Cooling System - මෝටර් රථයක සිසිලන පද්දතිය

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Cooling System - මෝටර් රථයක සිසිලන පද්දතිය

    සිසිලන පද්ධතිය කියන්නේ මෝටර් රථයක ඉතාමත්ම වැදගත් පද්ධතියක්. තාපය ඉවත් කර එන්ජිම නියමාකාරයෙන් වැඩ කරන්න සිසිලන පධතිය ඉතාමත් වැදගත් වෙනවා.
    සිසිලන පද්ධතියේ මූලික ක්‍රියාකාරිත්වය

    අපි පිටින් නොදුටුවාට වාහනයක එන්ජින් බඳ නැතිනම් බ්ලොක් (Engine block) එක තුල එකිනෙකට සම්න්බන්ධ කුහර විශේෂයක් තිබෙනවා. මෙම කුහර තුල හැම විටම ජලය නැතිනම් සිසිලනකාරකය හෙවත් කූලන්ට් (Coolant) ගමන් කරමිනුයි පවතින්නේ. පහත රූපයේ ඇත්තේ සිලින්ඩර් හෙඩ් එක ඉවත් කල පසු එම කුහර දකින ආකාරයයි


    Engine block

    එන්ජිමට සම්බන්ධවන ජල පොම්පයක් නිරන්තරයෙන්ම මෙම පොම්ප කිරීම සිදු කරනවා. මෙලෙස ගමන් කරන කූලන්ට් එක මගින් එන්ජිමේ නිපෙදවන අමතර තාපය අවශෝෂණය කර ගනු ලැබේ. මෙලෙස තාපය අවශෝෂණය කරගත් අධික උනුසුමක් සහිත කූලන්ට් එක රේඩියෙටර් (Radiator) හෙවත් විකීරකය නමින් හැඳින් වෙන කොටසට ගමන් කරනු ලබනවා. ඉන්පසු රේඩියේටරයේ ඉහල ටැංකියේ (Top tank) සිට පහල ටැංකිය (Bottom tank) දක්වා රත්වූ කූලන්ට් එක ගමන් කරන අතර, මෙලෙස ගමන් කිරීමේදී රේඩියේටර් බඳ මගින් එහි වූ තාපය උරාගනු ලැබීම සිදුකරනවා. මේ අතරතුර රේඩියේටර් බඳ හරහා පංකාව මගින් වාතය ගමන් කරවන අතර එමගින් මෙම සිසිලන ක්‍රියාවලිය කාර්ය්‍යක්ෂම ලෙස සිදුකරනු ලබනවා. මෙලෙස සිසිල් උනු කූලන්ට් එක පහල ටැංකිය වෙත පැමිනේ. ඉන්පසුව නැවතත් එන්ජිමේ බඳ තුලට පොම්ප කර ඉහත ක්‍රියාවලියචක්‍රාකාරව සිදු වේ.
    ඉහත අපි ඉගෙන ගත්තේ සිසිලන පද්ධතියේ මුලික ක්‍රමවේදයයි. මෙය වඩාත් ආරක්ෂිත හා කාර්ය්‍යක්ෂම (Safely & efficiently) කිරීමට තවත් උපාංග කිහිපයක් එකතු වෙනවා.

    අපි දැන් මෙම උපාංග එකින් එක හඳුනා ගමු.


    සිසිලන පද්ධතියේ කොටස්


    1 – රේඩියේටරය (Radiator)


    Radiator

    මෙහි මූලික කොටස් 3 ක් අපිට හඳුනා ගන්න පුලුවන්. ඒ ඉහල ටැංකිය (top tank), පහල ටැංකිය (bottom tank) හා බඳ (core) ලෙසයි.රේඩියේටර් හෝස් වලින් උණුසුම් කුලන්ට් එකතුවීම සිදුවනේ ටොප් ටෑංක් එක තුලයි. ඉන්පසු බඳ හරහා කූලන්ට් ගමන් කර සිසිල් වී බොටම් ටෑංක් එක වෙත එකතු වෙනවා.



    radiator cap



    2 – පීඩන වැස්ම / ප්‍රෙෂර් කැප් (Pressure cap)


    පද්ධතිය තුල අධික පීඩනය පාලනය කරීම මෙමගින් සිදු කරනු ලබනවා. මෙය විවෘත වී වැඩි පීඩන අවස්ථාවේදි කූලන්ට් එක අමතර ටැංකිය වෙත ගමන් කිරීමට සැලැස්වීමත් පීඩනය අඩුවූ විට අමතර ටැංකියෙන් කූලන්ට් නැවත රේඩියේටරයට ලබා දීමත් සිදු කරනවා.


    3 – අමතර ටැංකිය (Reserve tank / Expansion tank)

    expansion tank

    මෙහි අමතර කූලන්ට් ප්‍රමාණයක් තබා ඇති අතර පීඩනය වැඩිවී රේඩියේටරයෙන් එලියට එන කූලන්ට් එකතු වීමත් පීඩනය අඩුවූ විට නැවත එය ලබා දීමට රැස්කර තැබීමත් මෙහි සිදු වෙනවා



    thermostat valve


    4 – තර්මොස්ටැට් වැල්වය (Thermostat valve)


    එන්ජිමක් සාමාන්‍යෙන් සෙල්සියස් අංශක 85 – 93 වගේ උෂ්ණත්වයක ක්‍රියාත්මක විය යුතුයි. මෙය ප්‍රශස්ථ උෂ්ණත්වය ලෙසින් හඳුන්වනවා. මෙම උෂ්ණත්ව පාලනය සිදු කරන්නේ තර්මොස්ටැට් වැල්වයයි. එන්ජිම නියම උෂ්ණත්වයට ලඟාවෙනකම් කූලන්ට් රේඩියේටරය වෙත ගොස් සිසිල් වීම මෙමගින් වලක්වනවා. මෙය පිහිටා ඇත්තේ රේඩියේටරයත් එන්ජින් බ්ලොක් එකත් අතරමැද ඉහල ටැංකියට කූලන්ට් ගලා යන මාර්ගයෙයි.


    5 – ජල / කූලන්ට් පොම්පය (Water/Coolant pump)

    water pump


    එන්ජිමට සම්බන්ධ පුලියකින් ක්‍රියාත්මක වන පොම්පයකි. එන්ජිම තුල කුලන්ට් පොම්ප කිරීම සිදු කරන්නේ මෙමගිනි.



    radiator fan




    6 – රේඩියේටර් පංකාව(Radiator fan)
    මෙය වාහන වර්ගය අනුව රේඩියේටරයට ඉදිරි පසින් හෝ පසුපසින් පිහිටිය හැක. සාමාන්‍යෙන් තාප සංවේදකයක් මගින් හෝ එන්ජිමට සම්න්ධ බෙල්ට් එකක් ආදාරයෙන් ක්‍රියාත්මක වේ.



    7 – හීටර් කොර් (Heater core)
    heater core

    මෙය එන්ජිමේ සිසිලන ක්‍රියාවලියට ඍජු සම්බන්ධ්යක් නැති නමුත් එම පද්ධතියෙහි කෙලවරකඇතිඋපකරණයකි. මෙය කුඩා රේඩියෙටරයක් සහ පංකාවකින් සමන්විතවේ. ඔබ වාහනයේ වායු සමීකරණ පද්ධතිය නිරික්ෂණය කලොත් ඔබට එහි උෂ්ණව්ත්ව පාලක කොටසේ රතු පැහැතින් යුතු පෙදෙස දකින්න පුලුවන්. මෙමගින් සීතල දිනවල මගීන් සිටින කොටසේ (Passenger compartment) උෂ්ණත්වය ඉහල නැංවීමට කටයුතු කරනවා.


    ඉස්සුවේ මෙතනිං
     
    Last edited:

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    bump niyamai ban :baffled: me tiyenne mage cooling system eka :lol:
    5dnjt3.jpg


    apita kohenda ban wahana :(