බයෝ වෙපන් සින් එක කාලයක් තිස්සේ සාකච්චා වෙන දෙයක්. කොරොනා කතාව මොකක්ද කියලා තාම කියන්න ඉක්මන්වැඩියි. නමුත් පරන සින් ටිකක් මතක් වුනනිසා ලියන්න හිතුවා.
මොංගල් අධිරාජ්‍යයන් ( ඉන්දියවේ මුගල් වරුන් සමග පටලවාගන්න එපා.) යුරෝපයට ගහද්දි මහමාරිය වැලදි මියගිය මලමිනි සතුරන්ගේ පැත්තට කැටපෝල් කරලා වෙපන් එකක් විදිහට බාවිතා කලා. මේක නිසා පසුකාලයේ යුරෝපය වසා පැතිරගිය බ්ලැක්ඩෙත් වලටත් හේතුවුනා කියන එක ප්‍රකට රහසක්.
ලෝක යුද්ධ වල කෙමිකල් වෙපන් භාවිතා වුනා වගේම බයෝ වෙපන් භාවිතා කරන්නත් උත්සහ දරා තියනවා. බ්‍රිතාන්‍ය ප්ලැන් එක්ක ගැහුවා ඇන්ත්‍රැක්ස් ජර්මන් වගාබිම්වල පතුරන්න. සම්පුර්නයෙන්ම පශුසම්පත් විනාශ කරන්නයි බලාපොපොරොත්තු වුනේ. මේකට පරික්ෂන කලා බ්‍රිතාන්‍යයට ලග දුපතක. අදටත් දූපත වහලා තියෙන්නේ.
ඒ වගේම චිනයට එදිරිව ජපානය විසින් ලෝක යුද්ධ වලට සමකාලිනව මහමාරිය බයෝ වෙපන් එකක් ලෙස භාවිතා කරන්න ගුවනින් ඉහගෙන ගිය අවස්ථාවක් හමුවෙනවා.එච්චරම පැතිරුනේ නැතත් යම් ප්‍රමාණයක හානි සිදුවුනා .
අනික ඔයාලා දන්නවාද පලවෙනි ලෝක යුද්ධය නවත්තන්නත් වසන්ගත රෝග හේතුවුනා කියලා. පලවෙනි ලෝක යුද්ධයට සමකාලිනව පැතිරගිය දරුනු උණ වසන්ගතය නිසා රට රටවලට සේනාවලට සේබලුන් හොයාගන්න පවා අමාරු වුනා කියලා වාර්තා තියනවා. මේක පලමු ලෝක යුද්ධය අවසන් කරන්න නිගෝෂියේෂන් එකකට එන්න කරුනක් වුනා.
සියවසේ මුල ඇන්ත්‍රැක්ස් භිතිය මතක ඇති යාලුවන්ට. ලියුම් කවර වල එහෙම දාලා ආවේ. ලංකාවෙත් බය පැතිර ගියා ඒ කාලේ. සමාජ මධ්‍ය තිබුනේ නැ. ලංකාවේ එම්බසි වලත් ආරක්ෂාව තර කරලාතිබ්බේ. කාලේ ප්‍රැන්ක් වලට ලියුම් කවර වලට පවුඩර් දාලා යවලා ලොකු කලබගැනි වුනා. විසා ගන්නගිය පිරිසකගේ සැකසහිත දෙයක් තිබ්බා කියලා පූල් එකක නාවලා තිබ්බා. මේ වගේ කතා ගොඩයි. ලංකාවේ පත්තරත් රස කර කර මෙිවා ලිව්වා.
මේ කතා ටිකක් විතරයි. වැඩ අස්සේ ලියන නිසා ගොඩක් විස්තර කරන්න අමාරුයි.