Condoms available in Sri Lanka

kingdewi

Well-known member
  • එළකිරි වගේ සයිට් එකක මේවගේ දෙයක් සාකච්චාවෙන එක මම දකින්නෙ හොඳ දෙයක් විදියට. මේවා හැංගිලා තියෙන්න ඕන දේවල් නෙවේ..!:)

    නමුත් මම්‍ ලබාගෙන තියෙන දැනුම සහ හමුවුන ඇතැම් රෝගීන්ගේ අත්දැකීම් අනුව ඔය විවිධ බෙහෙත් වර්ග පාවෙච්චිය නම් වෛද්‍ය උපදෙස් ඇතුවම කරන්න ඕන.මේවා නිර්දේශ කරනව විවිධ ලිංගික ගැටලු තියන අයට. ඒත් ඉතින් මේ ඉහෙන් බහින රෝගයක් නැති අපේ කොල්ලො මේව ගන්නවනම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න එක සුදුසුයි කියල මම හිතනව.
    මම මේ කිවුවෙ උපත්පාලන ක්‍රම ගැන හෙම නෙවේ:lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරි වගේ සයිට් එකක මේවගේ දෙයක් සාකච්චාවෙන එක මම දකින්නෙ හොඳ දෙයක් විදියට. මේවා හැංගිලා තියෙන්න ඕන දේවල් නෙවේ..!:)

    නමුත් මම්‍ ලබාගෙන තියෙන දැනුම සහ හමුවුන ඇතැම් රෝගීන්ගේ අත්දැකීම් අනුව ඔය විවිධ බෙහෙත් වර්ග පාවෙච්චිය නම් වෛද්‍ය උපදෙස් ඇතුවම කරන්න ඕන.මේවා නිර්දේශ කරනව විවිධ ලිංගික ගැටලු තියන අයට. ඒත් ඉතින් මේ ඉහෙන් බහින රෝගයක් නැති අපේ කොල්ලො මේව ගන්නවනම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න එක සුදුසුයි කියල මම හිතනව.
    මම මේ කිවුවෙ උපත්පාලන ක්‍රම ගැන හෙම නෙවේ:lol:

    Ow, Yahaluwage Kathawet Eththak thiyenawa.. :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Man Teranaya Kela Ape Jeewithaye Lingikawa
    Bo wena Roga gena Podi Toraturu Thikak Ape Yahaluwan Atara geniyanda..

    Eken Nodanna Ayage Denuma Wardanaya karagena E Rogi tatwayan welin Welakila enda Upa kari wey..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලිංගිකව බෝවන රෝග


    ශ්‍රී ලංකාවෙ බහුලව දක්නට ලැබෙන ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන

    උපදංශය
    හර්පිස්
    ගොනෝරියා

    වෙනත් මුත්‍රා මාර්ගයේ ආසාදන
    ලිංගික ඉන්නන්
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වල රෝග ලක්ෂණ
    • ලිංගේන්ද්‍රය ආශ්‍රිතව ස්‍රාවයන් පිටවිම
    මුත්‍රා මාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් එන ස්‍රාවයන්

    • ලිංගේන්ද්‍රිය ආශ්‍රිත තුවාල
    • ලිංගේන්ද්‍රිය ආශ්‍රිත දිය බුබුලු වැනි ඉදිමිම්
    • ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ගැටිති හෝ එවැනි වර්ධනය විම්
    • ලිංගේන්ද්‍රිය ඉදිමිම හො රතු විම
    • වෘෂණ කෝෂය ඉදිමිම
    • කාන්තාවන්ගේ යටිබඩ වේදනා
    • මුත්‍රා කිරිමේ දී වේදනාවක් ඇතිවිම,සහ නිතර නිතර මුත්‍රා පිටවිම වැනි මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග ලක්ෂණ
     
    • Like
    Reactions: CoolCartoon

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙම රෝග සදහා වැඩි අවදානමක් ඇත්තේ කාටද?

    • සහකරුවන් කිහිප දෙනෙකු සිටින පිරිස්
    • ගණිකාවන්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලිංගිකව සමිප්‍රේෂණය වන රෝගවල අයහපත් ප්‍රතිථල


    • කාන්තාවන් වදභාවයට පත් කරන, පැලොපියනාල ද්‍රබලතා සදහා ප්‍රධානතම හේතුවක් වන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයි.
    • ප්‍රතිකාර නොකරන ලද උපදංශ‍ය රෝගයේ මුල් අවස්ථාවලදී නියමිත
      ප්‍රතිකාර හේතුවෙන් මළදරු උපත් 4කින් එකක් සහ නවජ මරණවලින් 14%ක් සිදුවෙයි.
    • ලිංගික සම්ප්‍රේෂණය වන රෝග අතරින්වඩාත් බරපතල රෝගයක් වන පැපිලෝමා වයිරස් (ලිංගික ඉන්නන්) රෝගය, ගැබ් ගෙල පිළිකා සදහා හේතු සාධකයකි.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගොනෝරියා - රෝග ලක්ෂණ



    • කාන්තාවන්ගේ
      • සාමාන්‍යයෙන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. නමුත් යෝනි මාර්ගයෙන් පිටවන ස්‍රාවයන්, මුත්‍රා දැවිල්ල ,සංසර්ගයෙන් පසු සුළු වශ ප්‍රමාණයකින් සිදුවන රුධිර වහනය යටි බඩේ වේදනාව සම්බන්ධයෙන් ඔවුන් පැමිණිලි කිරිමට ඉඩ ඇත.
    • පුරුෂයින්
      • මුත්‍රා මාර්ගයෙන් ස්‍රාවයක් පිටවිම
      • මුත්‍රා දැවිල්ල
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හර්පිස්- රෝග ලක්ෂණ



    • කාන්තාවන්ගේ
      • යෝනි මාර්ගය, ගුද මාර්ගය හෝ කලවා ආශ්‍රිතව, වේදනාකාරි, දියර පිරි බිබිලි වැනි තුවාල ඇතිවේ. මෙමගින්, තවද මුත්‍රා දැවිල්ල, යෝනි මාර්ගයෙන් දියරමය ස්‍රාවයක් පිටවීමද සිද්‍රවිය හැක.

    • පුරුෂයින්ගේ
      • ශිෂ්ණයේ ඇතිවන වේදනාකාරි තුවාල, මුත්‍රා මාර්ගයෙන් පිටවන ස්‍රාවයන් හා මුත්‍රාශයේ දැවිල්ල මෙහි රෝග ලක්ෂණයි.
      • හිසේ කැක්කුම, කොන්දේ කැක්කුම, උණගතිය හා ඇගේ පතේ රුදාව ද ඇතිවිය හැක.
      • 70 %ක් පමණ දෙනා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. මුලින්ම ඇතිවන මෙම රෝග ලක්ෂණ සති 2-4 අතර කාලයේ දී සුවවේ.
      • රෝගය වැළදුණු පුද්ගලයන්ගෙන් අඩකටත් වඩා නැවත නැවතත් රෝගය උත්සන්නවිම් වලට මුහුණ දෙයි. මුල් අවස්ථා හා සැසදිමේ දී මෙහිදි ඇතිවන තුවාල හා වේදනාව අඩුය. මෙවැනි අවස්ථාවකට පෙර වේදනාව, කලවා , උකුල හා කෙන්ඩා ප්‍රදේශ හිරිවැටිම ආදි ලක්ෂණ දක්නට ලැබේ.
     
    • Like
    Reactions: sam@ and Zipozite

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ක්ලැමිඩියා ආසාදනය - රෝග ලක්ෂණ



    • කාන්තාවන්ගේ
      • බොහෝ විට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. ඇතැම් විට මුත්‍රා දැවිල්ල, යටි බඩේ කැක්කුම හා සංසර්ගයෙන් පසු රුධිර වහනය ආදිය ඇතිවිය හැකිය.

    • පුරුෂයන්ගේ
      • ඇතැම්විට රෝග ලක්ෂණ නොපෙන්වයි. මුත්‍රා මාර්ගයෙන් ස්‍රාවයක් පිටවිම හා මුත්‍රා දැවිල්ල මෙහි රෝග ලක්ෂණවේ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උපදංශය - රෝග ලක්ෂණ



    • කාන්තාවන්ගේ
      • වේදනාවක් රහිත තුවාල ලිංගේන්ද්‍රිය,ගැබ්ගෙල , නාසය ,මුඛය හෝ ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවේ. ශරීරය තුළ ඇතිවෙන තුවාල නොදැක පැවතිය හැකි අතර එවැනි අයගේ මුල්ම රෝග ලක්ෂණය ලෙස ද්විතියික උපදංශය අවස්ථාවේ ඇතිවන ඇගේ පලු දැමිම දැක්විය හැක.
    • පුරුෂයින්ගේ
      • ශිෂ්ණය, නාසය, මුඛය , ගුද මාර්ගය හෝ වෘෂණ කෝෂ ආශ්‍රිත වේදනා රහිත තුවාල ප්‍රතිකාර නොගතහොත් ද්විතියික උපදංශය දක්වා උග්‍ර විය හැක.
      • මුලින් ම ඇතිවන තුවාල සති කිහිපයකින් සුවවන අතර , ඉන්පසු කැසිමකින් තොරව සිරුරේ පලු දැමිමක්, ඇ‍ගේ පතේ රුදාව, උණ, කුද්දටි ඉදිමීම, අක්මා ප්‍රද්‍රහය (හෙපටයිටිස්) , හන්දිපත්රැදාව (ආතරයිටිස් )හා හිස‍කෙස් හැලියාම යන තත්ත්ව ඇතිවිමක් සිදුවේ. මේ ලක්ෂණ සති හෝ මාස ගණනක් පැවතිය හැක.
      • ප්‍රතිකාර නොගතහොත් අන් අයට බෝ නොවන තෘතියික උපදංශ අවස්ථාව ඇතිවේ. මෙය ස්නායු පද්ධතියට හා හෘදය වස්තුවට ද බලපැම් ඇති කරයි. මෙ මගින් මරණය පවා ඇතිවිය හැක.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    HIV / AIDS

    HIV යනු AIDS රෝගය (Acquired Immune Deficiency Syndrome)සාදන වයිරසයයි. HIV මගින් ක්‍රම ක්‍රමයෙන් ශරිරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලකර රෝගවලට එරෙහිව සටන් කිරිමට සිරුරට ඇති හැකියාව අඩු කරයි.
    HIV ආසාදනය වුනු පුද්ගලයකුට කිසිදු රෝගයක් නොපෙන්වා වසර ගණනාවක් ජිවත්විය හැක. නමුත් අවසානයේ දී AIDS තත්ත්වය ඇතිවේ. එහිදී ශරිරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ වී ඇති බැවින් රෝගවලට එරෙහිව සටන් කිරිමේ හැකියාව‍ නොමැති වී නිරෝගි පුද්ගලයන් ආසාදනය නොකරන අවට පරිසර‍යේ සාමාන්‍යයෙන් පවතින බැක්ටිරියාවන්ගෙන් ඇතිවන ඉතා දරුණු ආසාදන තත්ත්වයන්ට ගොදුරුවේ.
    HIV ඒක් පුද්ගලයකුගෙන් තවත් කෙනෙකුට බෝ වන්නේ අනාරක්ෂිත ලිංගික එක්විමකිනි. ආසාදිත මවගෙන් ගර්භනි සමයේදී වැදෑමහ ඔස්සේ ද, දරු උපතේදී හෝ මව්කිරි දීමේ දී රෝගය දරුවාට බෝ විය හැක. ආසාදිත පුද්ගලයකු භාවිත කල ඉදිකටු, සිරින්ජ්, විෂබීජහරණය නොකර තවත් අයෙකු විසින් භාවිතා කිරිම් රෝගය පැතිරෙන තවත් ක්‍රමයකි. ආසාදිත රුධිරය පාරාවිලනය මගින් ද රෝගය බෝවේ. නමුත් සිපගැනිම නිසා HIV ආසාදනය සිදු නොවේ.
    HIV හෝ සුව කළ නොහැකි රෝගි තත්වයක් වුවද , ඇන‍ටිරෙට්රොවයිරල් තෙරපි (ante-retroviral therapy) එනම් HIVවලට එරෙහිව ක්‍රියා කරන ඖෂධ මගින් රෝගය සිරුර තුළ පැතිරිම පමා කරන අතරම, AIDS රෝගින්ගෙ සෞඛ්‍ය තත්ත්වය යහපත් කරවා ජිවිතාපේක්ෂාව වැඩි කරයි. මෙම ඖෂධ මගින් දරු ප්‍රසුති‍යේ දී මවගෙන් දරුවාට රෝගය බෝ විම ද අවම කෙරේ. රෝගින්ට ඇතිවන විවිධ ආසාදන තත්ත්වයන්ටද අවස්ථානුකුල ලෙස ප්‍රතිකාර කළ හැක.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    HIV පිළිබද සත්‍ය නමි

    • සෑම පැයකදීම පුද්ගලයන් 583 දෙනෙක් HIV ආසාදානයට ගොදු‍රුවේ.
    • සෑම දිනකම ආසාදිත පුද්ගලයන් 14,000ක් අලුතෙන් හදුනාගැනේ
    • සෑම පැයකදීම 333 දෙනෙක් AIDS නිසා මරණයට පත්වේ.
    • සෑම දිනකදීම AIDS නිසා මිය යන සංඛ්‍යාව 8000කි.
    HIV ආසාදනයේ ස්වභාවික ඉතිහාසය
    HIV ආසාදිත පුද්ගලයෙකු රෝග ලක්ෂණ නොපෙන්වා බොහෝ කාලයක් (වසර ගණනාවක්) ජිවත් විය හැක. මේ කාලය තුල දී අනාරක්ෂිත ලිංගික සංසර්ගය තුලින් වෙනත් පුද්ගලයන් බොහෝ සංඛ්‍යාවක් වෙත රෝගය පැතිරවිමට ඉඩ ඇත. නමුත් කල් යාමේ දී සිරුර තුළ වයිරස ගුණනය විම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවීමේන් විවිධ රෝග ලක්ෂණ ඇතිවේ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    HIV/ AIDS පිළිබදව ඔබ දැනගත යුතු දේ

    මුඛ සංසර්ගය කෙතරමි අවදානමිද?

    මේ හරහා ද HIV ආසාදනය විමේ හැකියාවක් පවති. HIV ආසාදනය ශුක්‍ර තරලය හෝ වෙනත් තරලයන් මුඛයේ ඇති තුවාල, කැපුම්, සිරිම් ආදියේ ස්පර්ශ විම තුලින් මෙලෙස රෝගය පැතිරේ. නමුත් ඛේටයේ පවතින වයිරසය සාන්ද්‍රණය ඉතා අඩු නිසා මේ ක්‍රමය මගින් රෝගය පැතිරිමේ සම්භාවිතාව අවමය.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සමලිංගික කාන්තාවන්ට HIV වැළදිමේ අවදානමක් පවතී ද?


    HIV ආසාදිත කාන්තාවකගෙ යෝනි ස්‍රාවයන්, නිරෝගි කාන්තාවකගේ යෝනි මාර්ගයට ඇතුළු වීමෙන් රෝගය බෝවිමේ න්‍යායික අවදානමක් පවති.




    අනාරක්ෂිත ගුද මාර්ගයේ සංසර්ගයෙන් HIV ආසාදනය විමේ හැකියාව යෝනි මාර්ගික හෝ මුඛ සංසර්ගයට වඩා වැඩිද?


    අනාරක්ෂිත ගුද මාර්ගික සංසර්ග මගින් රෝගය වැළදිමේ හැකියාව වැඩිය. ගුද මාර්ගය ආවරණය කරන සෛල ස්තරය යෝනි මාර්ගයේ ඇති සෛල ස්තරයට වඩා ඝණකමින් අඩු බැවින් පහසුවෙන් හානියට ලක් වී, සංසර්ගය අතරතුරේ පහසුවෙන් රුධිර වහනයක් සිදු විය හැක. ආසාදිත ‍රුධිරය හෝ තරලයන් නිරෝගි පුද්ගලයාගේ රුධිරය හා මිශ්‍රවිම මෙහිදි පහසුවෙන් සිදුවේ.
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    HIV අනෙකුත් ලිංගිකව සමිප්‍රේෂණය වන රෝග අතර සබදතාවයක් තිබේද

    HIV ආසාදිත තැනැත්තෙකුට වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් පැවතිම නිසා ඔහුගෙන් වෙනත් අයට HIV පැතිරිමේ ඉඩකඩ වැඩිවේ. එය‍ට හේතුව ඔවුන්ගේ ලිංගාශ්‍රිතව පවතින තුවාලවලින් සංසර්ගයේ දී පහසුවෙන් රුධිරය පිටවිම හෝ ඔවුන්ගේ ලංගික ස්‍රාවයන් අධික වීමයි.
    ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයන් ආසාදිත (විශේෂයෙන් ම ලිංගාශ්‍රිත තුවාල ඇති කරන උපදංශය හා හර්පිස් වැනි) HIV ආසාදිත නොවන අයෙකුට සංසර්ගයේදී HIV සම්ප්‍රේෂණය විමේ වැඩි අවදානමක් පවති.
    ලිංගික සංසර්ගයේ දී කොන්ඩම් භාවිතා කිරිම HIV ඇතුලුව සියලුම ලිංගික සම්ප්‍රේෂණය වන රෝග වළක්වා ගැනිමේ හොදම මගයි.