කොම්පියුටර් ජිල්මාර්ට් කියලා ජාතියක් නෑ- මංගල
පසුගිය කාලයේ කොම්පියුටර් ජිල්මාර්ට් ගැන විවිධාකාර කතා පැතිරුණා.
ජනාධිපතිවරණ, මැතිවරණ ආදියෙන් පසු ඒවා කම්පියුටර් ජිල්මාර්ට් නිසා සිදුවූවායැයි මහත් ප්‍රචාරයක් ගෙන ගිය ජවිපෙ හා එජාපයේ කණ්ඩායම් අතර ප්‍රධාන වුනේ මංගල සමරවීර මහතාය.
නමුත් මංගල සමරවීර මහතා ඊයේ පැවසුවේ කම්පියුටර් ජිල්මාර්ට් කතාව සම්පූර්ණ බොරුවක් බවයි.
මේ "කම්පියුටර් ජිල්මාර්ට්" කියන කතාව පට්ටපල් බොරුවක්. කම්පියුටර් ජිල්මාර්ට් කතාව අපේ ජන්ද දායකයන්ගේ ඔලුවට දාන්නේ වෙන කවුරුවත් නෙවෙයි ආණ්ඩුවෙන්මයි.
මොකද මේ කතාව ඇහුවයින් පස්සේ අපේම අය අට වෙනිදා උදේම නැඟිටලා කියනවා "කිසි වැඩක් නැහැනේ අපි ජන්දේ දැම්මත් මේ අය දිනවනේ" කියලා. ඒ තත්ත්වය ඇති කරන්න තමයි මේ කම්පියුටර් ජිල්මාර්ට් කතාව කියන්නේ. කම්පියුටර් ජිල්මාර්ට් කතාව බොරුවක් කියලා ඔප්පු කළා කොළඹ ජනතාවත් යාපනයේ ජනතාවත්
දැන් මුන්ම බයිනව ජිල්මාට් කතාව දැම්මෙ ආණ්ඩුව කියල. අනේ ඉතින් මුන්ටනෙ අපි ඡන්දෙ දෙන්නෙ

මම ඒ කාලෙම කිව්ව, කොම්පියුටර් ජිල්මාට් කියල අනන්මනන් එව්ව කරන්න බෑ කියල ඡන්දෙදි. අපේ ඉතින් එළ්කිරියෙ අති පණ්ඩිටයො ඉන්නවනෙ, ඡන්දෙ ගනන් කරන විදිහ පරතරේටම ඉගෙනගත්තු
.එහෙම ඡන්ද ගනන් කරන තැන්වල හොර කරන්න බෑ මචන්ල. ඡන්ද ගනන්කරන තැන්වල ඒ, ඒ පක්ෂවල නියෝජිතයො දාල ඉන්නෙ. අනික ඡන්දෙ ගනන්කරන තැන්වල ඉන්නෙ ආණ්ඩුවේ මිනිස්සු විතරද. තේරීම්බාර නිළධාරීල හැටියට පත්වෙන්නෙ රජයට සපෝර්ට් මිනිස්සු විතරද
?.ආණ්ඩුවට බනින එක වෙනම කතාවක්. කිසිම දෙයක් නොදැන මෝඩයො වගේ සෝමවංශ මහත්ත්ය කිව්ව ගමන් සමහර මිනිස්සු ඒක පිළිගත්ත. මේ වගේ මෝඩ මිනිස්සු ඉන්නකන් ඉතින් මේ රට දියුණු වෙයියැ

