 සැප්තැම්බර් කාර්තුවේ ගිණුම් වාර්තා වලින් අනාවරණය කර තිබෙන්නේ අදාළ කාර්තුවේ ශුද්ධ ලාභය සියයට 121 කින් වැඩිවී රුපියල් මිලියන 496 ක්වී තිබෙන බවයි.

    නාන කාමර කට්ටල නිපදවීමට හා තීන්ත නිපදවීමටද යොමුවී තිබෙන මෙම සමාගම් සමූහයේ සැප්තැම්බර් කාර්තුවේ අලෙවිය සියයට 22.5 කින් ඉහළ ගොස් තිබෙන අතර අලෙවි ආදායම රුපියල් බිලියන 1.9 ක්වී තිබෙන බව සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.

    මෙම කාර්තුවේ සමාගමේ කොටසකට අදාළ ලාභය රුපියල් 4.48 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය ගිය වසරේ අදාළ කාලයේදී පැවතුණේ රුපියල් 2.02 ක් ලෙසිනි.

    2011 සැප්තැම්බර් කාර්තුවේදී සමාගමේ නාන කාමර කට්ටල ව්‍යාපාරික කටයුතු වලින් රුපියල් මිලියන 64 ක ලාභයක් ලබා ඇති අතර ගිය වසරේ අදාළ කාර්තුවේදී එම අංශයෙන් ලබා තිබුණේ රුපියල් මිලියන 07 ක පාඩුවකි.

    මීට අමතරව, මෙම සැප්තැම්බර් කාර්තුවේදී සමාගමේ තීන්ත හා ඒ ආශ්‍රිත ව්‍යාපාරික කටයුතු වලින් රුපියල් මිලියන 08 ක ලාභයක් ලබා තිබෙන බව සඳහන්ය.

    රෝයල් සෙරමික්ස් සමූහය රෝයල් පෝර්සිලේන්, රොසෙල් බාර්ත් වෙයා, එවර්පෙන්ට් ඇන්ඩ් කෙමිකල් ඉන්ඩස්ට්‍රීස් යන සමාගම් වලින් සැදුම් ලත්ය.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    The Finance and Guarantee සමාගම විකිණේ

    යුනියන් බැංකුව හා ShoreCap II යන ආයෝජන අරමුදල එක්ව The Finance and Guarantee (TF&G) සමාගම මිලදී ගෙන තිබේ.

    මෙම මිලදී ගැනීම සඳහා සියයට 81.27 ක් වන කොටස් ප්‍රමාණයක් සඳහා යුනියන් බැංකුව රුපියල් මිලියන 600 ක් ආයෝජනය කර තිබෙන අතර ඉතිරි කොටස් ප්‍රමාණය මිලදී ගැනීමට හා සමාගම නගා සිටුවීම වෙනුවෙන් ShoreCap ආයෝජන අරමුදල රුපියල් මිලියන 550 ක් ආයෝජනය කර ඇත.

    යුනියන් බැංකුවේ සභාපති අජිත් ද සොයිසා පවසන්නේ මෙම මිලදී ගැනීම බැංකුවේ කටයුතු විවිධාංගීකරණය කිරීමේ හා පුළුල් කිරීමේ පියවරක් බවයි.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    වලේ වැටුණු හිල්ටන්, ජාත්‍යන්තරයට දෙන මුදල හෙළිකරයි

    ණය අර්බුදයක පැටලී සිටින කොළඹ හිල්ටන් හෝටලය සිය කළමනාකරණ ගාස්තු අඩුකරන ලෙස ජාත්‍යන්තර සමාගමින් ඉල්ලා සිටින අතරතුරදී කළමනාකරණ ගාස්තු ලෙස ගෙවන මුදල පිළිබඳව ප්‍රසිද්ධ කර තිබේ.

    මේ අනුව, කොළඹ හිල්ටන් හෝටලය කළමනාකරණය කරන Hotel Developers (Lanka) සමාගම පවසා තිබෙන්නේ සිය දළ මෙහෙයුම් ලාභ වලින් සියයට 33 ක් කළමනාකරණ ගාස්තු හා අනිකුත් ගාස්තු ලෙස ජාත්‍යන්තර හිල්ටන් හෝටල් සමාගමට ගෙවිය යුතුව තිබෙන බවයි.

    2010 මාර්තු 31 වනදායින් අවසන් වන කොළඹ හිල්ටන් හෝටලයේ නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වන පරිදි 2001 වසරේ සිට 2010 වසර දක්වා හිල්ටන් ජාත්‍යන්තර සමාගමට කළමනාකරණ ගාස්තු හා අනිකුත් ගාස්තු ලෙස රුපියල් මිලියන 1,371 ක් ගෙවා තිබේ.

    Hotel Developers සමාගමේ සභාපති ටී. නඩේසන් පවසා තිබුණේ මෙම කළමනාකරණ ගාස්තු අඩුකර ගැනීම සඳහා මේ වනවිට සිය සමාගම ජාත්‍යන්තර සමාගම සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

    හිල්ටන් ජාත්‍යන්තරය හා කොළඹ හිල්ටන් හෝටලය අතර තිබුණු කළමනාකරණ ගිවිසුම 2007 දෙසැම්බර් 31 වනදා අවසන් වුවත් ඉන් පසුවද කළමනාකරණ ගාස්තු අදාළ ගිවිසුමට අදාළව අයකර ගත්බව වැඩිදුරටත් සඳහන්ය.

    සිය හෝටලයේ ප්‍රාග්ධනය විශාල ලෙස අඩුවීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොළඹ හිල්ටන් හෝටලයේ කළමනාකාරීත්වය මේ නොවැම්බර් 21 වනදාට විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා තිබෙන අතර 2010 මාර්තු 31 වනදා වනවිට මෙම සමාගම රුපියල් බිලියන 10.3 ක දැවැන්ත පාඩුවක් වාර්තා කර ඇත.

    මීට අමතරව, සමාගමේ ශුද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 4,773 කින් සෘණ තත්ත්වයට වැටී තිබේ.

    මෙම සමාගම මේ වනවිට පැටලී සිටින ණය අර්බුදයෙන් ගොඩගෙන කොළඹ හිල්ටන් හෝටලය නගා සිටුවීම සඳහා රජය සමගද සාකච්ඡා කරමින් සිටී.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මලික් කාදර් විනිමය කොමිසමෙන් ඉවතට


    ලබන සතියේ සිට නව පත්වීමක්

    කොළඹ කොටස් වෙළඳ පොළේ වංචාවන්ට විරුද්ධව කටයුතු කළ සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර් මහතා ගලා ආ බලපෑම් හමුවේ එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

    මේ අනුව, ඔහු විනිමය කොමිසමේ දැරූ අදාළ තනතුර වෙනුවට කැබිනට් තීරණයකින් මුදල් අමාත්‍යංශයේ ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස පත්කර තිබෙන අතර කාදර් මහතා එම තනතුරේ ලබන සතියේදී වැඩ භාරගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග සනාථ කරයි.

    පසුගිය කාලයේදී රාවයක් පැතිරගියේ කොළඹ කොටස් වෙළඳ පොළේ වංචාවන් මැඩීමට මැදිහත් වූ මලික් කාදර් මහතා ප්‍රබල ආයෝජකයින් කිහිප දෙනෙකුගේ බලපෑම් මත ඉවත් කිරීමේ උත්සාහයක් තිබෙන බවටයි.

    වෙළඳ පොළ සිද්ධාන්ත වලට පටහැනිව පසුගිය කාලයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ සමහර කොටස්වල මිල ගණන් විශාල වශයෙන් වැඩිවූ අතර ඒ පිළිබඳව ආර්ථික විද්වතුන් පෙන්වා දී තිබුණි.

    කුඩා කොටස් ආයෝජකයින් නොමග යන අන්දමින් වෙළඳ පොළ සිද්ධාන්ත වලට පරිබාහිරව මෙවැනි කොටස් මිල සූක්ෂම අයුරින් වැඩිකිරීම නිසා මෙම කොටස් මිලදී ගන්නා ආයෝජකයින් අනාගතයේදී අර්බුදයකට පත්වන බව ඔවුහු පැවසූහ.

    මේ අතර, කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් ගනුදෙනු කිරීමේදී සිදුව ඇතැයි කියන වංචා හා අසාමාන්‍ය වෙළඳ පොළ ක්‍රියාකාරකම් 50 ක පමණ සංඛ්‍යාවක් පිළිබඳව පැමිණිලි ලැබී තිබෙන බවත් ඒවා ගැන විමර්ශන ආරම්භ කර තිබෙන බවත් සුරැකුම් පත් හා විනිමය කොමිසම මීට පෙර අවස්ථාවක සඳහන් කළේය.

    අභ්‍යන්තර තොරතුරු රැගෙන වංචනික ලෙස කොටස් ගනුදෙනු කිරීම (insider dealing) පිළිබඳ පැමිණිලි ගැනද කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව එහිදී පවසා තිබුණි.


    http://www.vimasuma.com/index.php?o...icle&id=3448&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කාදර් ගියබව කියද්දී කොළඹ කොටස් ඉහළට


    නැගී ආ බලපෑම් හමුවේ සුරැකුම් පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් මලික් කාදර් මහතා ඉවත්වූ බව අනාවරණය වෙද්දී කොළඹ කොටස් වෙළඳ පොළ මෑත කාලයේදී වාර්තාවූ ඉහළම වැඩිවීම අද පෙන්වා ඇත.

    මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 2.71 කින් වැඩිවී ඒකක 6,452.28 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 2.49 කින් වැඩිවී ඒකක 5,743.55 ක්වී තිබේ.

    දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.5 කි.

    අද දිනයේදී ජෝන් කීල්ස් කොටසක් රුපියල් 6.90 කින් වැඩිවී රුපියල් 195 ක්වූ අතර කොටස් 108,400 ක් ගනුදෙනු වී තිබේ.

    Bukit Darah කොටසක් රුපියල් 58.90 කින් වැඩිවී රුපියල් 1,089 ක්ද, HVA Foods කොටසක් රුපියල් 5.80 කින් වැඩිවී රුපියල් 47 ක්ද, Colombo Land & Development Company කොටසක් රුපියල් 7.20 කින් වැඩිවී රුපියල් 62.50 ක්ද වෙද්දී Bimputh Lanka Investments කොටසක් රුපියල් 5.30 කින් වැඩිවී රුපියල් 47.50 ක්වී ඇත.

    මීට අමතරව, ඩයලොග් කොටස් මිලියන 14.3 ක් අද ගනුදෙනු වුවත් කොටසක මිල රුපියල් අටක් ලෙස නොවෙනස්ව තිබුණි.

    ගනුදෙනු අවසානයේදී හේලීස් කොටසක් රුපියල් 16.80 කින් වැඩිවී රුපියල් 387.80 ක්වූ අතර කොටස් මිලියන166,600 ක් ගනුදෙනු වී තිබේ.


    http://www.vimasuma.com/index.php?o...icle&id=3450&catid=50:puwatharthika&Itemid=56
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    unled2o.jpg
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ගල් ටයර් වෙනුවෙන් ආයෝජනයට ලාෆ්ස් සූදානම්
    Laugfs gas unit invests in solid tyre venture


    ාෆ්ස් සමාගම් සමූහයට අයත් අපනයන වෙළඳ පොළ ඉලක්ක කර ගල් ටයර් (solid tyre) නිපදවන සමාගම වෙනුවෙන් රුපියල් මිලියන 150 ක ආයෝජනයක් සිදුකිරීමට ලාෆ්ස් ඉකෝ ශ්‍රී සමාගම සූදානම් වේ.

    මේ අනුව, ලාෆ්ස් ගෑස් සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ Laugfs Corporation (Rubber) Ltd සමාගම වෙනුවෙන් මෙම මුදල් ආයෝජනය කරන බවයි.


    http://vimasuma.com/index.php?optio...icle&id=3510&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ලංකාවේ උපන් MillenniumIT දිල්ලියට පණදීමට සැරසෙයි


    ශ්‍රී ලංකාවේ ආරම්භ වී දැනට ලන්ඩන් කොටස් වෙළඳ පොළේ අනුබද්ධ සමාගමක් බවට පත්වී තිබෙන MillenniumIT සමාගම ඉන්දියාවේ දිල්ලි කොටස් වෙළඳ පොළ තාක්ෂණික වශයෙන් සවිබල ගැන්වීමට සූදානම් වේ.

    මේ අනුව, සමාගම සඳහන් කර තිබෙන්නේ නවදිල්ලි කොටස් වෙළඳ පොළට කොටස් ගනුදෙනු හා නිශ්කාෂණය පිළිබඳ නව තාක්ෂණය හඳුන්වා දීමට ගිවිසුම් ගතවී තිබෙන බවයි.

    මෙම ගිවිසුම පිළිබඳව සිය සමාගම සතුටු වනබව MillenniumIT සමාගමේ ප්‍රධාන විධායක ටෝනි වීරසිංහ සඳහන් කර තිබේ.

    ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ ඉන්දියාව වේගයෙන් වර්ධනය වන වෙළඳ පොළක් නිසා මිල අඩු වැඩි වේගයක් සහිතව ගනුදෙනු සිදුකළ හැකි තාක්ෂණික ක්‍රමයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බවයි.


    http://vimasuma.com/index.php?optio...icle&id=3505&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සමාගම් දෙකක කොටස් ගනුදෙනු කිරීම නවතයි

    රජය විසින් වැඩි ඡන්ද 76 කින් පසුගියදා සම්මත කරගත් දේපොළ පවරා ගැනීමේ පනත යටතට වැටුණු සමාගම් දෙකක කොටස් කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු වීම අත්හිටුවා තිබේ.

    මේ අනුව, කොළඹ හිල්ටන් හෝටලය කළමනාකරණය කරන හොටෙල් ඩෙවලොපර්ස් සමාගමේ හා හැරී ජයවර්ධන මහතාට අයත් පැල්වත්ත සීනි සමාගමේ කොටස් ගනුදෙනු කිරීම කොළඹ කොටස් වෙළඳ පොළ විසින් නතර කර ඇත.


    http://vimasuma.com/index.php?optio...icle&id=3502&catid=50:puwatharthika&Itemid=56